නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි

ලංකාවේ ක්‍රීඩාව කපෝතියි ! ඇමති සුගත් ගන්න ආතල් මෙන්න ! (28.07.2026)

දැන් මුලු රටම මේ බයිෆෝස් ආණ්ඩුවට විරුද්ධයි… රටේ නීතිය විනාස කරන්න හදන පරණ ත්‍රස්තවාදියෝ (28.07.2026)

CTB එකේ ඉන්නෙ හොරු හින්දා ඒක දියුණු කරන්න බෑලු… බිමල් රත්නායක තමයි එහෙම කියන්නෙ (28.07.2026)

ඊළඟ ආණ්ඩුවට පාලිමේන්තු ආසන 200 ක් ලැබෙනවා… JVP – NPP හොම්බෙන් යනවා (28.07.2026)

රඛිතලා චරිත්ලා එළියට එද්දී චමින්ද ඇතුළට යයි! (28.07.2026)

උපන්දින දෙකේ කතාව (28.07.2026)

ඇප ලැබූ චරිත්යලිත් රිමාන්ඩ් භාරයට (28.07.2026)

මාලිමා උපලේකම් ලාල් විජේනායක මාලිමාවට විරුද්ධ උනේ ඇයි ? (28.07.2026)

ඒකාධිපති ෆැසිස්ට් රාජ්‍යක්, උතුරු නැගෙනහිරටත් අබ සරණයි (28.07.2026)

රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්

බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට


නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි

(29.07.2026 – 11:23 +0530 – sinhala.adaderana.lk)

‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ’ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී ආරම්භ වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

මෙම මහා සභා රැස්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු නීතිඥවරු රැසක් මේ සඳහා එක්ව සිටී.

මෙරට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් ආණ්ඩුව ගෙන ආ අතර ඊට අධිකරණ සේවා සංගමයෙන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන්, ජනාධිපති නීතීඥවරුන්ගෙන් හා දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධය එල්ල වුණි.

කෙසේවෙතත් එම විරෝධතා මධ්‍යයේ ඉකුත් ජුලි 27 වනදා ජනපති ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සම්මත කරගත්තේය.

මෙවන් පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් ‘දිනන දකුණ සාමුහිකය’ පවසන්නේ පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම තීරණය අධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ නඩු ඇසීම ව්‍යාප්ත කිරීම සඳහා වන සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිරූපනය කළද, මෙය විධායකයේ අවශ්‍යතාවලට යටත්ව ඉහළ අධිකරණවල කටයුතු කරවා ගැනීම සඳහා කරන උපක්‍රමශීලි පියවරක් බවයි.

+++

+++

+


ලංකාවේ ක්‍රීඩාව කපෝතියි ! ඇමති සුගත් ගන්න ආතල් මෙන්න ! (28.07.2026)

+


දැන් මුලු රටම මේ බයිෆෝස් ආණ්ඩුවට විරුද්ධයි… රටේ නීතිය විනාස කරන්න හදන පරණ ත්‍රස්තවාදියෝ (28.07.2026)

+


CTB එකේ ඉන්නෙ හොරු හින්දා ඒක දියුණු කරන්න බෑලු… බිමල් රත්නායක තමයි එහෙම කියන්නෙ (28.07.2026)

+


ඊළඟ ආණ්ඩුවට පාලිමේන්තු ආසන 200 ක් ලැබෙනවා… JVP – NPP හොම්බෙන් යනවා (28.07.2026)

+


රඛිතලා චරිත්ලා එළියට එද්දී චමින්ද ඇතුළට යයි! (28.07.2026)

+


උපන්දින දෙකේ කතාව (28.07.2026)

+


ඇප ලැබූ චරිත්යලිත් රිමාන්ඩ් භාරයට (28.07.2026)

+


මාලිමා උපලේකම් ලාල් විජේනායක මාලිමාවට විරුද්ධ උනේ ඇයි ? (28.07.2026)

+


ඒකාධිපති ෆැසිස්ට් රාජ්‍යක්, උතුරු නැගෙනහිරටත් අබ සරණයි (28.07.2026)

+


රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්

(29.07.2026 – hirunews.lk)

ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල පරිශ්‍රයේදී රිලවකු විසින් පැහැරගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයක් මුදාගෙන, එහි හිමිකාරිය වූ කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් සිසුවියකට නැවත භාරදීමට එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙක් කටයුතු කර තිබෙනවා.

මෙලෙස එම ජංගම දුරකථනය සොයා දී ඇත්තේ එප්පාවල, යකල්ලේගම, 22 කණුව පදිංචි වැලිහේනගමගේ රුවන් කුමාර විසින්.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ ඉකුත් දිනෙකදී ත්‍රිකුණාමලයේ චාරිකාවක නිරත වෙමින් සිටියදී කෝනේෂ්වරම් කෝවිල අසලදී රිලවකු අත තිබූ දුරකථනයක් දැක තිබුණා.

එහිදී ඔහු විවිධ උත්සාහයන් සිදුකරමින් සිට දුරකථනය රිලවාගෙන් මුදාගැනීමට සමත්ව තිබෙනවා.

පසුව දුරකථනයේ වූ සිම්පත වෙනත් දුරකථනයකට බහා හිමිකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඔහු කටයුතු කර තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ කිලිනොච්චිය, ආනන්ද නගර් ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි පිරිසකගේ පාසල් යන වයසේ දියණියකගේ දුරකථනයක් මෙලෙස රිලවා විසින් රැගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම ඇයගේ අධ්‍යාපනික කටයුතුවලට අදාළ තොරතුරු රැසක් ද එම දුරකථනයේ අඩංගු බව දැනගෙන තිබෙනවා.

ඒ අනුව, එප්පාවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ඊයේ (28) පස්වරුවේ අදාළ සිසුවියගේ පියා වන සූර්යකුමාර කුගදාෂන් වෙත එම ජංගම දුරකථනය භාර දීමට ඔහු කටයුතු කළා ෴


බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට

(29.07.2026 – hirunews.lk)

බෙන්තර සංචාරක කලාපයේ සංචාරකයින් සඳහා විනෝදාස්වාදය ලබා දීම පිණිස ගුවනින් ගමන් ගත් පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් ගත් අරාබි කාන්තාවක් මියගොස් ඇතැයි බෙන්තර පොලිසිය පවසනවා.

අද (29) සවස 04:30 පමණ බෙන්තර පොලිස් වසමේ වෙරළ පාර, බෙන්තොට ලිපිනයේ පිහිටා ඇති ජනාධිපති නිවාඩු නිකේතනය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

පුද්ගලික ආයතනයට අයත් ගුවනින් සංචාරකයින් රැගෙන යන මෙම යන්ත්‍රය ගුවනේ පියාසර කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස මුහුදට කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවා සහ අරාබි ජාතික කාන්තාවක් ගමන් කර ඇති අතර, නියමුවා බේරී ඇතත් යානයත් සමඟ මුහුදට වැටුණු අදාළ කාන්තාව අතුරුදහන් ව ඇති බවයි වාර්තා වුණේ.

පසුව දියේ ගිලී අතුරුදහන් වූ මෙම කතගේ මළ සිරුර බෙන්තර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, පසුව සිරුර කළුතර ශික්ෂණ රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *