ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල අවුලක.. රෝගීන් වෙනත් රෝහල් සොයා යමින්..

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල අවුලක.. රෝගීන් වෙනත් රෝහල් සොයා යමින්..

කොළඹ ෆැක්ටරි දෙකක් (2) බාල හෙල්මට් හදලා මාට්ටු වෙයි – ඔයාගේ හෙල්මට් එකේ SLS නැත්නම් සොරි තමයි (30.07.2026)

නාකියෙකුට ගෙදර යතුරවත් දෙන්නේ නෑ කියපු අය දැන් විශ්‍රාම යන වයස දික් කරන්න යනවා (30.07.2026)

කථානායකට එරෙහිව තවත් අල්ලස් පැමිණිල්ලක් (30.07.2026)

එදා විතරක් සපත්තු දැම්මේ නෑ, සර් මීට පෙර වතුර ඉල්ලලත් නෑ…! PSO උසාවියේ හඬා වැටෙයි (30.07.2026)

බටේ දිගේ ආ මාරයා – වැලිගම (30.07.2026)

‘අද දෙරණ’ – අලුත් පාර්ලිමේන්තුව (2026.07.29)

මේ මුලු ප්‍රොජෙක්ට් එකම කරන්නේ අනුර කුමාරනේ, අනිත් උන් ඩේලි මේකට කෙලිනවා (30.07.2026)

‘හරක් කටා’ එළියට? ත්‍රස්තවාදී චෝදනා ඉවර වෙයි…! හැමෝම පුදුම කළ තීන්දුව මෙන්න (30.07.2026)

නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්

වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඩුවම්

මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට


ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල අවුලක.. රෝගීන් වෙනත් රෝහල් සොයා යමින්..

(30.07.2026 – lankacnews.com)

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල සඳහා රෝහල් පරිපාලනය පිළිබඳ විශේෂඥ සුදුසුකම් සහිත අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම හේතුවෙන් එම රෝහල දැඩි පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ රෝහල් පරිපාලනය පිළිබඳ උපාධි සුදුසුකම් සපිරූ වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම තනතුරට පත් කිරීමට බලධාරීන් වසරකට අධික කාලයක් තිස්සේ පියවර ගෙන නොමැති බවයි.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී ජපානයෙන් ලැබුණු පරිත්‍යාගයක් ලෙස ආරම්භ වූ මෙම රෝහල, මුල් අවධියේදී මෙරට ඉහළම ගුණාත්මකභාවයකින් යුතු සෞඛ්‍ය සේවාවක් සැපයූ ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එහෙත් පසුකාලීනව රෝහල් පරිපාලනය සහ අධ්‍යක්ෂ මණ්ඩලය දේශපාලනීකරණය වීමත් සමඟ එම මහජන විශ්වාසය බරපතල ලෙස පළුදු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

රෝහලේ පවතින පරිපාලනමය දුර්වලතා සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පසුගිය කාලසීමාව තුළ පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී ද බරපතල විගණන විමසුම් අනාවරණය වී තිබුණි. එවන් පසුබිමක, විධිමත් සුදුසුකම් සහිත අධ්‍යක්ෂවරයෙකු පත් කරනු වෙනුවට විවිධ දේශපාලන සබඳතා මත සුදුසුකම් නොමැති පිරිස් රෝහල් පරිපාලනය මෙහෙයවීමට උත්සාහ කිරීම නිසා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.

රෝහල් සභාපති ධුරය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට රෝහලේ දියුණුව පිළිබඳ සැබෑ කැපවීමක් සහිත පිරිස් වෙනුවට දේශපාලන පත්වීම්ලාභීන් පත් කිරීම රෝහලේ අනාගතය අනතුරේ හෙළන්නක් බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.

මෙම පරිපාලනමය බිඳ වැටීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට අවට පවතින පෞද්ගලික රෝහල් වෙත ගොස් අධික මුදලක් වැය කර ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බව ද ඔහු පවසයි.

පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කර රෝහලේ ප්‍රමිතිය යළි ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴


කොළඹ ෆැක්ටරි දෙකක් (2) බාල හෙල්මට් හදලා මාට්ටු වෙයි – ඔයාගේ හෙල්මට් එකේ SLS නැත්නම් සොරි තමයි (30.07.2026)

+


නාකියෙකුට ගෙදර යතුරවත් දෙන්නේ නෑ කියපු අය දැන් විශ්‍රාම යන වයස දික් කරන්න යනවා (30.07.2026)

+


කථානායකට එරෙහිව තවත් අල්ලස් පැමිණිල්ලක් (30.07.2026)

+


එදා විතරක් සපත්තු දැම්මේ නෑ, සර් මීට පෙර වතුර ඉල්ලලත් නෑ…! PSO උසාවියේ හඬා වැටෙයි (30.07.2026)

+


බටේ දිගේ ආ මාරයා – වැලිගම (30.07.2026)

+


‘අද දෙරණ’ – අලුත් පාර්ලිමේන්තුව (2026.07.29)

+


මේ මුලු ප්‍රොජෙක්ට් එකම කරන්නේ අනුර කුමාරනේ, අනිත් උන් ඩේලි මේකට කෙලිනවා (30.07.2026)

+


‘හරක් කටා’ එළියට? ත්‍රස්තවාදී චෝදනා ඉවර වෙයි…! හැමෝම පුදුම කළ තීන්දුව මෙන්න (30.07.2026)

+


නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්

(30.07.2026 – hirunews.lk)

අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වමින් නීතිවිරෝධී ආකාරයෙන් බැංකු ගිණුම්වල මුදල් ගිණුම්ගත කර, එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වැඩ තහනම් කරන ලද උපපොලිස් පරීක්ෂකවරයෙකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘මොට්ටිආරච්චිගේ මහිරු ප්‍රමෝද්’ නමැති වැඩ තහනමට ලක්ව සිටින උපපොලිස් පරීක්ෂකවරයෙක්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (30) දහවල් කාලයේදීයි.

මෙම සැකකරු උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින්, සැකකරුවන්, පැමිණිලිකරුවන්, විත්තිකරුවන් සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වමින් නීතිවිරෝධී ලෙස මුදල් ගිණුම්ගත කර මුදල් විශුද්ධිකරණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ෴


පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්

(30.07.2026 – hirunews.lk)

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීශ්‍රය තුල සැරිසරන දිවියෙකු නිසා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ උඩ පේරාදෙණිය රක්ෂිතයේ සිට පැමිණෙන දිවියා විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට අයත් ගොවි පොළක සිට මී ගව පැටියෙකු මරා දැමීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගෙන් කල විමසීමක දී ඔහු කියා සිටියේ සිසු සිසුවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සලකා මෙම දැනුම් දීම සිදුකල බවයි.

එමෙන්ම මෙම දිවියා සම්බන්දයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට දැනුවත් කල බවත් පශු වෛද්‍ය පීඨයේ සත්ව ගොවිපොළ සදහා අමතර වැටක් සවිකිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළා ෴


වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඩුවම්

(30.07.2026 – hirunews.lk)

තමා යටතේ වෘත්තිය පුහුණුවක් ලබමින් සිටි දාසය (16) හැවිරිදි සිසුවකු හට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගුරුවරයකුට බරපතල වැඩ සහිත වසර 07 ක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න අද (30) නියම කළා.

එම චෝදනාවට රුපියල් 15,000 දඩ මුදලක් ද, අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 02 ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට විනිසුරුවරයා චූදිතට නියම කළා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක (2) අමතර සිර දඬුවමක්ද, අදාල දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අමතර මාස හයක (6) සිර දඬුවමක් ද අධිකරණයෙන් චුදිතට නියම කෙරුණා.

සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ සහතික කළ පාසලක ආරක්ෂාව යටතේ වෘත්තිය පුහුණුව ලබාමින් සිටි දාසය 16 හැවිරිදි සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තා මගින් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇති බව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා මෙම නියෝගය කර සිටියා.

මෙලෙස දඬුවම් නියම වූයේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයකුටයි.

චූදිතගේ වයස හා පෙර වැරදි නොමැති බවට වූ වාර්තා සලකා බලමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් දඩුවම් නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2018 වසරේදී සපුගස්කන්ද පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විචින් චූදිතට එරෙහිව අධිචෝදනා ගොනුකොට තිබිණා.

රජයේ නීතිඥ සචින්තනී ප්‍රනාන්දු නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

සපුගස්කන්ධ පොලිසියේ කොස්තාපල් (98628) සඳරුවන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා ෴


මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට

(30.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, සිරස් අතට ගුවන්ගත වී ගොඩබැසිය හැකි මගී ඩ්‍රෝන යානා (Electric Vertical Take-off and Landing – eVTOL) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (CAASL) විසින් EHang Intelligent සමාගමේ නියෝජිතයන් සහ ගුවන් කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් උසස් මට්ටමේ තාක්ෂණික සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව පසුගිය ජූලි 27 වැනිදා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සමඟ පැවති හමුවෙන් අනතුරුව පැවැත්වූ දෙවැනි සාකච්ඡාව වන අතර, ශ්‍රී ලංකාවේ නවීන ගුවන් ප්‍රවාහන තාක්ෂණයන් ආරක්ෂිතව හා ක්‍රමවත් ලෙස ගවේෂණය කිරීමේ රජයේ ප්‍රයත්නයේ තවත් පියවරක් ලෙස සැලකේ.

එහිදී EHang Intelligent සමාගම සිය නවීන තාක්ෂණික හැකියාවන් සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ඉදිරිපත් කළ අතර, චීන සිවිල් ගුවන්සේවා පරිපාලනය (CAAC) විසින් Type Certificate සහතිකය නිකුත් කළ ලොව ප්‍රථම eVTOL නිෂ්පාදකයා ලෙස තමන්ගේ ජයග්‍රහණයද පැහැදිලි කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ eVTOL Regulatory Sandbox පරිසරයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කරමින්, පර්යේෂණ, සංවර්ධන, ප්‍රදර්ශන සහ පරීක්ෂණ මෙහෙයුම් සඳහා පහසුකම් සලසා දී, අනාගතයේ වාණිජ eVTOL සේවා හඳුන්වාදීම සඳහා ක්‍රමානුකූල මාර්ගයක් සකස් කිරීමේ දැක්මද ඉදිරිපත් කළේය.

තාක්ෂණික සාකච්ඡාවේදී Advanced Air Mobility (AAM) ශ්‍රී ලංකාවේ ගුවන්සේවා පද්ධතියට ආරක්ෂිතව ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුව, සහතික කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම, මෙහෙයුම් සංකල්ප, ගුවන් අවකාශ කළමනාකරණය, යටිතල පහසුකම් සූදානම, ආරක්ෂණ අධීක්ෂණය, ආරක්ෂක කරුණු සහ අන්තර් ආයතනික සම්බන්ධීකරණය ඇතුළු ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ EHang Intelligent සමාගමේ නියෝජිතයන් ද සහභාගී වූහ.

සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසන්නේ, ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂණ ප්‍රමිතීන් සහ නියාමන අවශ්‍යතා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් නවෝත්පාදන තාක්ෂණයන් වගකීමෙන් යුතුව ප්‍රවර්ධනය කිරීමට තම කැපවීම යළි අවධාරණය කරන බවයි. එමෙන්ම, ICAO හි Standards and Recommended Practices (SARPs) අනුව ශ්‍රී ලංකාවේ Advanced Air Mobility සංකල්පය ආරක්ෂිතව හා තිරසාර ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බවද අධිකාරිය සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *