උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
එළවළු කිලෝ 15,000 ක්, අයෙකුට එළවළු වර්ග 11 ක් (29.07.2026)
දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ මහා බත් දන්සල – කෑම පාර්සල් 9000 ක්
යාපනය තිස්ස විහාරය ළඟ උණුසුම් තත්ත්වයක් – පෝය දවසේ පිරිසක් තිස්ස විහාරේ වටලයි (29.07.2026)
චරිත් අබේසිංහට, ආයෙම ඇතුළට යන්න වුණේ ඇයි..? “සියලු මුදල් අපි සුදානම් කරලා තිබ්බේ” (29.07.2026)
ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න | එල් නිනෝ අස්සේ ජලසම්පාදනෙන් කියයි (28.07.2026)
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
(29.07.2026 – hirunews.lk)
ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ සංවිධාන කරන ‘හිරු රාජ ධර්ම ප්‍රතිපදා වැඩසටහන’, සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් ඓතිහාසික කැලණිය රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (29) දවස පුරා පැවති පිංකම් මාලාවකින් අනතුරුව උතුම් කැලණි වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගන්වනු ලැබුවා.

ඒ ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ දායකත්වයෙන්, එතෙක් මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම දාන පාරමිතාව ලෙස, දහසක් (1000) වූ භික්ෂූන්වහන්සේ විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව දෙවැනි (2) වරටත් මෙහිදී පිරිනැමුණා.
එමෙන්ම, සත්බුදු වන්දනාව, පුෂ්ප පූජාව සහ සුවඳ දුම් පූජාව සමඟින් කැලණිය චෛත්‍ය රාජයාණන් ෂඩ්වර්ණ ආලෝකයෙන් බබළවන මහා අලෝක පූජාව අද (29) පස්වරුවේදී පැවැත්වුණා.
උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක ‘හිරු රාජ ධර්ම ප්‍රතිපදා’ වැඩසටහන අද (29) අළුයම ආරම්භ වුණා.
උදෑසන සිටම දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගෙන් කැලණිය පුදබිම පිරී ඉතිරී ගියා.
පැමිණ සිටි දහස් ගණනක් සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවනු ලැබුවේ කැලණිය රාජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින්.
එහිදි උදෑසන ධර්ම දේශනාව සිදු කළේ පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන් විසින්.
අමාදම් සිසිල ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත පූජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමියන්ගේ සහ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
අනතුරුව තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව පවත්වා එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දාන පාරමිතාව ලෙස, භික්ෂූන්වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව පූජා කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම මහා දානමය පිංකම වෙනුවෙන් සකස් වූ දිගින් මීටර 300 ක් ඉක්මවූ දාන ශාලාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරට ඉදිවූ විශාලතම දාන ශාලාව වීමත් සුවිශේෂී වනවා.
‘හිරු රාජධර්ම ප්‍රතිපදාවෙන්’ කැළණි පිං බිම බැබලෙයි (29.07.2026)
+++
+
එළවළු කිලෝ 15,000 ක්, අයෙකුට එළවළු වර්ග 11 ක් (29.07.2026)
+
දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ මහා බත් දන්සල – කෑම පාර්සල් 9000 ක් | “දහවෙනි වතාවටත් වැඩක් කරලා පෙන්නුවා” (29.07.2026)
+
යාපනය තිස්ස විහාරය ළඟ උණුසුම් තත්ත්වයක් – පෝය දවසේ පිරිසක් තිස්ස විහාරේ වටලයි (29.07.2026)
+
චරිත් අබේසිංහට, ආයෙම ඇතුළට යන්න වුණේ ඇයි..? “සියලු මුදල් අපි සුදානම් කරලා තිබ්බේ” (29.07.2026)
+
අපි 04:30 වෙනකල් බලාගෙන හිටියා | ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට තවත් ලෙඩක් දෙයි (28.07.2026)
+
ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න | එල් නිනෝ අස්සේ ජලසම්පාදනෙන් කියයි (28.07.2026)
+
චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104 ක් දිවයිනට
(29.07.2026 – 21:14 +0530 – sinhala.adaderana.lk)
පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104 ක් අද (29) දින මෙරටට ළඟා වී තිබේ.
මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් ආනයනය කර ඇත.
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම නව මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම ඉකුත් මැයි මාසයේදී අත්සන් තබා තිබුණි.
එම ගිවිසුම් ප්‍රකාරව මෙම බස් රථ 104 දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴