දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

මිරිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල – නවතම CCTV දර්ශන (31.07.2026)

මෙට්‍රො බස්වලට රියදුරන් සොයයි…

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු (2) මුදල් වංචාවක

රේල් පාර එල්ලී එල්ලී තිබුණ බලන දුම්රිය මාර්ගය නැවත හදන හැටි – අලුත්ම දර්ශන (31.07.2026)

මාලිමාව දෙකඩ වෙයි | නීතිඥයෝ පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක (01.08.2026)

රවි – ශානි දෙදෙනාටත් මරණ දඬුවම | එල්ල වන බරපතල චෝදනා 11 ක් මෙන්න (01.08.2026)

පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2 ක් ගිලෙයි

කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17 ක් මුහුදට වැටෙයි : ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්

සලේ නැවතත් CID සිරමැදිරියකට? (01.08.2026)


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

(01.08.2026 – 08:22 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවය.

පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම දැනට මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා ඇති තනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුවන්නේ ‘නියමු ක්‍රමවේදය’ යටතේ බව ද සාමාන්‍යයෙන් මෙවැනි නියමු ක්‍රමවේදයක් භාවිත කරනු ලබන්නේ කිසියම් සංඥා දෝෂයක් වැනි සුවිශේෂී හදිසි තත්ත්වයකදී පමණක් වුව ද, බලධාරීන් විසින් මේ වන විට එය ස්ථිර ධාවන ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටින බවට ද ඔහු චෝදනා කර සිටී.

තලෙයිමන්නාරම මාර්ගයට අමතරව මහව – අනුරාධපුර කොට්ඨාශයේ ද සංඥා පිළිබඳ පවතින ගැටලු මෙතෙක් විසඳී නොමැති අතර, එහි ද කටයුතු සිදුවන්නේ තාවකාලික සංඥා ක්‍රමවේදයන් යටතේ බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී.

කෝටි ගණනක මහජන ධනයක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දුම්රිය මේ වන විට අභාවයට යන තත්ත්වයකට පත්ව ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

දුම්රිය ස්ථානවල පවතින මෙම සංඥා දෝෂ සහ රාජකාරිමය ගැටලුවලට බලධාරීන් විසින් නිශ්චිත විසඳුම් ලබා නොදෙන්නේ නම්, තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඒ පිළිබඳව මේ වන විටත් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

එහිදී අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා :

“මේ වෙනකොට තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ගිය සතියේ ඉඳන් ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ දක්වා අදාළ මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම නැහැ. මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා තනි මාර්ගයේ නියමු ක්‍රමය යටතේ දුම්රිය ධාවනය සිද්ධ වෙන්නේ මේ වෙනකොට. ඒක දුම්රිය නියමු ක්‍රමවේදයේ යටතේ ධාවනය කරන්න තියෙන්නේ යම්කිසි සංඥා දෝෂ සහිත තත්ත්වයන් එවැනි විශේෂිත වූ කාරණා සිද්ධ වෙනවා නම් විතරයි. හැබැයි මේක ස්ථිර ධාවන ක්‍රමවේදයකට ගේන එක දිගින් දිගටම කරනවා. මහව අනුරාධපුර කොට්ඨාශයේත් සංඥා පිළිබඳව ප්‍රශ්නය මේ වෙනකම් විසඳිලා නෑ. තාවකාලික සංඥා ක්‍රමවේද දෙමින් කටයුතු කරන්නේ. ඒ තත්ත්වයම මන්නාරම් මාර්ගයටත් නැවතත් උදා වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා ඇති කරපු දුම්රිය මාර්ගය මේ වන විට අභාවයට යන තැනකට ගෙනැල්ලා තියෙනවා. සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල සංඥා පැනල් ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තියෙන්නේ. සංඥා ක්‍රමවේදවල සහ දුම්රිය ස්ථානවල රාජකාරි පිළිබඳව ප්‍රශ්නගත කාරණා තියෙනවා. ඒවට නිශ්චිත විසඳුම් නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන එක ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”


මිරිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල – නවතම CCTV දර්ශන (31.07.2026)

+


මෙට්‍රො බස්වලට රියදුරන් සොයයි…

(01.08.2026 – lankacnews.com)

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම බස් රථ කොළඹ නගරය ආවරණය කරමින් ධාවනය කිරීමට නියමිතය.

මේ අතර ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) සඳහා රැකියා අවස්ථාවලට අයදුම්පත් කැඳවීම් සිදු කරනු ලැබේ.

බර වාහන රියදුරු බලපත්‍රය සහිත, සාමාන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස දක්වා ඇති අතර රුපියල් 115,000 ට වැඩි වැටුපක් ලැබිය හැකි බව සදහන් කෙරේ.

ඊට අදාළ අයඳුම්පත් careers@lankametro.lk ඊමේල් ලිපියනයට හෝ 070 188 6886 වට්ස්අප් අංකයට හෝ නැතිනම් ‘මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම පර්යන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ හැකිය. අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.08.31 වේ ෴


නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු (2) මුදල් වංචාවක

(01.08.2026 – lankacnews.com)

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුමට මුදල් බැර නොකර එම නිළධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය විසින් කල විමර්ෂණයකින් පසු නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම නිළධාරින් දෙදෙනා (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත්, මෙම වංචා කල මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත්, ඒ සදහා එම කාර්යාලයේ තවත් නිළධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිලිබදව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කරනු ලබයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් පසු ඒ පිලිබදව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත ෴


රේල් පාර එල්ලී එල්ලී තිබුණ බලන දුම්රිය මාර්ගය නැවත හදන හැටි – අලුත්ම දර්ශන (31.07.2026)

26-07-2026

+++

31-07-2026

+


මාලිමාව දෙකඩ වෙයි | නීතිඥයෝ පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක (01.08.2026)

+


රවි – ශානි දෙදෙනාටත් මරණ දඬුවම | එල්ල වන බරපතල චෝදනා 11 ක් මෙන්න (01.08.2026)

+


පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2 ක් ගිලෙයි

(01.08.2026 – hirunews.lk)

මහවැලි ගඟේ පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාව සඳහා ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර 2 ක් ගං වතුරට යටවී තිබෙනවා.

දිට්වා ආපදාවෙන් හානියට පත් පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාවන් සිදු කෙරෙන වැඩ බිම මේ අනුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා.

ඊයේ (31) රාත්‍රියේ සිට පවතින අධික වර්ෂාවත් සමගයි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ.

+++

+


කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17 ක් මුහුදට වැටෙයි : ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

(01.08.2026 – hirunews.lk)

කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කරනවා.

අදාළ බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54′ සහ නැගෙනහිර දේශාංශ 079° 32′ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී බවයි සඳහන්.

පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මෙම බහාලුම් මේ වන විට හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතින බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

මෙම බහාලුම් යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් යාත්‍රා මෙහෙයවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස දන්වා සිටිනවා.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසයි සියලුම ධීවර කාර්මිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්

(01.08.2026 – hirunews.lk)

මීගමුව වරායෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වීමත් සමග, ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව සහ ගුවන් හමුදාව, අතුරුදහන් වූ ධීවරයින් සෙවීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය නාවික සහ ගුවන් නිරීක්‍ෂණ යාත්‍රා හා සහායක බලඇණි මේ වන විටත් යොදවා ඇති බව සඳහන්.

එසේම ඒ සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ද යොමු කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ ෴

මීගමුව මුහුදේදී අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ සිටි එක් (1) ධීවරයෙකුගේ සිරුරක් සොයාගත් බව නාවික හමුදාව පවසනවා.

මේ අතර අතුරුදන් වූ බවට පැවසෙන තවත් ධීවර යාත්‍රා 3 ක් සොයා මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴

+++

+


සලේ නැවතත් CID සිරමැදිරියකට? (01.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *