ඝාතනයකට සැකපිට ඇල්ලූ චීන ජාතිකයන් දෙදෙනා (2) පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ජූලි 30 සහ 31 සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී
රු. මිලියන 110 ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ඇමතිගේ උපදෙස් පරිදි දුම්රිය ධාවනය අරඹා ඇතැයි බරපතළ චෝදනාවක්
රටම කලඹන මහා සඟ සමුළුවට තව දවස් කිහිපයයි – බුද්ධ ශාසනයට දැවැන්ත තර්ජනයක් තියෙනවා (24.07.2026)
දක්ෂිණ අධිවේගී සේවා පියසේ අද තත්ත්වේ – බත් කටක් කන්න බෑ – බල්ලෝ පරවියෝ ජරා කරලා (24.07.2026)
මහ බැංකු අධිපති නන්දලාල් මගෝඩි වැඩ කරන්න එපා – සිවිල් බුද්ධි පෙරමුණ (24.07.2026)
ඝාතනයකට සැකපිට ඇල්ලූ චීන ජාතිකයන් දෙදෙනා (2) පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
(24.07.2026 – 21:08 +0530 – sinhala.adaderana.lk)
වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා (2) පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
මොවුන් දෙදෙනා (2) විසින් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (23) ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.
චීන ජාතිකයින් තිදෙනෙකු (3) අලුයම කොළඹ කොටුව, වරාය නගරයේ මාලු ඇල්ලීම සඳහා කැබ් රථයකින් තිබුණි.
අනතුරුව එම ස්ථානයට වාහන දෙකකින් (2) පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
එහිදී පහරදුන් පිරිස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන, ඔවුන් පැමිණි එක් වෑන් රථයක් ද එහි දමා පළා ගොස් ඇති අතර අනතුරුව එහි තිබී වායු පිස්තෝලයක් සොයාගත් බව සඳහන්ය.
මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක සැක කටයුතු ගල් ගොඩක් හමුවූ අතර එය පරීක්ෂා කිරීමේදී මිනිස් අතක කොටසක් දැක ඇත.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් අතර, අනතුරුව අදාළ මළ සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවට තහවුරු විය.
ඒ අනුව සිරුර වැඩිදුර විමර්ශන සඳහා ඊයේ (23) පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගියේය.
මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන ඇති අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා භාවිත කළ එකක් බවට සැක කෙරේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු (2) මෙරටින් පළායාමට සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත ෴
+++
+
ජූලි 30 සහ 31 සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී
(24.07.2026 – hirunews.lk)
පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු කාර්යාලවල සේවක අර්ථ සාධක අරමුදල මගින් සිදු කෙරෙන ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් සිදු නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ දිනයන්හි සේවාවන් ලබාගැනීම සඳහා පෙර වේලාවන් වෙන්කරගත් පුද්ගලයින්ට මාසයක් තුළ වෙනත් ඕනෑම කාර්යාල දිනයක කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබාගැනීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴
රු. මිලියන 110 ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
(25.07.2026 – hirunews.lk)
රුපියල් මිලියන 110 ක් වටිනා කොකේන් කිලෝ 02 ග්‍රෑම් 198 ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් ෴
+++
+
දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ඇමතිගේ උපදෙස් පරිදි දුම්රිය ධාවනය අරඹා ඇතැයි බරපතළ චෝදනාවක්
(25.07.2026 – 07:00 +0530 – sinhala.adaderana.lk)
මාස ගණනාවක් වසා දමා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා යථා තත්ත්වයට පත්කිරීමකින් තොරව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අනාරක්ෂිත ලෙස දුම්රිය ධාවනය කිරීම සඳහා පියවර ගැනීම අනුමත කළ නොහැකි බවය.
“දිට්වා සුළිකුණාටුවෙන් පස්සේ වසරකට ආසන්න වෙද්දිත් අවශ්‍ය මගී පහසුකම් යථාවත් කිරීමේ ගැටලු තිබෙනවා. මේ වනවිට මාස ගණනාවක් ධාවනය අහිමිවී තිබූ තලේමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන්න දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. අමාත්‍යවරයාගේ දැනුම්දීම මත ක්ෂණිකව ආරම්භ කළා කියන දේ තමයි එන්නේ. හැබැයි මේ මොහොත වනවිට දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවලා කාලාන්තරයක් තිබිලා ගමන් ආරම්භ කරනවා. සංඥා පද්ධතිය නැවත යථාවත් කරලා නැහැ. ගැටලු රාශියක් තිබෙනවා. අනාරක්ෂිතව දුම්රිය ධාවනය කරන්න නැවත පටන් අරගෙන.”
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ සෝමරත්න මහතා පැවසුවේ,
“අමාත්‍යවරයා හැමදාම කියන්නේ මේක හරි පීල්ලට ගේන්න නිලධාරීන්ට කෝච්චියට නගින්න කියලා. හැබැයි වෘත්තීය සමිතිවලට නම් නගින්න කියන්නේ නැහැ. අපි හොඳ අදහස් දෙනවා..අපි ආණ්ඩු විරෝධී කතා නෙමෙයි කරන්නේ..මේවා කියද්දී කියද්දී.. අපිව හැමදාම එළියෙන් තියලා.. කිසිදු සාධනීය උත්තර ලබානොදී මේ කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා.”
“මැදවච්චියෙන් එහාට දීර්ඝ කාලයක් වහලා තිබ්බ සංඥා පද්ධතිය මේ වනවිට ක්‍රියා විරහිත තත්ත්වයක තිබියදී ගමන් ආරම්භ වෙන්නේ අලුයම් කාලයේ. අනතුරුවලට අත වනමින් මේ ගෙනියන ක්‍රමවේදයට වගකිවයුත්තෝ කවුද ?” ෴
+++
+++
+
රවී – ශානිට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනිමේ පරීක්ෂණවල මුල් පිටපත් CID එකෙන් අතුරුදන් වෙලා ?? (24.07.2026)
+
රටම කලඹන මහා සඟ සමුළුවට තව දවස් කිහිපයයි – බුද්ධ ශාසනයට දැවැන්ත තර්ජනයක් තියෙනවා (24.07.2026)
+
දක්ෂිණ අධිවේගී සේවා පියසේ අද තත්ත්වේ – බත් කටක් කන්න බෑ – බල්ලෝ පරවියෝ ජරා කරලා (24.07.2026)
+
මහ බැංකු අධිපති නන්දලාල් මගෝඩි වැඩ කරන්න එපා – සිවිල් බුද්ධි පෙරමුණ (24.07.2026)
+
තමුසේ නීතිය දන්නවා ඔළු ගෙඩිය – දීපන් ලයිසන් එක – වීඩියෝ කරලා දානවා මම එකෙක්ටවත් බය නෑ ඕයි (24.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴