බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
මාලිමාව ඉන්දියාවෙන් ගේම ඉල්ලයි කැරපොත්තෝ වෙනුවෙන් සමනලී ! (26.07.2026)
අද කෝ අර චතුරංග අඬන බබා, දැන් ඔයාට සතුටුයි ද ? කරන්ඩ බැරි ආණ්ඩු අරගෙන අනුරලා නානවා (26.07.2026)
දැන් ආතල් දෙන්නෙ ක්‍රීඩා ඇමති සුනිල් සහෝ… යුපුන් උඹ දුවපන් වෙන රටකට… (26.07.2026)
පැලවත්තට යට නොවුණු ධාවකයා, යුපුන් අබේකෝන්… ජේවීපී ක්‍රීඩා ඇමතියාගේ බොරු පම්පෝරි (26.07.2026)
දෙහිවල පාතාලය අවුලන අලුත්ම කල්ලියක්! දෙවුන්දර කාවඩි ප්‍රශ්නය දුරයයි! (26.07.2026)
ඊයා රාජපක්ෂල එක්ක (26.07.2026)
නීතිඥවරු සහ විනිසුරුවරු අනුරට යටත්ද? (26.07.2026)
“නීතිඥයෝ නීතිය දන්නේ නෑ, පූජක තුමන්ලා බයිබලය දන්නේ නෑ!” – ශාන්ත ජයතිලක (26.07.2026)
2025 වසරේ ජනාධිපති මන්ඳිර 07 ජනාධිපතිවරු 3000 ක් පාවිච්චි කරලා (26.07.2026)
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
(26.07.2026 – 13:15 +0530 – sinhala.adaderana.lk)
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනය කළ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට හදුනාගෙන ඇති අතර ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු වන බව වාර්තා වේ.
බෙල්ලන්විල අවන්හල් හිමිකරුවෙක් ඊයේ (25) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) නවගමුව පොදු සුසාන භූමියක් අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.
දෙහිවල – බොරලැස්ගමුව මාර්ගයේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය ඉදිරිපිට ඇති අවන්හලක් අසල මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ (25) රාත්‍රී 07:45 ට පමණය.
ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් (2) අදාළ අවන්හලේ හිමිකරු ඉලක්ක කර වෙඩිතබා පලාගොස් තිබුණි.
වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේදී අවන්හල් හිමිකරු සිට ඇත්තේ ඉන් පිටත පරිශ්‍රයේ දුම් වැටියක් දල්වාගෙනය.
ඉන් ඔහුගේ උදර ප්‍රදේශයට තුවාල සිදුවූ අතර පසුව ඔහු සිය අවන්හල තුළට දිවගොස් තිබේ.
අනතුරුව ඔහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණත් සිදුව තිබූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් තිබුණි.
මෙලෙස ඝාතනයට ලක්වුණේ අදාළ අවන්හලේ හිමිකරු වන ‘මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ’ නැමැති 55 හැවිරිදි අයෙකි.
ඊයේ (25) රාත්‍රීයේම වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණි බොරලැස්ගමුව පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළේය.
මූලික පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ වෙඩි වැදීමෙන් මියගිය අවන්හල් හිමිකරු ‘කොස් මල්ලී’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවය.
ඒ අනුව ‘කොස් මල්ලි’ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන ‘සැන්ඩෝ’ හෝ ‘අසංක’ යන අය වෙඩිතැබීම මෙහෙයවා ඇති බව පොලිසිය සැකපළ කරයි.
විමර්ශන ඇරඹූ පොලිසිය , වෙඩිතැබීම සිදුකර පලාගිය ස්කූටර් වර්ගයේ යතුරු පැදිය සම්බන්ධයෙන් තොරතුරු අනෙක් ප්‍රදේශවල පොලිස් මාර්ග බාධකවල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන්ට දැනුම්වත් කර තිබුණි.
ඒ අනුව එම තොරතුරුවලට ගැලපෙන යතුරු පැදියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (2) නවගමුව ප්‍රදේශයේ සැරිසරන ආකාරය දුටු පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැඳ තිබේ.
එහිදී ඔවුන්ට දැකගන්නට ලැබී ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා (2) යතුරු පැදිය නවගමුව , නිස්සරණ සිත්බිම පොදු සුසාන භූමිය අසල නවත්වා ඔවුන් පැළඳ සිටි මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත්කර එම ස්ථානයෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි බවය.
සැකකරුවන් දෙදෙනා (2) සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ඔවුන්ව පරීක්ෂා කිරීමේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ සොයාගත් අතර ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී බෙල්ලන්විල ඝාතනයට අදාළ හඩපට සොයාගැනීමට හැකිව තිබේ.
ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා (2) වහාම අත්අඩංගුවට ගැනුණි.
සැකකරුවන් දෙදෙනා (2) අද (26) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් දෙදෙනා (2) තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.
+++
+++
+++
බෙල්ලන්විල වෙඩිල්ලේ රහස් වෙඩික්කරු වමාරන්න ගනී,’හොඳ මුදලාලි’ගේ ඥාතීකමුත් එළියට! (26.07.2026)
+
මාලිමාව ඉන්දියාවෙන් ගේම ඉල්ලයි කැරපොත්තෝ වෙනුවෙන් සමනලී ! (26.07.2026)
+
අද කෝ අර චතුරංග අඬන බබා, දැන් ඔයාට සතුටුයි ද ? කරන්ඩ බැරි ආණ්ඩු අරගෙන අනුරලා නානවා (26.07.2026)
+
දැන් ආතල් දෙන්නෙ ක්‍රීඩා ඇමති සුනිල් සහෝ… යුපුන් උඹ දුවපන් වෙන රටකට… (26.07.2026)
+
පැලවත්තට යට නොවුණු ධාවකයා, යුපුන් අබේකෝන්… ජේවීපී ක්‍රීඩා ඇමතියාගේ බොරු පම්පෝරි (26.07.2026)
+
දෙහිබාලේ, කංජිපාණි පිටිපස්සේ ඉන්නේ එකම සෙට් එකක්. පයිලට් කුඩු එක්ක මාට්ටු උනේ 2022. මුන් ඒක යට ගැහුවා (26.07.2026)
+
දෙහිවල පාතාලය අවුලන අලුත්ම කල්ලියක්! දෙවුන්දර කාවඩි ප්‍රශ්නය දුරයයි! (26.07.2026)
+
ඊයා රාජපක්ෂල එක්ක (26.07.2026)
+
නීතිඥවරු සහ විනිසුරුවරු අනුරට යටත්ද? (26.07.2026)
+
“නීතිඥයෝ නීතිය දන්නේ නෑ, පූජක තුමන්ලා බයිබලය දන්නේ නෑ!” – ශාන්ත ජයතිලක (26.07.2026)
+
2025 වසරේ ජනාධිපති මන්ඳිර 07 ජනාධිපතිවරු 3000 ක් පාවිච්චි කරලා (26.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴