‘එල්නිනෝ’ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක් : වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට
ඉසිපතන මිගදායට ලැබුණු ගෞරවය. යුනෙස්කෝ උරුමයක් වූ සාරානාත් (26.07.2026)
මාබෝල කැලඹු මැර ප්‍රහාරය හෝටලයක අයකැමිට මන්න ප්‍රහාරයක් (26.07.2026)
දුම් වැටි සහ දුම් කොළ නිෂ්පාදන තහනම් කිරීමේ පනත් කෙටුම්පත් නුදුරේදීම (26.07.2026)
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ ‘ගෲප් චැට්ස්’ එළියට…! “මම ඇත්තම කතාව කියන්නම් සර්” (26.07.2026)
අනුරාධපුර ගින්නේ සජීවී දර්ශන (26.07.2026)
‘එල්නිනෝ’ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක් : වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට
(26.07.2026 – hirunews.lk)
මේ වනවිට රට තුළ ‘එල්නිනෝ’ තත්ත්වයක් ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.
එය ප්‍රබල ‘එල්නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට මීට පෙර තිබූ 63% ක සම්භාවිතාව මේ වන විට ගෝලීය පුරෝකථනයන්ට අනුව 80% ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එලෙස ඉතා ප්‍රභල ‘එල්නිනෝ’ තත්ත්වයක් ඇති වුවහොත් ලබන (2027) වසරේ පළමු (1) කාර්තුව තුළ මෙරට තුළ නියඟයක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙරට ප්‍රදේශ රැසකටද පවතින්නේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්.
උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් මේ වන විට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.
පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති ‘එල්නිනෝ’ තත්ත්වය මේ වනවිට ලොව පුරා කාලගුණ විපර්යාස රැසකට හේතු වී තිබෙනවා.
මේ හේතුවෙන් බටහිර යුරෝපා කලාපයේ ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් රැසක් මුහුණ පා ඇත්තේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයකටයි.
විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම ‘එල්නිනෝ’ සිදුවීම් අතරින් එකක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙම ‘එල්නිනෝ’ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මතුව ඇති වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රංශයේ පුද්ගලයින් විසි එක්දහසකට (21,000) අධික සංඛ්‍යාවක් මේ වන විට මියගොස් තිබෙනවා.
එමෙන්ම මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රංශය පුරා හටගෙන ඇති දරුණු ලැව් ගිනි තත්ත්වය ද වර්ධනය වී තිබෙනවා.
+
ඉසිපතන මිගදායට ලැබුණු ගෞරවය. යුනෙස්කෝ උරුමයක් වූ සාරානාත් (26.07.2026)
+
මාබෝල කැලඹු මැර ප්‍රහාරය හෝටලයක අයකැමිට මන්න ප්‍රහාරයක් (26.07.2026)
+
දුම්වැටි සහ දුම් කොළ නිෂ්පාදන තහනම් කිරීමේ පනත් කෙටුම්පත් නුදුරේදීම (26.07.2026)
+
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ ‘ගෲප් චැට්ස්’ එළියට…! “මම ඇත්තම කතාව කියන්නම් සර්” (26.07.2026)
+
අනුරාධපුර ගින්නේ සජීවී දර්ශන (26.07.2026)
+
රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු ලක්ෂ 5 ක දඩයක්
(26.07.2026 – 13:52 +0530 – sinhala.adaderana.lk)
රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5 ක දඩයක් නියම කර තිබේ.
ආනයනික කීරි පොන්නි සහල් කිලෝග්‍රෑමයක් සඳහා නියම කර තිබූ රුපියල් 255 ක උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 270 කට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
පසුගිය 17 වනදා සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී අලෙවිය අනාවරණය කරගෙන තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව, ජූලි 23 වනදා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම සමාගමට රුපියල් 500,000 ක දඩ මුදලක් නියම කර තිබේ ෴
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළාට රුපියල් මිලියනයක දඩයක්
(26.07.2026 – 13:29 +0530 – sinhala.adaderana.lk)
නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
පසුගිය 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාළ ආයතනය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම පිළිබඳ අනාවරණය වී ඇත.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය 22 වැනි දින මෙම නඩුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවට වරද පිළිගෙන ඇත.
ඒ අනුව අධිකරණය විසින් එම සමාගමට එරෙහිව රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴