මේ වසරේ මුල් මාස හයට (6) ළමා අපයෝජන පැමිණිලි 5,523 ක්

මේ වසරේ මුල් මාස හයට (6) ළමා අපයෝජන පැමිණිලි 5,523 ක්

කල් පැනපු ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23 කට නඩු

දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පරිසර බලපත්‍රය යාවත්කාලීන නොකළ කර්මාන්තශාලා 41 ක් 2025 දී වසා දමලා

බන්ධනාගාර නිලධාරීන් බිල්ලට දීලා ඉවරයි – මිලින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇඩ්‍රස් නැති කරයි (23.07.2026)

දකුණේ පෙරහරක් කරනවා නම් අවසර ගන්න ඕන කංජිපානිගෙන්ද..? දෙහිබාලේ මල්ලිගෙන්ද..? | කැලුම් ජයසුමන (23.07.2026)

රටම දන්න ජනප්‍රිය ගායකයාට වෙච්ච දේ මෙන්න – සූරියකුමාර් මුත්තලගේ (23.07.2026)

ගින්නෙන් අළු වුණු හෝමාගම කර්මාන්තශාලාව | නි. කම්කරු ඇමති මහින්ද ජයසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් (23.07.2026)

ලංකාවේ දිගම වාරි උමගේ කැණීම් යන්ත්‍රය පොළව තුලම මිහිදන් කරන්නේ ඇයි? | වටිනාකම රු. බි. 1.5 ට ආසන්නයි (23.07.2026)

පෝර්ට්සිටියේ යුද්ධයක් – පෝර්ට් සිටියම කළඹමින් චීනෙක්ව පැහැර ගනී – චීන්නු 15 ක් බැහැලා සැරටම නෙලලා (23.07.2026)

සතියයි දෙන්නේ, විජයදසලා කැඳවන්න ඕන | අනුර මල්ලි කිව්වා හොරු අල්ලනවා කියලා | අල්ලස් කොමිසමට ආ අජන්තා (23.07.2026)

ස්වාමීනි, බොරුවක් වෙන්නෙ කොහොමද? මීටර් 50 ක් එහායින් ඉඳන් මොහු මෙහෙව්වේ (23.07.2026)


මේ වසරේ මුල් මාස හයට (6) ළමා අපයෝජන පැමිණිලි 5,523 ක්

(23.07.2026 – 12:53 +0530 – sinhala.adaderana.lk)

2015 – 2025 දක්වා ගත වූ වසර 10 ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරියට පැමිණිලි 108,581 ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද පැනයකට අද (23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමිනි.

මේ (2026) වසරේ අප්‍රේල් මස 30 වෙනිදා වනවිට මහාධිකරණයේ ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4421 ක් විභාග වෙමින් පවතින අතර සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු ඇති බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා පොලිස් කොට්ඨාස ළමා හා ආරක්ෂණ කාර්යාංශ 47 සම්බන්ධීකරණය කරගනිමින් නඩු නියාමන කටයුතු සිදු කරනු ලබයි.

එමෙන්ම වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ ඉදිරි පියවරක් ලෙස ළමුන් අධිකරණය වෙත ඉදිරිපත් නොකර කිසිදු බලපෑමකින් තොරව පරිසරයක් තුළ වීඩියෝ සාක්ෂි පටිගත කරමින් අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන බව සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ඒ අනුව පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීම ඒකක නවයක් (09) ස්ථාපිත කිරීමට අවශ්‍ය සුදුසු ස්ථාන හඳුනාගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන්ය.

මේ අතර මේ වසරේ ගත වු මුල් මාස 06 තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය.

ජනවාරි පළමු දින සිට ජුනි 30 දක්වා කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 5,523 ලැබී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේය.

ඒ අතර ළමුන් කෘරත්වයේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක් ලැබී තිබේ.

බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 60, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 213 ක්, ළමුන් නීත්‍යානුකූල භාවයෙන් අපහරණය කිරීම සම්බන්ධ පැමිණිලි 99 ක්, ළමුන් සිඟමනේ යෙදවීම් පැමිණිලි 100 ක් සහ ළමා ශ්‍රමිකත්වය පිළිබද පැමිණිලි 82 ක් ලැබී ඇති බව සඳහන්ය.

එමෙන්ම යොවුන් වියේ ගැබ් ගැනීම් පිළිබඳ පැමිණිලි 40 ක් සහ ළමා විවාහ සම්බන්ධයේන පැමිණිලි 05 ක් ද මේ වසරේ පළමු මාස 06 තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත.

ළමයින්ට එරෙහිව සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 112 ක් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 13 ක් ද ලැබී ඇති බවයි ජාතික ළම ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය ෴


කල් පැනපු ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23 කට නඩු

(23.07.2026 – 16:16 +0530 – sinhala.adaderana.lk)

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23 කට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ මගින් දඩ නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූ අට දහසක් (57,98,000) බව එම අධිකාරිය නිවේදනය කළේය.

විමර්ශනයට ලක් කළ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන්ය.

මහජන සෞඛ්‍යයට සහ පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කර ගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කරන ලදී.

මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි බරපතළ අක්‍රමිකතා රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම විශේෂ විමර්ශන හා වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් වැරදි අනාවරණය වී තිබේ.

  • රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තබා ගැනීම.
  • කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.
  • කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමඟ වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම.

දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

(23.07.2026 – 12:17 +0530 – sinhala.adaderana.lk)

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ ෴


පරිසර බලපත්‍රය යාවත්කාලීන නොකළ කර්මාන්තශාලා 41 ක් 2025 දී වසා දමලා

(23.07.2026 – 17:07 +0530 – sinhala.adaderana.lk)

පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන නොකර කටයුතු පවත්වාගෙන ගිය කර්මාන්තශාලා 41 ක්, 2025 වසර තුළදී ස්ථිරවම වසා දැමීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෑතකදී ගින්නෙන් විනාශයට පත්වූ කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා මේ බවද අනාවරණය කළේය.

අදාළ කර්මාන්තශාලාව 2024 වසරෙන් පසුව පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව ඔහු මෙහිදී පැවසීය.

“අදාළ පාරිසරික නිර්නායක විධිමත් ලෙස සම්පූර්ණ කර, පරිසර ආරක්ෂණ වාර්තාව ලබාගන්නා ලෙස අප අවස්ථා කිහිපයකදීම එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරියට ලිඛිතව හා වාචිකව දැනුම් දී තිබුණා. නමුත් ඔවුන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නැහැ” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, පාරිසරික නීති රීති උල්ලංඝණය කළ තවත් කර්මාන්තශාලා 19 ක්, 2025 වසරේ දී තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇති බවය.

එමෙන්ම කර්මාන්තශාලා 5 කට නීතිමය විධානයන් නිකුත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන ආයතන සම්බන්ධයෙන් ක්ෂණික තීරණ නොගන්නා බවත්, ඒ සඳහා නිසි නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

කර්මාන්තශාලාවක් වසාදැමීමට පෙර පවත්නා අනනුකූලතාවයන් සහ අඩුපාඩු සකස් කරගැනීම සඳහා කර්මාන්තශාලා වෙත පළමුව අවස්ථාවක් ලබාදීම සිදුකෙරේ.

ඉන් අනතුරුව ලබා දුන් උපදෙස් පිළිපදින්නේ නොමැතිනම් ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු නිල නීති විධානයන් නිකුත් කිරීම සිදුකරනු ලබයි.

ඉන් ඔබ්බට යමින් තවදුරටත් බලපත්‍ර නොමැතිව කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ නම්, අදාළ ප්‍රදේශයේ බල ප්‍රදේශයට අයත් අධිකරණය හමුවේ නඩු පවරා ආයතන වසා දැමීමට කටයුතු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට බලය හිමිය ෴


බන්ධනාගාර නිලධාරීන් බිල්ලට දීලා ඉවරයි – මිලින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇඩ්‍රස් නැති කරයි (23.07.2026)

+


දකුණේ පෙරහරක් කරනවා නම් අවසර ගන්න ඕන කංජිපානිගෙන්ද..? දෙහිබාලේ මල්ලිගෙන්ද..? | කැලුම් ජයසුමන (23.07.2026)

+


රටම දන්න ජනප්‍රිය ගායකයාට වෙච්ච දේ මෙන්න – සූරියකුමාර් මුත්තලගේ (23.07.2026)

+


ගින්නෙන් අළු වුණු හෝමාගම කර්මාන්තශාලාව | නි. කම්කරු ඇමති මහින්ද ජයසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් (23.07.2026)

+


ලංකාවේ දිගම වාරි උමගේ කැණීම් යන්ත්‍රය පොළව තුලම මිහිදන් කරන්නේ ඇයි? | වටිනාකම රු. බි. 1.5 ට ආසන්නයි (23.07.2026)

+


පෝර්ට්සිටියේ යුද්ධයක් – පෝර්ට් සිටියම කළඹමින් චීනෙක්ව පැහැර ගනී – චීන්නු 15 ක් බැහැලා සැරටම නෙලලා (23.07.2026)

+++

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි

(23.07.2026 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වා තිබෙනවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් අනාවරණය කරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ පොලිසිය කඩිනමින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් චීන තානාපති කාර්යාලය පවසනවා.

තවද, මෙම ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙසත්, චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයන් තිදෙනෙකු (3) නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරය වෙත පැමිණ, එහි පිහිටි එල්ලෙන පාලම මත සිට මාළු බාමින් සිට තිබෙනවා.

පසුව අද (23) අලුයම 02:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක්, වරාය නගරයේ රථගාලේ වාහනය නවත්වා එල්ලෙන පාලම වෙත ගොස් ඇති අතර, එලෙස පැමිණි පිරිස මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනාට (3) පහර දී, ඒ අතුරින් එක් අයෙකු (1) පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැහැර ගත් චීන ජාතිකයාගේ සිරුර ඇහැළියගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

+


සතියයි දෙන්නේ, විජයදසලා කැඳවන්න ඕන | අනුර මල්ලි කිව්වා හොරු අල්ලනවා කියලා | අල්ලස් කොමිසමට ආ අජන්තා (23.07.2026)

+


ස්වාමීනි, බොරුවක් වෙන්නෙ කොහොමද? මීටර් 50 ක් එහායින් ඉඳන් මොහු මෙහෙව්වේ (23.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *