දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්

දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්

India is calling Sri Lanka is sleeping ? (25.07.2026)

නාමල්ගෙන් යුපුන්ට උපදෙසක් පැලවත්තෙන් ඩොලර් ගලා එයි ? (25.07.2026)

පිරිමි – ගෑනු සහතිකයක් නිකුත් කළොත්, මම ආයෙත් නඩු දානවා (25.07.2026)

රට හැමතැනම ගිනිගැනීම්, ඇත්තටම හේතුව මොකක්ද ? (25.07.2026)

ලංකාවේ පිස්සු කෙළින කොන්ඩෙ බැඳපු චීන්නු… ලංකාවේ පාතාලය ජාත්‍යන්තරකරණය වෙයි (25.07.2026)

හිරගේ ඇතුළෙදි ඕනෑම වෙලාවක, ඕනෑ දෙයක් වෙන්ඩ පුළුවන්… විශ්වාස භංගෙ දිනුවට ආණ්ඩුව පරාදයි (25.07.2026)

ඉන්දියාවෙන් ඇල්ලුවේ වත්තල වෙඩිතැබීමේ සැකකරුවන් බව කීවේ කවුද? SSP වගේ ඉඳන් පොලීසියම බය කළ මට්ට; රොෂාන් (25.07.2026)

ඉන්දියාව ශ්‍රිලංකාව 2029 කලාපීය බල පෙරලිය (25.07.2026)

ට්‍රැක පැනපු ලාල්ව නාමලුත් බයිට් එකට අරන් (25.07.2026)

කොළඹට චීන මාෆියාව ගෙනාවෙ කවුද ? (25.07.2026)

Clean Sri Lanka රු. බිලියන 6.5 න් JVP පක්ෂ වැඩ! – මිලින්ද රාජපක්ෂගෙන් දැවැන්ත හෙළිදරව්වක් ! (25.07.2026)

ටිල්වින්ට රු. කෝටි 10 ආවේ පින් කැට කඩලා ද?” – කුමුදුනී බණ්ඩාරගෙන් සැර ප්‍රහාරයක් (25.07.2026)

දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්

(26.07.2026 – hirunews.lk)

ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් වන වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, සුදුසුකම් ලබන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (Gratis) වීසා බලපත්‍ර ලබාගැනීමේ පහසුකම තවදුරටත් සක්‍රීයව පවතින බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය e-visa පහසුකම ද භාවිත කළ හැකි අතර, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සල් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව පුද්ගලයින් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙස බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයින්ට මෙම නොමිලේ වීසා පහසුකම හිමි වනවා.

වීසා සේවා සැපයුම් ආයතනය වෙනස්වීම හේතුවෙන් මෙම පහසුකම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, නව සේවා සැපයුම්කරු රාජකාරි ආරම්භ කිරීමත් සමඟ එම නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කර තිබෙනවා.

නව ඉන්දීය රෙගුලාසිවලට අනුව, වන්දනාකරුවන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත පැමිණ ජෛවමිතික තොරතුරු (Biometrics) ලබා දීම අනිවාර්ය වන අතර, එම ජෛවමිතික තොරතුරු ලබා දීම වයස අවුරුදු 12 ත් 70 ත් අතර අයදුම්කරුවන්ට පමණක් අදාළ වනවා.

එසේම, ජෛවමිතික තොරතුරු ලබාදීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පෝලිම්වල රැඳී සිටින කාලය අවම කිරීම වෙනුවෙන් විශේෂ ඉක්මන් සේවාවක් (Expedited process) ද හඳුන්වා දී තිබෙනවා.

මෙම අනුමත ක්‍රමවේදය යටතේ අයදුම් කරන වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරෙන අතර, අයදුම්පත් භාරගැනීම සහ සේවා සැපයීම වෙනුවෙන් අදාළ ICAC මධ්‍යස්ථානය වෙත රුපියල් 1,855 ක සේවා ගාස්තුවක් (Service Fee) පමණක් ගෙවිය යුතු බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරනවා ෴

India is calling; Sri Lanka is sleeping ? (25.07.2026)

+

නාමල්ගෙන් යුපුන්ට උපදෙසක් පැලවත්තෙන් ඩොලර් ගලා එයි ? (25.07.2026)

+

පිරිමි – ගෑනු සහතිකයක් නිකුත් කළොත්, මම ආයෙත් නඩු දානවා (25.07.2026)

+

රට හැමතැනම ගිනිගැනීම්, ඇත්තටම හේතුව මොකක්ද ? (25.07.2026)

+

ලංකාවේ පිස්සු කෙළින කොන්ඩෙ බැඳපු චීන්නු… ලංකාවේ පාතාලය ජාත්‍යන්තරකරණය වෙයි (25.07.2026)

+

හිරගේ ඇතුළෙදි ඕනෑම වෙලාවක, ඕනෑ දෙයක් වෙන්ඩ පුළුවන්… විශ්වාස භංගෙ දිනුවට ආණ්ඩුව පරාදයි (25.07.2026)

+

ඉන්දියාවෙන් ඇල්ලුවේ වත්තල වෙඩිතැබීමේ සැකකරුවන් බව කීවේ කවුද? SSP වගේ ඉඳන් පොලීසියම බය කළ මට්ට; රොෂාන් (25.07.2026)

+

ඉන්දියාව ශ්‍රිලංකාව 2029 කලාපීය බල පෙරලිය (25.07.2026)

+

ට්‍රැක පැනපු ලාල්ව නාමලුත් බයිට් එකට අරන් (25.07.2026)

+

කොළඹට චීන මාෆියාව ගෙනාවෙ කවුද ? (25.07.2026)

+

Clean Sri Lanka රු. බිලියන 6.5 න් JVP පක්ෂ වැඩ! – මිලින්ද රාජපක්ෂගෙන් දැවැන්ත හෙළිදරව්වක් ! (25.07.2026)

+

ටිල්වින්ට රු. කෝටි 10 ආවේ පින් කැට කඩලා ද?” – කුමුදුනී බණ්ඩාරගෙන් සැර ප්‍රහාරයක් (25.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *