උණ වැළදුණු ළමුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

උණ වැළදුණු ළමුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

මෛත්‍රී ගුණරත්න මාලිමා මන්ත්‍රී ගේම ඉල්ලයි – පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න (25.07.2026)

ඝාතනයා වූ චීන ජාතිකයා (හාඕ)ලේසි පහසු මිනිහෙක් නෙවේ! චීනයේ හිටපු ප්‍රකෝටිපතියෙක් (25.07.2026)

අති ප්‍රබල එල්නිනෝවක් එන සම්භාවිතාව 80% යි – කාලගුණ විද්‍යා ඒකකය වහාම මාධ්‍ය කැඳවයි (25.07.2026)

පුළුවන් නම් එළියේ කියන්න – එදාට බලාගමු මාලිමා මන්ත්‍රී අසිතට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් කරපු අභියෝගය (25.07.2026)

කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ රහසිගත තොරතුරු එළියට, “මෙයාට ඒ ගැනවත් කිසි දැනුමක් නෑ” (25.07.2026)

රටේ සංඝරත්නයට දැන් දැහැමි රජෙකු ඕනේ වෙලා… – කොළඹ හොල්ලන සග සමුළුවක්! – දොලවත්ත (25.07.2026)

බෙල්ලන්විල වෙඩි තැබීමක් – අයෙක් (1) රෝහලට

අර්චුනාගේ මන්ත්‍රීකම ඉවරයි – මන්ත්‍රීකම නැතිවෙන්න හේතුව අර්චුනා පළමුවරට හෙළිකරයි (25.07.2026)


උණ වැළදුණු ළමුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

(25.07.2026 – 18:50 +0530 – sinhala.adaderana.lk)

උණ රෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මව්පියන් පියවර ගතයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී.

දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට ඇති අවස්ථාව අහිමිකරමින්, ඔවුන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අවධානමට ලක් නොකරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගය වැළඳුන ළමුන් 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවය.

ඉන් හතරෙන් එකක් (¼) පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, මෙම තත්ත්වය මීට වඩා වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාවය පිළිබඳ ගැටලු මතුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

එබැවින් තම දරුවන්ට උණ රෝගය පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ට දැනුම් දීමක් කර තිබේ.

එමෙන්ම නිවෙස්වල රැඳී සිටිමින් අත්බෙහෙත් කිරීම නිසා දරුවාට ප්‍රතිකාර කිරීමට ඇති කාලය අහිමිව යන අතර ස්වයං ප්‍රතිකාරවලින් වැළකී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටී.

එහිදී අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා :

“දිනකට අපේ රෝහලේ සිටින ඩෙංගු සම්බන්ධ රෝගීන් 50 ක ප්‍රමාණයක්. ඒ අතරින් අසාධ්‍ය රෝගීන් ඉන්නේ හතරෙන් එකක් (¼) පමණයි. නමුත් මේ තත්ත්වය මීට එහාට වර්ධනය වුණොත් අපිට ධාරිතාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අම්මලා තාත්තලාට මතක් කරනවා තමන්ගේ දරුවන්ව උණ රෝගය සම්බන්ධයෙන් ළඟම ඇති රජයේ රෝහලට ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ට පෙන්වන්න. ඒ වෛද්‍යවරු අවශ්‍ය වුවහොත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කිරීම් කරයි, ඔබගේ දරුවාව රැගෙන එන්න කියලා. එහෙම නැත්නම් ඒ ආයතනයට ඇතුළු කරගත්තට පස්සේ රෝගියාව යොමු කරයි රිජ්වේ ආර්යා ළමා රෝහලට.

විශේෂයෙන්ම කියන්න ඕනේ දුර ප්‍රදේශවල ඉඳලා තමන්ගේ බබාව අරගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණිය යුතු නෑ. බොහෝ මරණවලට හේතුව තමයි රෝහලට පැමිණීම ප්‍රමාද වීම. පැය 24 කට වඩා පවතින උණ රෝගය තියෙනවා නම් වෛද්‍ය අවවාද ලබා ගැනීම සුදුසුයි. ගෙදර දවස් ගණන් ඉඳලා අත්බෙහෙත් කරලා තමන්ගේ වටිනා කාලය සහ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තිබෙන කාලය නාස්ති නොකර ඉතා ඉක්මනින් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්, රජයේ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන එන එක ඉතාම වැදගත්.”

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින්ම තවදුරටත් සැලකියයුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එමෙන්ම එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ 61 න් 47 ක්ම කාන්තාව වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය :

“තවදුරටත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මේ මරණවලින් 47 දෙනෙක්ම කාන්තාවන්. පිරිමි පුද්ගලයින් 17 ක් මියගිහින් තියෙනවා. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් මේ දවස්වල ඩෙංගු කියලා සැක හැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරහා. යම්කිසි විදියකින් වෛද්‍යවරයා ඔබට නියම කරනවා නම් රුධිර පරීක්ෂාවන් කරගන්න, ඒ රුධිර පරීක්ෂාවන් කරගෙන එදිනම වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. මේ රෝගය ඇත්තටම සුව කළ හැකි රෝගයක්. ඒ නිසා සංකූලතාවලට නොයා රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා” ෴

+++

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 175ක් අධි අවදානම් |වසංගතය අඩුවෙලා නැහැ | විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර (25.07.2026)

+


මෛත්‍රී ගුණරත්න මාලිමා මන්ත්‍රී ගේම ඉල්ලයි – පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න (25.07.2026)

+


ඝාතනයා වූ චීන ජාතිකයා (හාඕ)ලේසි පහසු මිනිහෙක් නෙවේ! චීනයේ හිටපු ප්‍රකෝටිපතියෙක් (25.07.2026)

+++

චීන්නු අතින් එලොව ගිය චීන ජාතිකයා ජාත්‍යන්තර අපරාධකාරයෙක් – මිලින්ද කරන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව (25.07.2026)

+


අති ප්‍රබල එල්නිනෝවක් එන සම්භාවිතාව 80% යි – කාලගුණ විද්‍යා ඒකකය වහාම මාධ්‍ය කැඳවයි (25.07.2026)

+++

+


පුළුවන් නම් එළියේ කියන්න – එදාට බලාගමු මාලිමා මන්ත්‍රී අසිතට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් කරපු අභියෝගය (25.07.2026)

+


කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ රහසිගත තොරතුරු එළියට, “මෙයාට ඒ ගැනවත් කිසි දැනුමක් නෑ” (25.07.2026)

+


රටේ සංඝරත්නයට දැන් දැහැමි රජෙකු ඕනේ වෙලා… – කොළඹ හොල්ලන සග සමුළුවක්! – දොලවත්ත (25.07.2026)

+


බෙල්ලන්විල වෙඩි තැබීමක් – අයෙක් (1) රෝහලට

(25.07.2026 – 20:33 +0530 – sinhala.adaderana.lk)

බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අයෙකු (1) තුවාල ලබා ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු බවද පොලීසිය සඳහන් කළේය ෴

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි 55 හැවිරිදි අවන්හල් හිමිකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා ෴

බෙල්ලන්විල ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා ෴


අර්චුනාගේ මන්ත්‍රීකම ඉවරයි – මන්ත්‍රීකම නැතිවෙන්න හේතුව අර්චුනා පළමුවරට හෙළිකරයි (25.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *