යුද හමුදා නිලධාරියෙක් තම පියා සමග එක්ව සිදුකල ‘හෝමාගම කුලී රථ රියදුරු ඝාතනය’
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්ර පෙරේරාට
සෑම කිලෝමීටර් 5000 කින් බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු (2) හප්පා පලාගිය OIC අත්අඩංගුවට
ඉතාලියෙන් රට පරවියෝ මෙරටට ගෙනා ව්යාපාරිකයෝ ගුවන්තොටේ දී මාට්ටු
යුද හමුදා නිලධාරියෙක් තම පියා සමග එක්ව සිදුකල ‘හෝමාගම කුලී රථ රියදුරු ඝාතනය’
(26.07.2026 – 12:29 +0530 – sinhala.adaderana.lk)
දිවයින පුරා ප්රදේශ රැසකදීම ආයුධ පෙන්වා පුද්ගලයින් බිය ගන්වා කොල්ලකෑම් සිදුකළ සැකකරුවෙකු (1) දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය සමත් ව තිබේ.
සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්රීඩා අංශය භාර හමුදා නිලධාරියෙක් වශයෙන් කටයුතුකර ඇති අතර පසුගියදා හෝමාගම ගලගාහේන ප්රදේශයේ කුලී යතුරුපැදි රියදුරා ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමටද මොහු සම්බන්ධ බවට අනාවරණ වී ඇත.
හෝමාගම, ගලගාහේන ප්රදේශයේ ඇළ මාර්ගයක තිබී ජුලි 16 වැනිදා අලුයම් කාලයේදී සොයාගත් කුලී රිය ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවෙකුගේ මළ සිරුරක් සොයාගැනුණි.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ එය, ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්ය ඝාතනයක් බවය.
එහිදී ඝාතකයන් විසින් මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය, රන් මාලය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද කොල්ලකා පලාගොස් තිබුණි.
මේ ආකාරයේ කොල්ලකෑම් රැසක් හෝමාගම ප්රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ විමර්ශන ආරම්භ කළේ අපරාධය සිදුවූ ස්ථානයේ තිබූ CCTV දර්ශන උපයෝගී කරගනිමිනි.
එම CCTV දර්ශන පරීක්ෂාවේදී අනාවරණ වූයේ ඝාතනය වූ ‘පික් මී’ යතුරුපැදිකරු තවත් පුද්ගලයෙක් නංවාගෙන අපරාධය සිදුවූ ස්ථානයට පැමිණෙන බවය.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා යතුරුපැදිකරු සමඟ එම ස්ථානයට පමිණ ඔහු ඝාතනය කර මෙම කොල්ලකෑම සිදුකර ඇති බවය.
එමෙන්ම තවත් පුද්ගලයෙකු පැමිණ ඝාතනයට ආධාර අනුබල දී ඇතැයි හෙළි වී තිබේ.
පසුව තහවුරු වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා (2) ‘පියා සහ පුත්රයා’ වන බවය.
මෙම ඝාතනය සිදුකළ දිනට පසුදින මෙම යතුරු පැදියෙන් මෙම සැකකරුවන් මොරගහහේන ප්රදේශයට ගොස් කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා ඇයගේ රන් මාලය කොල්ලකා ඇති බව ද හෙළි වී ඇත.
එමෙන්ම ඔවුන් නැවත හෝමාගම ප්රදේශයේම මේ ආකාරයේ කොල්ලකෑමක් සඳහාත් මෙම යතුරුපැදිය යොදාගෙන ඇති බව ද විමර්ශන නිලධාරින් විසින් තහවුරුකරගනු ලැබීය.
මෙම සැකකරුවන්ගෙන් එක් අයෙක් (1) හෝමාගම පිටිපන ප්රදේශයේ නිවසක රැඳී සිටින බවට රහසිගත තොරතුරක් ලැබීමත් සමඟ ක්රියාත්මක වූ විමර්ශන නිලධාරින් එහිදී සැකකරු අත්අඩංගුවට ගැනුණි.
සැකකරු සන්තකයේ තිබී දේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් මෙන්ම හෙරොයින් 500 mg ක ප්රමාණයක්ද විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබේ.
එසේම එම සැකකරු ‘පුත්රයා’ බවත් ඔහු ‘තම පියා’ සමඟ එකතු වී මෙම අපරාධයන් සිදුකර ඇති බවත් පොලිසිය ප්රශ්න කිරීම්වලින් තහවුරු කරගෙන ඇත.
සැකකරුගේ නිවසේ තිබී දිවයිනේ විවිධ ප්රදේශවල අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් ‘පල්සර්’ වර්ගයේ යතුරු පැදියක් සහ ලේ තැවරුණු යතුරු පැදි හිස්වැස්මක්ද සොයාගෙන තිබේ.
දරුවන් වඩාගෙන සිටින කාන්තාවන්ගෙන් මොවුන් කොල්ලකෑම් බහුල ලෙස සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ඒ සෑම අවස්ථාවකදීම පාහේ ලා නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිට ඇති බවටත් අනාවරණ විය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අවිස්සාවේල්ල, ගිරිඋල්ල, දෙහිඕවිට යන ප්රදේශවල මෙන්ම හෝමාගම ප්රදේශයේ ද ආයුධ පෙන්වා කොල්ලකෑම් සිද්ධි 4 ක් වාර්තා වන බව විමර්ශන නිලධාරින් ‘අද දෙරණ’ට සඳහන් කළේය.
සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්රීඩා අංශය භාර හමුදා නිලධාරියෙක් වශයෙන් කටයුතුකර ඇති අතර අපරාධයන් සඳහා ආයුධ සහිතව තම පියා සමඟ යතුරු පැදියෙන් යාමේදී සිය යුද හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිස් මුරපොළවල්වලින් කිසිදු අවහිරයකින් තොරව ගමන්කර ඇති බවද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25) හෝමාගම වැඩබලන මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක් සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට හෝමාගම පොලිසියට අවසර හිමිවිය.
මෙම අපරාධයන්වලට මුල් වූ අනෙක් සැකකරු සොයා හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ පොලිස් විමර්ශන ක්රියාත්මකයි ෴
රු. කෝටි 20 ක මත්ද්රව්ය තොගයත් එක්ක අත්අඩංගුවට ගත් කැනේඩියානු චිත්රශිල්පියා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය භාරයට
(26.07.2026 – hirunews.lk)
ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් සමඟ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී අද (26) පෙරවරුරවේ අත්අඩංගුවට ගනු ලැබූ කැනේඩියානු ජාතික චිත්රශිල්පියා පොලිස් මත්ද්රව්ය කාර්යාංශය (PNB) කාර්යාංශයේ භාරයට ලබාදුන් බව ශ්රී ලංකා රේගුව පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කැනේඩියානු ජාතික චිත්ර ශිල්පියෙක් බවයි ශ්රී ලංකා රේගුව පවසන්නේ.
මෙම සැකකරු, අද (26) අලුයම 02:30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත්තේ, කටාර් ගුවන් සේවයට අයත් QR662 දරන ගුවන් යානයෙන් දෝහා හරහා කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට බවයි ශ්රී ලංකා රේගුව සඳහන් කරන්නේ.
රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මලු දෙක (2) පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ ඉතා සූක්ෂම ලෙස අසුරන ලද දුඹුරු පැහැති ‘හෂීස් මත්ද්රව්ය’ තොගයක් සොයා ගෙන තිබුණා.
එහි තිබී ‘හෂීස් ස්ලැබ්’ 80 ක් හමුවී ඇති අතර, මත්ද්රව්යවල මුළු බර ග්රෑම් 20,117 ක් (කිලෝග්රෑම් 20.117 ක්) පමණ වන බවයි ශ්රී ලංකා රේගුව පවසන්නේ.
අත්අඩංගුවට ගත් මෙම ‘හෂීස්’ තොගයේ ආසන්න වීදි වටිනාකම රුපියල් මිලියන 201.89 ක් පමණ වන බව ද රේගුව සඳහන් කරනවා.
ශ්රී ලංකා රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා ෴
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
(26.07.2026 – hirunews.lk)
පොලිස් විනය සංග්රහයට පටහැනිව මහජනයා අමතා පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් වන ආකාරයෙන් හැසිරුණු වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් අද (26) පැවසුවා.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, මෙම නිලධාරියා අදාල සිදුවීමට අදාලව වහාම වැඩ තහනමට ලක් කළ අතර, මේ වන විට ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.
වතුපිටිවල රෝහල අසල පිහිටි පුද්ගලික ආයතනයක් ඉදිරිපිට ඉකුත් (23) වැනිදා උදෑසන 10:45 ට පමණ මෙම නිලධාරියා මෙලෙස අශෝභන අයුරින් හැසිරී ඇතැයි පොලිසිය පවසනවා.
අදාල නිලධාරියාගේ මෙම ක්රියාකලාපය නිසා ශ්රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්ය සේවයම අපකීර්තියට පත්වන බවත්, එය අනෙකුත් නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් වන බවත් පෙනී ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරනවා.
තවදුරටත් ඔහු සේවයේ තබා ගැනීම පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට බරපතල කැළලක් වන බැවින්, ආයතන සංග්රහයේ වගන්ති ප්රකාරව මෙම පියවර ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම මූලික අරමුණ බව පෙන්වා දෙන පොලිසිය, නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බවද සඳහන්.
මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම බැඳී සිටින බව ශ්රී ලංකා පොලිසියේ නිල මුහුණු පොතේ ද සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා ෴
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්ර පෙරේරාට
(26.07.2026 – hirunews.lk)
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysian Inteational Film Festival) හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ප්රවීන රංගන ශිල්පී ‘මහේන්ද්ර පෙරේරා’ සමත්ව තිබෙනවා.
ඒ ඔහු රංගනයෙන් දායක වූ “රිවර්ස්ටන්” චිත්රපටයේ විශිෂ්ට රංගන ප්රතිභාව වෙනුවෙන්.
ලොව පුරා විවිධ රටවල දක්ෂ නළුවන් රැසක් මේ සඳහා නිර්දේශ වූ පසුබිමකයි රංගන ශිල්පී ‘මහේන්ද්ර පෙරේරා’ මෙම සම්මානය දිනා ගත්තේ.

සම්මානය සඳහා නිර්දේශ වී සිටි අනෙකුත් ශිල්පීන් අතර ‘යුරායි ලෝයි’ (බ්රෝකන් වොයිසස් චිත්රපටය), ‘චන්ග් චෙන්’ (ලකි ලූ චිත්රපටය), ‘රන්දික ගුණතිලක’ (රිවර්ස්ටන් චිත්රපටය), ‘නිකලාස් සරාතේ’ (ද රෙඩ් හැන්ගර් චිත්රපටය) ඇතුළත්.
මේ අනුව ‘මහේන්ද්ර පෙරේරා’ ජාත්යන්තරය තුළ මෙලෙස සම්මානයට පාත්ර වූ දෙවැනි (2) අවස්ථාව මෙය වනවා.
මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.
මීට අමතරව ‘රිවර්ස්ටන්’ චිත්රපටයට දායක වූ ‘ප්රියන්ත සිරිකුමාර’ මෙහිදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමත් කැපී පෙනෙන විශේෂත්වයක්.
+++
+
සෑම කිලෝමීටර් 5000 කින් බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
(26.07.2026 – 12:54 +0530 – sinhala.adaderana.lk)
සියලුම මගී ප්රවාහන බස් රථවල කිලෝමීටර් 5000 ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ‘මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව’ පවසයි.
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්රකාශ කළේය.
මේ වනවිට ඊට අදාළ ගැසට් පත්රය නිකුත් කර ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා සුදුසු නිලධාරීන් බඳවාගැනීම් සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.
පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල ඇති දෝෂ බව සභාපතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව වාහනවල තත්ත්ව පරීක්ෂා කරන නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස තුන කාලයක් බස් රථ සඳහා ක්රියාත්මක කරන බව ඉන් අනතුරුව සියලුම වාහන සඳහා මේ ක්රියාත්මක කරන බව ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය ෴
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු (2) හප්පා පලාගිය OIC අත්අඩංගුවට
(26.07.2026 – 12:52 +0530 – sinhala.adaderana.lk)
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු (2) අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පැවසීය.
හයිලෙවල් පාර, මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේ දී ඊයේ (25) දින රාත්රී 11:30 ත් 11:57 ත් අතුතුරදී මෙම අනතුර දෙක (2) සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සිදුකළ බීමත් පරීක්ෂාවේදී සැකකරු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26) හෝමගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
ඉතාලියෙන් රට පරවියෝ මෙරටට ගෙනා ව්යාපාරිකයෝ ගුවන්තොටේ දී මාට්ටු
(26.07.2026 – 11:15 +0530 – sinhala.adaderana.lk)
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 3,431,400 ක් වටිනා විදේශීය පරවියන් 64 දෙනෙකු සමඟ ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිටකර ගෙන යාමට තැත්කිරීමේදී ඊයේ (25) රාත්රී කාලයේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් වෙන්නප්පුව ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන, සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන ව්යාපාරිකයන් දෙදෙනෙකි.
ඔවුන් මෙම සතුන් ඉතාලියෙන් මිළදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ශ්රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන සහ සත්ත්ව නීරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් මෙම පරවියන් මෙරටට රැගෙනවිත් තිබුණි.
මෙම පරවියන් කුඩා යකඩ කූඩු තුළ බහා, ඒවා තමන් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ සඟවා ගෙන තිබුණි.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර විමර්ශනවලින් පසුව මෙම පරවියන් ආපසු ඉතාලිය වෙත රැගෙන යාම සඳහා භාරදීමට නියමිතය ෴
ආනයනය කළ වාහන 1025 ක් හම්බන්තොට වරායේ හිරවෙලා
(26.07.2026 – 10:15 +0530 – sinhala.adaderana.lk)
මෙරටට ගෙන්වන ලද වාහන 1025 ක් පමණ හම්බන්තොට වාරයෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්රී ලංකා රේගුව පවසයි.
එහි මාධ්ය ප්රකාශක චන්දන පුංචිහේවා මහතා අවධාරණය කළේ, ඉන් වාහන 625 ක් මෙරටට ආනයනය කර මාස හයකට (6) අධික බවය.
මෙම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේය.
ඒ අනුව කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 109 වන වගන්තිය ප්රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන හෙතෙම කියාසිටියේය.
මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් (1) තුළ ඊට අදාළ සියලුම බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුය.
එසේ නොකරන්නේ නම් අදාළ පනත යටතේ ඒවා විකුණා එම මුදල්වලින් රජයට අවශ්ය බදු ප්රමාණය අයකරගැනීමට අවශ්ය ප්රතිපාදන පවතින බව සඳහන්ය.
අදාළ බදු ගෙවීමෙන් අනතුරුව ඉතුරුවන මුදල්වලින් වරාය සහ ගුදම් ගාස්තු ගෙවීමට හැකිය.
එම ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන යම් මුදලක් තිබේ නම් එය අදාළ ආනයනකරුවා හට ගෙවීමට කටයුතු කරන බව චන්දන පුංචිහේවා මහතා පැවසුවේය.
ආනයනය කරන ලද භාණ්ඩ මාසයකට (1) වඩා කාලයක් වරායෙන් නිදහස් කරගෙන නොමැති නම් ඒ බව වරයා පාලකවරයා විසින් ශ්රී ලංකා රේගුවට දැනුම්දිය යුතුය.
මේ වනවිටත් නිදහස් කරගෙන නොමැති වාහන සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඒවා අලෙවි කිරීමට අවශ්ය කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් යම් ආනයනකරුවෙකුට සාධාරණ හේතුවක් මත අදාළ වාහන නිදහස් කරගැනීම නොහැකි බවට දැනුම්දෙනු ලබන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාවක් ද පවතින බව ශ්රී ලංකා රේගුවේ මාධ්ය ප්රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴