“විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ” – ජී.එල්. පීරිස්
හර්ෂණ – නන්දලාල් ගැටුමක | මහබැංකු වාර්තාවෙන් පැලවත්ත රත්වෙයි (28.07.2026)
වාදපිටිය | අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු | 2026.07.28
‘රත්මලානේ සයිමා’ මැලේසියාවේදී අත්අඩංගුවට
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ ‘චරිත් අබේසිංහ’ ආයෙත් බන්ධනාගාරයට
“විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ” – ජී.එල්. පීරිස්
(28.07.2026 – hirunews.lk)
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමේ සඳහා ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ හිටපු අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :
“ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරපු ආණ්ඩුකාරතුමා කිසිම විදියකට උත්සාහ දැරුවේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වයට හා ස්වාධීනත්වයට සම්පූර්ණ සැලකිල්ල දැක්වූවා. හැබැයි අද අවාසනාවකට මෙන්, වර්තමාන රජයේ උත්සාහ දරනවා ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට. දේශපාලන හස්තයක් මාර්ගයෙන් අධිකරණයේ කටයුතු හැසිරවීමට සැලසුම් සහගත විධිමත් උත්සාහයක් ගන්නා බව තමයි අද අපි ඇස් පනාපිට දකින්නේ. අපි කියනවා නම්, විධායකය උත්සාහ දරනවා කියලා අධිකරණය ආක්‍රමණය කිරීමට. ඒක තමයි ඇත්ත කතාව. ඒක කිසිසේත් අතිශයෝක්තියක් නෙවෙයි.
පෙර අපර දිග සියලුම නීති පද්ධති ඉතිහාසයේ ආරම්භයේ සිට ගරු කරපු එක මූලධර්මයක් තියෙනවා. ඒ තමයි ‘තමන්ගේම නඩුව තමන්ට අහන්න බැරිය’ කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ විනිශ්චයකාරවරයෙකුට යම්කිසි බැඳීමක් තියෙනවා නම්, එවන් අවස්ථාවකදී සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැහැ ඒ විනිශ්චයකාරතුමාට සෘජුව මේ සම්බන්ධ නඩුවක් ඇසීමට.
ඒක අවිවාදිතයි. ශිෂ්ටාචාරයේ සභ්‍යත්වයේ ආරම්භයේ සිට අද දක්වා, ග්‍රීක යුගය, රෝම යුගය, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නීති දාර්ශනිකයන් හැමදෙනෙක්ම අවිවාදයෙන් පිළිගත්ත ප්‍රතිපත්තියක් තමයි ඒක. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ කියන සත්‍යය.
රජයේ උත්සාහය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට වැඩිපුර අවුරුදු දෙකක් දෙන්න. එතකොට ඒක ලොකු වාසියක්, ලොකු වරප්‍රසාදයක්. දැන් ඒකේ නිත්‍යානුකූලභාවය ගැන අවසාන නිගමනයකට එළඹීමේ වගකීම කිසිසේත් ඒ විනිශ්චයකාරවරුන්ටම පැවරීමට පුළුවන්කමක් නැහැ. ඒගොල්ලෝ ඒකෙන් කෙලින්ම වාසියක් ලබාගන්නා පුද්ගලයෝ.
එහෙනම් මේක බාරදෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළ උසාවියකට. එහෙම ඉහළ උසාවියක් අද අපේ රටේ තිබෙනවා. ඒ උසාවිය තමයි ‘ජනතා අධිකරණය’. මේ ප්‍රශ්නයේ අපේ ස්ථාවරය ඉතාමත් පැහැදිලියි මේ සම්බන්ධයෙන්. අපේ ස්ථාවරය තමයි මේ පිළිබඳ අවසාන තීරණ ගැනීමේ වගකීම ශ්‍රී ලංකා ජනතාවට පවරන්න ඕනේ, සෘජුව.
පාර්ලිමේන්තුවේ ‘තුනෙන් දෙකක්’ පමණක් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනමත විචාරණයක් අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි. අපි ඒකෙදි ඉතාමත් එඩිතරව, පැහැදිලිව ප්‍රකාශ කිරීමට හේතුවක් තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කුළුණක් දුර්වල කිරීම නෙවෙයි, සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට. ඒ කුළුණ තමයි ‘අධිකරණයේ ස්වාධීනත්වය’.”
+++
+++
+
පානදුර වෙරළ අවදානම් | ‘ජෙලිෆිශ්’ ගැවුණොත් සොරි තමයි | දැක්කොත් අල්ලන්න යන්න එපා | නාරා ආයතනයෙන් පණිවිඩයක් (28.07.2026)
+
හර්ෂණ – නන්දලාල් ගැටුමක | මහබැංකු වාර්තාවෙන් පැලවත්ත රත්වෙයි (28.07.2026)
+
වාදපිටිය | අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු | 2026.07.28
+
‘රත්මලානේ සයිමා’ මැලේසියාවේදී අත්අඩංගුවට
(28.07.2026 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන ‘රත්මලානේ සයිමා’ නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු විදේශගතව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මොහුගේ මත්කුඩු ජාලය දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක අතර කාන්තාවන් ඇතුලු විවිධ පිරිස් ඊට සම්බන්ධ කරගෙන තිබූ බව වාර්තා වනවා ෴
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ ‘චරිත් අබේසිංහ’ ආයෙත් බන්ධනාගාරයට
(28.07.2026 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ‘හරක් කටා’ නමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතව සිට අද (28) ඇප මත මුදා හැරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ‘චරිත වසන්ත කුමාර අබේසිංහ’, සිය ඇප කොන්දේසි සපුරාගත නොහැකිව යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අධිකරණය මගින් ඔවුන්ට නියම කළ ඇප කොන්දේසි විවෘත අධිකරණයේ තැන්පත් කරන ලෙසට කළ නියෝගයට අනුව මෙහි සැකකරුවන් වන ‘නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ’ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ‘වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග’ යන අය ඇප තැන්පත් කරනු ලැබූ බවයි.
එහෙත්, සැකකාර ‘චරිත වසන්ත කුමාර අබේසිංහ’ යන අයට සිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ බැවින් අද (28) පස්වරු 05:30 ට පමණ බන්ධනාගාරය මගින් අධිකරණයෙන් රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.
මෙම සිද්ධියට අදලව එක් (1) සැකකරුවෙකුට රුපියල් ලක්ෂය (1) බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) අධිකරණයෙන් නියම කර තිබුණා.
එසේම, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කෙරුණා ෴
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
(28.07.2026 – 20:33 +0530 – sinhala.adaderana.lk)
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පස්වරුවේ කොළඹ SEMA ගොඩනැගිල්ලේ ශ්‍රවනාගාරයේදී පැවැති අතර, එහිදී ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, නව ක්‍රමවේදය හඳුන්වාදීමෙන් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු වන බව සඳහන් කළේය.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුකරන වෙනස්කම් පද්ධතිය මඟින් හඳුනාගැනීමට හැකි බැවින් වංචා සහ දූෂණ සඳහා ඇති අවස්ථා අවම වන බවද ජනාධිපති ලේකම්වරයා පැවසීය.
වෙළෙඳ පරිමාව ඉහළ යමින් පවතින පසුබිමක මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බවත්, වෘත්තියේ ස්වභාවය වෙනස් වුවද රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බවත් ඔහු අවධාරණය කළේය.
LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් සියලුම රේගු ලේඛන නීත්‍යානුකූල හා ආරක්ෂිත ආකාරයෙන් මාර්ගගතව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
නව ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවත්, එම සහයෝගය ලැබෙන්නේ නම් ඔක්තෝබර් 01 වැනිදා සිට එය සාර්ථකව ආරම්භ කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහනේදී ASYCUDA පද්ධතිය සමඟ LankaSign ඩිජිටල් අත්සන ඒකාබද්ධ කරමින් කඩදාසි රහිතව රේගු ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, එහි ප්‍රතිලාභ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකෙරිණි.
අනතුරුව පැවැති ප්‍රශ්න හා පිළිතුරු සැසියේදී සහභාගි වූ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර, අදාළ නිලධාරීන් විසින් පැහැදිලි කිරීම් ලබා දෙන ලදී ෴
නිවසේ සිටි මානසික රෝගියා මාමාව කපා කොටා මරා දාලා | බත් පිඟානත් එහෙම්ම මයි |ගම්පොළම භීරාන්ත වුණු සිදුවීම (29.07.2026)
hirunews.lk :
ගම්පොල කීරපනේ ප්‍රදේශයේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (28) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පොල පොලිසිය පවසනවා.
ලද පණිවිඩයකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තුවාලකරු වහාම ගම්පොල රෝහල වෙත ඇතුළත් කර තිබුණත්, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කීරපනේ, ගම්පොල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා (බෑනා) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, සහෝදරියගේ පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴