අනුන්ගේ පාර්සල් ගේන්න එපා! – ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

අනුන්ගේ පාර්සල් ගේන්න එපා! – ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

රට රැකපු රණවිරුවන් රවටන ජාවාරම – ජනාධිපතිතුමණි මේවා ගැන හොයලා බලන්න (31.07.2026)

“මේක ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ ආරම්භය වෙනවා, මේ සෙල්ලම් නවත්තන්න” සමන් සැර ගැහිල්ලක් ගහන්නේ (31.07.2026)

ජනපති අනුර පසුකර ඇවිත් මහින්ද මහ රජුට වැන්ද නැට්ටුවෝ (31.07.2026)

මහින්දගේ සරම අස්සේ ඉඳලත් ඉගෙන ගත්තේ ඕවාද ? NPP පිස්සාට චිත්‍රාල්ගෙන් හොඳ උත්තරයක් (31.07.2026)

ජේවිපියට රහස් හොයන්ඩ ලාල්කාන්ත බීලා නහිනවා… තව පොඩ්ඩෙන් පොළොන්නරුවෙන් කනවා (31.07.2026)

ලාල්කාන්තගේ ගොවි සමුළු ප්‍රෝඩාවට කෙළවෙයි… හැමදාම මිනිස්සු රවට්ටන්ඩ බෑ ඕයි (31.07.2026)

ජනපති අනුරගේ අවධානයට – තුනෙන් දෙකේ බලය වනසනසුලුයි – පරිස්සමින් පරිහරණය කරන්න (31.07.2026)

පූජිත් හේමසිරි ගස් යයි! ගස් යන්න කලින් හේමසිරි මෛත්‍රී සහ නිලන්තගේ රහස් කියයි! (31.07.2026)

2026 වත්කම් බැරකම් ලේඛණ කෝ? අල්ලස් කොමිසම නිදිද? (31.07.2026)

විශ්‍රාමික බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක පළමු වරට හෙළි කල අත්දැකීම් (31.07.2026)

කාදිනල්ගේ අත අල්ලාගෙන පැලවත්තට ගිය සුර දූතයෝ බේරුණු හැටි! (31.07.2026)

2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ

කැළණි ගඟ ද්‍රෝණියේ ප‍‍්‍රා.ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්

අනුන්ගේ පාර්සල් ගේන්න එපා! – ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

(31.07.2026 – hirunews.lk)

ගුවන් ගමන් හෝ වෙනත් ඕනෑම සංචාරයක නිරත වීමේදී වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ ගමන් බෑග් (Baggage) ලබාගෙන ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ගුවන්තොටුපළ මගීන් ඇතුළු මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

නොදැනුවත්වම මගීන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ, තමන් ප්‍රවාහනය කරන්නේ කුමක්දැයි පවා නොදැන සාමාන්‍ය පුද්ගලයින් බරපතල ගණයේ අපරාධවලට හසුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

ඉතා සමීප ඥාතීන් සහ හිතවතුන් පවා නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙලෙස යොදාගනු ලබන බවත්, මෑතකදී 19 හැවිරිදි තරුණයෙකුගේ නමින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන්වීමට උත්සාහ කළ සිදුවීමක් ද වාර්තා වූ බවත්, හෙතෙම පෙන්වා දුන්නා.

තමන් විසින්ම ගමන් බෑගය පරීක්ෂා කළ ද පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තැබීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව පෙන්වා දුන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා, ‘නොමිලේ ගුවන් ටිකට් පතක් ලබාදී විදේශගත කිරීමට’ යම් අයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව දැඩි ලෙස සිතා බලන ලෙස ද පවසා සිටියා.

ලොව බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම වන බැවින්, කිසිදු අවස්ථාවක තමන්ට අයිති නැති භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනය කිරීමට එකඟ නොවන ලෙස ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් අවධාරණය කරනවා ෴

රට රැකපු රණවිරුවන් රවටන ජාවාරම – ජනාධිපතිතුමණි මේවා ගැන හොයලා බලන්න (31.07.2026)

+

“මේක ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ ආරම්භය වෙනවා, මේ සෙල්ලම් නවත්තන්න” සමන් සැර ගැහිල්ලක් ගහන්නේ (31.07.2026)

+

ජනපති අනුර පසුකර ඇවිත් මහින්ද මහ රජුට වැන්ද නැට්ටුවෝ (31.07.2026)

+

මහින්දගේ සරම අස්සේ ඉඳලත් ඉගෙන ගත්තේ ඕවාද ? NPP පිස්සාට චිත්‍රාල්ගෙන් හොඳ උත්තරයක් (31.07.2026)

+

ජේවිපියට රහස් හොයන්ඩ ලාල්කාන්ත බීලා නහිනවා… තව පොඩ්ඩෙන් පොළොන්නරුවෙන් කනවා (31.07.2026)

+

ලාල්කාන්තගේ ගොවි සමුළු ප්‍රෝඩාවට කෙළවෙයි… හැමදාම මිනිස්සු රවට්ටන්ඩ බෑ ඕයි (31.07.2026)

+

ජනපති අනුරගේ අවධානයට – තුනෙන් දෙකේ බලය වනසනසුලුයි – පරිස්සමින් පරිහරණය කරන්න (31.07.2026)

+

පූජිත් හේමසිරි ගස් යයි! ගස් යන්න කලින් හේමසිරි මෛත්‍රී සහ නිලන්තගේ රහස් කියයි! (31.07.2026)

+

2026 වත්කම් බැරකම් ලේඛණ කෝ? අල්ලස් කොමිසම නිදිද? (31.07.2026)

+

විශ්‍රාමික බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක පළමු වරට හෙළි කල අත්දැකීම් (31.07.2026)

+

කාදිනල්ගේ අත අල්ලාගෙන පැලවත්තට ගිය සුර දූතයෝ බේරුණු හැටි! (31.07.2026)

+

2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ

(01.08.2026 – hirunews.lk)

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්ව විද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම Z-අගයන් නිකුත් කර තිබෙනවා.

ACADEMIC YEAR 2025/2026
[Based on the results of the G.C.E (A/L) Examination 2025 – (After re-scrutiny)]

+

කැළණි ගඟ ද්‍රෝණියේ ප‍‍්‍රා.ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්

(01.08.2026 – hirunews.lk)

ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව, ජල මට්ටම සැලකිල්ලට ගනිමින් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු ද විවෘත කිරීමට අවශ්‍යතාවක් ඇතිවිය හැකි බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

එබැවින්, ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත්, මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

(එල්නිනෝ ගංවතුර ?)

+++

Realtime Water Level in Major Rivers :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *