මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් : පොලිසිය කියයි

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් : පොලිසිය කියයි

හලාවත කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්. සුළඟ නිසා ගින්න නිවීමට බාධා (01.08.2026)

රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු (1) මරුට


මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් : පොලිසිය කියයි

(01.08.2026 – hirunews.lk)

මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන් තත්ත්වයක් පවතින බව පොලිසිය පවසනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව සඳහා කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තත්ත්වය සමතයකට පත් කිරීම සදහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මේ වන විට සිදුකරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.

+++

+++

මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට පියවර

(01.08.2026 – 17:53 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගත්තේය.

වාර්තාවනුවේ හටගත් මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන්ද කැඳවා ඇති අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

අද (01) පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණියද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නොමැත.

ඒ අනුව ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එම ස්ථානයේ රැඳී සිටින ඥාතීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසුණු බවය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත ෴

+++

+++

+++

+++

+++

+++

+++

+++

+++

+++

+


හලාවත කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්. සුළඟ නිසා ගින්න නිවීමට බාධා (01.08.2026)

(කරදරකාරී පසුබිම් සංගීතය කපාහැර විඩියෝව නරඹන්න)

+


රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු (1) මරුට

(01.08.2026 – 17:11 +0530 – sinhala.adaderana.lk)

රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුටය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

රත්මලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 ක පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ ෴

+++

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *