‘රත්මලානේ කුඩු සයිමා’ගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
ඉදිරි මාස දෙකේ (2) ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට රු. ලක්ෂ 02 ක දඩයක්
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
කටාන, දාගොන්න ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට (2) මරු කැඳවූ කන්ටේනර් අනතුර
‘රත්මලානේ කුඩු සයිමා’ගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
(30.07.2026 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ කතරගම මෙන්ම දෙවිනුවර දේවාලයන්හි බස්නායක නිලමේ ‘තිළිණ මධුසංඛ’ට සිදුකළ බව කියන තර්ජනයට අදාළ හඬපටය නිලමේවරයා වෙත වට්ස්ඇප් ඔස්සේ යොමුකර ඇත්තේ පසුගියදා මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘ධනුෂ්ක කෞෂල්‍ය’ හෙවත් ‘රත්මලානේ කුඩු සයිමා’ නැමැත්තා විසින් බවට අනාවරණ වී තිබෙනවා.
මැලේසියානු පොලිසිය සහ මෙරට පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් මොහු ලබන සතියේ මෙරටට රැගෙන ඒමටයි පොලිසිය සැළසුම්කර ඇත්තේ.
‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකු වන ‘රත්මලානේ කුඩු සයිමා’ සිදුකළ අපරාධ රැසක් පිළිබදවද තොරතුරු මේ වන විට හෙළිවී තිබෙනවා.

ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් අදාළ හඩපටය ‘කංජිපානි ඉම්රාන්’ට අමතරව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘උණාකූරූවේ ශාන්ත’ නැමැත්තා සමග සැලසුම්කොට නිලමේවරයාට යැවූ බවයි.
එසේම ‘කංජිපානි ඉම්රාන්’ මේ දක්වා විවිධ අවස්ථාවල සිදුකරන ලද සියලු තර්ජනාත්මක හඩපට ඔහුගේ උපදෙස් මත තමා විසින් අදාළ පාර්ශ්වයන්ට වට්ස්ඇප් ඔස්සේ යැවීමට කටයුතු කළ බවද ‘රත්මලානේ කුඩු සයිමා’ සඳහන් කර තිබෙනවා.
මෙරට පොලිස් කණ්ඩායමක් පසුගියදා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා එරට රැඳී සිටින බවට ලැබී තිබූ විශේෂ බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සඳහායි.
කෙසේ වෙතත් මැලේසියා පොලිසිය සහ මෙරට පොලිස් කණ්ඩායම අදාළ ස්ථානය වෙත ළගාවීමේදී ‘කංජිපානි ඉම්රාන්’ අදාළ ස්ථානයෙන් පළාගොස් තිබූ අතර, ඔවුන්ට අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ‘රත්මලානේ කුඩු සයිමා’ ඇතුළු තිදෙනෙක් (3) පමණයි.
ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් හෙළි කරගත්තා.
මීට වසරකට (1) පමණ පෙර සංවිධනාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පිරිස මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී ‘රත්මලානේ කුඩු සයිමා’ විසින් බේරාගැනීමට කටයුතු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එසේම දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශවල මත්කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන ‘කුඩු අංජු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු ලෙසද මොහු කටයුතු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව දෙදෙනා (2) අතර ඇතිවූ මතභේදයක් මත මොහු ‘කුඩු අක්කා’ නැමැති කාන්තාව සමග එක්වී මහනුවර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර තිබෙන බවටද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා ෴
ඉදිරි මාස දෙකේ (2) ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
(30.07.2026 – hirunews.lk)
‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස දෙක (2) තුළදී නොසිතූ ලෙස වියළි කාලගුණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව භෝග විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඔහු කියා සිටියේ ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් භෝග වගාවට එල්ල වන බලපෑම් අවම කරගැනීමට කෘෂිකර්ම බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතු බවයි.
මේ අතර වර්ෂාව නොලැබුණ ද ජලාශවල දැනට පවතින ජල ධාරිතාව අනුව එය ඉදිරි මාස 03 සඳහා අඛණ්ඩව ජලය සැපයීමට ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.
කෙසේ වෙතත් වෙනස්වන කාලගුණ තත්ත්වයන් මත එහි වෙනස්කම් සිදු විය හැකි බවයි ලබුගම ජලාශයේ නිරීක්ෂණ චාරිකාවට අද (30) එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය සහ ජල කළමනාකරණයක් නොමැතිකමින් කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වෙමින් පවතින බව පොළොන්නරුව, තණමල්විල ආදී ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කළා.
එමෙන්ම රජයේ වී මිල සහ ගබඩා පහසුකම් නොමැතිකමින්ද ගොවීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
මින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තු බලධාරීන් සඳහන් කළේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම හේතුවෙන් ඇතැම් කුඹුරු සඳහා ජලය ලබාදීම නොහැකි බවයි.
එමෙන්ම පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රදේශයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
තණමල්විල ප්‍රදේශයේ පිහිටි වැව් මගින් වගා කෙරෙන අක්කර 115 කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් මේ වන විටත් වියළි කාලගුණය හේතුවෙන් විනාශ වී ඇති බවයි ගොවීන් චෝදනා කළේ ෴
+++
+++
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
(30.07.2026 – hirunews.lk)
‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් කුඩා ධාරිතාවක් සහිත වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ සඳහන් කරනවා.
එසේම ජලාශවල ධාරිතාව අඩුවන නිසා වගා කටයුතුවලදී මෙන්ම අනෙකුත් කටයුතුවලදීත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ජල පරිමාවක් ජලාශවල පවතින බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ.
මේ අතර, සමස්ත වාරි පද්ධතියේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ කන්නයේ දී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබදව තීරණයක් ගැනීමට සිදුවන බව ද අධ්‍යක්ෂ ජනරාල් පවසනවා.
එසේම ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන මහ කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළේ ෴
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට රු. ලක්ෂ 02 ක දඩයක්
(30.07.2026 – hirunews.lk)
සිය බිරිඳ සමග උරණ වී කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි අධිබලැති විදුලි කණුවක නැගි පුද්ගලයාට විදුලිබල මණ්ඩලයට සිදුවු අලාභය ලෙස රුපියල් දෙලක්ෂ එක්දහස් පනස් නමයයි ශත අනුවක (2,01,059.90) මුදලක් ගෙවන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය 21 වැනිදා මෙම පුද්ගලයා අදාළ අධිබලැති විදුලි කණුවක නැගීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදු වුණා.

මේ හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල, දෙනියාය ඇතුළු ප්‍රදේශ රැසක පැය දෙකකට (2) අධික කාලයක් විදුලිය පැවතියේ නැහැ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර, පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
(30.07.2026 – hirunews.lk)
දෙහිවල පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් කියා සිටියේ, සැකකරු ඊයේ (29) දෙහිවල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
26 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු බවට ද මේ වනවිට අනාවරණය වී තිබෙනවා ෴
කටාන, දාගොන්න ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට (2) මරු කැඳවූ කන්ටේනර් අනතුර
(30.07.2026 – 12:37 +0530 – sinhala.adaderana.lk)
කටාන, දාගොන්න ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසළදී සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් වී තිබේ.
අද (30) අලුමය 01:45 ට පමණ බහාලුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් අනතුරට හේතු වූ කන්ටේනර් රථයට ගිනිතබා ඇත.
පසුව කටාන පොලිස් ස්ථානයේ නිලධාරින් හා මීගමුව නගර සභාවේ ගිණි නිවිමේ ඒකකයේ නිලධාරින් පැමිණ ගිනි ගැනීමට ලක්වූ කන්ටේනර් රථයේ ගින්න නිවාදමා ඇති අතර කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයින් පාලනය කර ඇත.
මියගිය තරුණයින්ගේ මෘත දේහ මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
+
‘1990 සුව සැරියෙන්’ යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්
(30.07.2026 – 06:45 +0530 – sinhala.adaderana.lk)
යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට ‘1990 සුව සැරිය පදනම’ තීරණය කර තිබේ.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අධික රථ වාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා සහිත ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගිලන් රථයක් ළඟාවීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බව ‘සුව සැරිය පදනම’ සඳහන් කළේය.
මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිත අතර මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගිමින් මේ (2026) වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ ෴
ඇප හිමිවුණත් යළි බන්ධනාගාරයට ගිය ‘චරිත් අබේසිංහ’ ගෙදර යයි
(30.07.2026 – 15:56 +0530 – sinhala.adaderana.lk)
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අද (30) ඇප හිමි වීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘නීතිඥ රඛිත රාජපක්ෂ’, ‘චරිත් අබේසිංහ’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කළේය.
‘රඛිත රාජපක්ෂ’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු (2) ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි.
එහෙත් සැකකාර ‘චරිත් අබේසිංහ’ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් කෙරිණි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴