උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

දෙවිනුවර ගෙදරට වෙඩි තියන්න ආ කාර් එක පොලිසිය ලුහුබඳිද්දී කාණුවක වැටිලා – ඩ්‍රයිවර් පැනලා (23.07.2026)

විපක්ෂයේ විශේෂ රැස්වීම මැද්දෙන් නැගිටලා නාමල් රාජපක්ෂ හදිසියේම යන්න යයි |නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (23.07.2026)

විපක්ෂ ප්‍රභලයින්ගේ විශේෂ හමුවෙන් පස්සේ රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | දේශපාලන කරලිය උඩුයටිකුරු වෙයි (23.07.2026)

2026 දෙවන (2) පාසල් වාරයේ අවසානය සහ තෙවන වාරයේ ඇරඹුම

2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා

මීගමුව බන්ධනාගාරය තුළ අපරාධයක් සිදුවෙලා – මීගමුව මහේස්ත්‍රාත් කියයි

රටම කතා කරන පාතල නායක රත්ගම විදුරගේ රජයට පවරා ගත් රු. කෝටි 15 ක දේපල (23.07.2026)


උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

(23.07.2026 – 10:45 +0530 – sinhala.adaderana.lk)

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.

අදාළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

විවෘත අධිකරණයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා කියා සිටියේ, පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සංකීර්ණ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම දුෂ්කර නියෝගය ප්‍රකාශයට පත් කළ බවය.

මෙවර අපොස උසස් පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන් ලක්ෂ හැත්තෑ හට දහසකට (3,78,000) ආසන්න පිරිසක් සහභාගි වන බව පෙත්සම සලකා බැලීමේදී අනාවරණ විය.

මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම විභාග පැවැත්වීමේ ක්‍රියාදාමයට මැදිහත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙම නඩුකරයට මැදිහත්වීමට අධිකරණය අදහස් නොකරන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, මෙවර අපොස උසස් පෙළ විභාගයේ අධ්‍යයන වර්ෂය අවසන් වන දිනය සහ විභාගය පැවැත්වෙන දිනය අතර දින තුනක (3) කාලයක් පමණක් පවතින බව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී කරුණු අනාවරණය වූ බවය.

ඉන් සිසුන්ට කිසියම් අපහසුතාවයක් සිදුවන්නේ නම් ඊට සුදුසු සහනයක් සලසා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරියට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් විභාග ක්‍රියාදාමය යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණය සතුටට පත්වන බව කියා සිටි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තමන් පෙනී සිටින අපොස සාපෙළ විභාගය හෝ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නිශ්චිතව දැන ගැනීමට ශිෂ්‍යයින්ට හැකියාව තිබිය යුතු බවත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

මෙම (2026) වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

+++

+++

උසස් පෙල විභාගය කල් නොගියේ ඇයි? මී ලඟ පියවර කුමක්ද? (23.07.2026)

+++

+


දෙවිනුවර ගෙදරට වෙඩි තියන්න ආ කාර් එක පොලිසිය ලුහුබඳිද්දී කාණුවක වැටිලා – ඩ්‍රයිවර් පැනලා (23.07.2026)

+


විපක්ෂයේ විශේෂ රැස්වීම මැද්දෙන් නැගිටලා නාමල් රාජපක්ෂ හදිසියේම යන්න යයි |නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (23.07.2026)

+++


විපක්ෂ ප්‍රභලයින්ගේ විශේෂ හමුවෙන් පස්සේ රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | දේශපාලන කරලිය උඩුයටිකුරු වෙයි (23.07.2026)

+++

+++

+++

+


2026 දෙවන (2) පාසල් වාරයේ අවසානය සහ තෙවන වාරයේ ඇරඹුම

(23.07.2026 – 20:21 +0530 – sinhala.adaderana.lk)

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24) අවසන්වනව බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන සඳුනා (27) ආරම්භ වන බවය.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වැනිදා අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු 03 වැනිදා ආරම්භ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ෴


2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා

(23.07.2026 – hirunews.lk)

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතයි.

එහිදී, II වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 09:30 සිට පෙ.ව. 10:45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වාත් කාලය ලබා දී තිබෙනවා.

මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම, එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, අද (23) සිට අගෝස්තු මස 03 වන දින දක්වා කාලය තුළ මාර්ගගතව (Online) විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවත් එම නිවේදනයේ සඳහන් ෴


මීගමුව බන්ධනාගාරය තුළ අපරාධයක් සිදුවෙලා – මීගමුව මහේස්ත්‍රාත් කියයි

(23.07.2026 – 19:24 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය තුළ අපරාධයක් සිදුවී ඇති බැවින් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (23) නියෝග කළාය.

එමෙන්ම සිද්ධියේදි මිය ගිය , මරණයට හේතු ප්‍රකාශ වූ 28 දෙනා අතුරින් 17 දෙනෙකු ගිනිඅවියකින් සිදුකළ වෙඩිතැබීමකින් වූ තුවාල නිසාද, 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ බහුවිධ තුවාල නිසාද මියගොස් ඇතැයි මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි මස 05 සහ 06 යන දෙදින තුළ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ අද (23) යළි කැඳවුණි.

එහිදී සිදුවීම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, විමර්ශනයට අදාළව මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 200 ක්, රැඳවියන් 563 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130 ක්, පොලිස් නිලධාරීන් 11 ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශනය අපි සිදුකරන්නේ ජුලි 05 පළමු දිනයේ පහරදීම, ජුලි 06 දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03 කට අදාළවයි.”

මෙහිදී මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයට අදාළව සැකකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

“ස්වාමිනි, මේ සිදුවීමේදී තත්ත්වය පාලනය කරන්න වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔවුන් ගිනිඅවි 10 ක් සහ උණ්ඩ 300 ක් රැගෙනවිත් තිබෙනවා. ඉන් වැයකරලා තියෙන්නේ පතොරම් 12 ක් පමණයි. ඒ අනුව ගිනිඅවි 10 සහ ඉතිරි පතොරම් මේ වෙද්දි විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. විමර්ශනයේදී දැනට අනාවරණය වී ඇති අන්දමට මේ සිදුවීමේ ගැටුමට මුල්වී ඇත්තේ බන්ධනාගාර අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය රැගෙනඒම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදුන් රැඳවියන් පිරිසක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක්. පසුව එම ප්‍රහාරය නිලධාරීන් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. මේ සියල්ල සිදුකර තිබෙන්නේ ඉතා සූක්ෂම විදිහට සංවිධානාත්මකව සැලසුම් කළ සුළු පිරිසක් විසින්. ඒ අනුව සැකකරුවන් 40 දෙනෙකුගේ අන්වර්ථ නාමයන් මේ වෙද්දි අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ නිශ්චිත අනන්‍යතාවයන් හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.”

මෙහිදී මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් වෙනුවෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස නීතිඥ සේනක පෙරේරා මහතා කරුණු දැක්වීමක් සිදුකළේය.

“ස්වාමිනි, මේ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යන දෙපාර්ශවයම මියගියා. පළමු දිනයේ ගැටුමට පස්සේ දෙවන දිනයේ හානිය වළක්වාගන්න බන්ධනාගාර නිලධාරීන් මොනවාද කළේ කියන එක බරපතළ ගැටලුවක්. ඇයි පළමු දිනයේ ආරවුලට සම්බන්ධ රැඳවියන් අනිත් රැඳවියන්ගෙන් වෙන් නොකළේ? මේ සිදුවීමේදී බන්ධනාගාර ආයුධ ගබඩාවේ කඳුළු ගෑස් තිබුණාද කියන එකත් ප්‍රශ්නයක්. ඉතිං මෙතනදි නොසැලකිලිමත්කම නිසාත් මරණ සිදුවී ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම කියන වරද මෙතනදි වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කුඩා කවුළුවකින් බන්ධනාගාරය තුළට නිලධාරියෙක් වෙඩි තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 294 මිනිමැරීමේ වරද යටතේ එන 4 වන කොටස සෑම අතින්ම මරණය සිදුවිය හැකි බව දැන දැන සිදුකරන ක්‍රියාවක් තමයි ඒක. මේ විමර්ශනය සමබරව කරගෙන යාමට සුදුසු නියෝග නිකුත් කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

අනතුරුව සිදුවීමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අනුව එක් එක් මරණවලට හේතුව වෙන්වෙන්ව මහෙස්ත්‍රාත්වරිය විසින් විවෘත අධිකරණයේ නිවේදනය කළාය.

ඒ අනුව මරණයට හේතුව ප්‍රකාශ කළ 28 දෙනා අතරින් 17 දෙනෙකු ගිනිඅවියකින් සිදුකළ වෙඩිතැබීමකින් වූ තුවාල නිසාද, 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ බහුවිධ තුවාල හේතුවෙන්ද මියගොස් ඇති බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය ෴


රටම කතා කරන පාතල නායක රත්ගම විදුරගේ රජයට පවරා ගත් රු. කෝටි 15 ක දේපල (23.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *