පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
වැවිලි සමාගම් තැන්පතු භාරගැනීම නීති විරෝධියි – මහ බැංකු අධිපති
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් (2) බෑවුමකින් ඇදවැටී මරුට
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රු. මිලියන 03 ක දඩයක්
දෙවුන්දර නිවසට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් හමුවෙයි
කොල්ලුපිටියෙන් ඇල්ලූ රු. කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
රන් කිලෝ 4 ක් සහ රු. ලක්ෂ 169 ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
වී | Aluth Parliamenthuwa | (2026.07.22)
මුළු රටේම පාසල් ලබන 04 වැනිදා වහන්න වෙයිද? සියලු මාධ්‍ය කැඳවා විස්තරේ කිව්වේ මෙහෙම (22.07.2026)
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
(22.07.2026 – hirunews.lk)
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සහ ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන මූල්‍ය අක්‍රමිකතාවලින් සහ වංචාවලින් ප්‍රවේශම් වන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
අන්තර්ජාල WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින්, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සංවිධානාත්මක පිරිස් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් පිළිබඳව නිතර පැමිණිලි ලැබෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් පොලිසිය මගින් විමර්ශන සිදුකර සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ඒකකයකින් බව පවසමින් ස්ථාවර හෝ ජංගම දුරකථන වෙත ඇමතුම් ලබා ගැනීම.
නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බව හෝ අදාළ බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණය (Money Laundering) සඳහා යොදාගෙන ඇති බැවින් නඩු පවරන බවට බියගැන්වීම.
රහස්‍ය විමර්ශනයක් සිදුකරන බව පවසමින්, උදව් කරන්නේ නම් මුදාහරින බව අඟවමින් WhatsApp හරහා ව්‍යාජ පොලිස් නිල ලාංඡන, ලියකියවිලි සහ නිලධාරීන්ගේ ඡායාරූප යොමු කිරීම.
‘Verification’ සඳහා අවහිර (Freeze) වූ ගිණුම් නිදහස් කිරීමට යැයි පවසමින් බැංකු ගිණුම්වලට ලොග් වීමට OTP අංක ලබාගැනීම, වෙනත් ගිණුම්වලට මුදල් මාරු කරවා ගැනීම හෝ USDT වැනි ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) හරහා මුදල් ගෙවන ලෙස බලපෑම් කිරීම ඔවුන් විසින් සිදුකරන බව වාර්තා වනවා.
එබැවින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා එවැනි තොරතුරු ලබාදීමෙන් වළකින්න ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුම් හෝ WhatsApp හරහා ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV අංකය, මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටින අතර එවැනි තොරතුරු ඉල්ලන ඇමතුම් වංචනික බව තේරුම් ගත යුතුයි.
ගිණුම් අවහිර කරන බවට හෝ නඩු පවරන බවට පවසන තර්ජනවලට බිය වී වෙනත් ගිණුම්වලට මුදල් මාරු කිරීමෙන් වළකින්නැයිද යම් සැකයක් ඇත්නම් අදාළ බැංකුවේ හෝ ආයතනයේ නිල දුරකථන අංකය ඔස්සේ කතා කර තොරතුරු තහවුරු කරගන්නා ලෙස පොලිසිය දැනුම් දෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවිටෙකත් පෞද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, බැංකු ගිණුම් අංක ලබා දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින්නේ ද නැහැ.
එමෙන්ම නිල දැනුම්දීම් ලිඛිතව යොමු කෙරෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් පැමිණෙනු ඇති.
WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා එවැනි ව්‍යාජ ලියකියවිලි ලදහොත් වහාම ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලසයි පොලිසිය දැනුම් දෙන්නේ.
නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සබැඳි (Links) මගින් පළ කරනු ලබන අන්තර්ජාල දිනුම් සහ සැකකටයුතු යොමු භාවිතයෙන් වළකින ලෙසද දැනුම් දෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් සිදු නොකරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරනවා.
එබැවින්, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හෝ විමර්ශන සඳහා යැයි පවසමින් මුදල් ලබාගැනීමට උත්සාහ කරන වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් පහත දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.
- පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ : 071 859 2918
- පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් : 071 859 1765
- පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (කාර්යාලය) : 011 230 0756
මේ අතර මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිඛිතව පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව පොලිසිය වැඩිදුරටත් පවසනවා ෴
වැවිලි සමාගම් තැන්පතු භාරගැනීම නීති විරෝධියි – මහ බැංකු අධිපති
(22.07.2026 – hirunews.lk)
පාරිභෝගිකයන්ගෙන් තැන්පතු භාර ගනිමින් ප්‍රතිලාභ ගෙවනු ලබන වැවිලි සමාගම් පිළිගැනීමේ හෝ අනුමත කිරීමේ කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී හිරු ප්‍රවෘත්ති නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා සඳහන් කළේ, එවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අනුමැතියක් හිමිව නොමැති බවයි.
මෙවැනි තැන්පතු ලබාගැනීමේ ව්‍යාපාර නීති විරෝධී ලෙස සලකන බවත්, ඒවායේ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දැනටමත් එවැනි යෝජනාක්‍රමවල මුදල් ආයෝජනය කර ඇත්නම්, එම මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ කිරීමට නොහැකි වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙසයි ඔහු වැඩිදුරටත් උපදෙස් දුන්නේ.
මෙවැනි සමාගම්වලට නීත්‍යානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය නම්, මුදල් සමාගමක් (Finance Company) ලෙස ලියාපදිංචි වීම එකම විකල්පය බවත්, එසේ නොමැතිව තැන්පතු භාරගැනීම ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ෴
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් (2) බෑවුමකින් ඇදවැටී මරුට
(22.07.2026 – hirunews.lk)
“සෙල්ෆි” ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ සිසුන් දෙදෙනෙක් (2) බෑවුමකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තෙල්දෙණිය – පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් (2) මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාළ ස්ථානයට සිසුන් පස් දෙනෙකු (5) ගොස් ඇති අතර ඔවුන් අතරින් අවුරුදු: 13 සහ 14 වයසේ පසුවූ දෙදෙනෙක් (2) මෙම අනතුරට ලක්ව මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා ෴
‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරු රේගු පනත යටතේ වරදක් කළ බවට සාක්‍ෂි නෑ; ඒත් නියෝගයක් දීමට අධිකරණ බලයක් නෑ – කොටුව මහෙස්ත්‍රාත්
(23.07.2026 – divaina.lk)
රේගු වරදක් සම්බන්ධයෙන් සාක්‍ෂි වසන් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල ‘හවුස් ඔෆ් පැෂන්’ ආයතනයේ හිමිකරු වන ‘ප්‍රීති ජයවර්ධන මහතා’ රේගු ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට සාක්ෂි නොමැති බව පෙනී යන්නේ යැයි කොටුව මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (22) විවෘත අධිකරණය හමුවේදී පැවැසීය.
රේගු නිලධාරීන් විසින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පරීක්‍ෂණ වාර්තා අනුව ඒ බව පෙනී යන නමුත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් නියෝගයක් දීමේ අධිකරණ බලය තම අධිකරණයට නොමැති බැවින් නිසි අධිකරණ බලය ඇති කොළඹ අංක හය (6) අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට එම නඩු ගොනුව වහාම යොමු කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.
රේගු නිලධාරීන් සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් හා අධිකරණයට සැබෑ තත්ත්වය වසන් කිරීමෙන් බැවින් මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයකු විසින් පසුගිය 16 වැනිදා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සිය සේවාදායකයාව ඇප මත මුදාහරින ලෙසට සැකකාර ප්‍රීති ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 20 වැනිදා ඉල්ලා සිටියේය.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඊයේ (22) පස්වරු 01:30 ට නිකුත් කිරීමට එදින දින නියම කළ අතර ඒ අනුව එම නඩුව ඊයේ (22) කැඳවිණි ෴
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රු. මිලියන 03 ක දඩයක්
(23.07.2026 – hirunews.lk)
රුධිර පරීක්ෂාවක් සඳහා නියමිත උපරිම මිල ඉක්මවා ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 03 ක දඩයක් අය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ලැබුවා.
එම අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා තිබෙනවා.
ඒ අනුව, Full Blood Count හෙවත් FBC නමැති රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 ක් ලෙසයි දක්වා ඇත්තේ.
කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක එම පරීක්ෂාව සඳහා රුපියල් 550 ක බැගින් අය කර ඇති බව පසුගිය 13 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර එය පෙරේදා (21) කැඳවූ අවස්ථාවේදී විත්තිකාරු වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියන 03 ක දඩයක් නියම කරනු ලැබුවා.
එමෙන්ම සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කළා.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ගෙවනු ලබන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය ඉල්ලීමක් කරනවා ෴
දෙවුන්දර නිවසට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් හමුවෙයි
(23.07.2026 – hirunews.lk)
දෙවුන්දර දේවාලය පිටුපස නිවසකට ඊයේ (22) සිදු කළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට පැවසෙන මෝටර් රථය දික්වැල්ල – බෙලිඅත්ත පරණ පාර ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) රාත්‍රියේ එම මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී රියදුරු විසින් එම රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි.
පසුව එම මෝටර් රථය කණුවක ගැටී නැවතී අතර රියදුරු පළාගොස් තිබුණා.
පසුව සිදු කළ පරීක්ෂාවේදී අදාළ රථය දෙවුන්දර වෙඩි තැබීමට පැමිණි රථය බවට තහවුරු කරගෙන තිබෙනවා.
පෙරේදා (21) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවෙකුට හානියක් සිදුව තිබුණේ නැහැ ෴
කොල්ලුපිටියෙන් ඇල්ලූ රු. කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
(23.07.2026 – hirunews.lk)
ඊයේ (22) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහයකට (10) අධික වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයකට (300) අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ ඉදිකර තිබූ රහසිගත ගබඩාවක් තුළ සඟවා තිබියදී බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරනවා.
එසේම මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී එහි හිමිකරු විසින් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් රුපියල් කෝටි දහයක් (10) ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථන තොගය තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුරකථන බවයි එම ඒකකය සඳහන් කළේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පළමු (1) මහලේ මෙම වැටලීම සිදු කර තිබුණා.
මෙම ජංගම දුරකථන එහි හිමිකරු විසින් ගුවන්තොටුපල හරහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඉතා සූක්ෂමව විටින් විට මෙරටට ආනයනය කර ඇති අතර, පසුව ඒවා ඔහුට අයත් විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රදර්ශනාගාරවලට යවා අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
+++
+
රන් කිලෝ 4 ක් සහ රු. ලක්ෂ 169 ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
(22.07.2026 – hirunews.lk)
රත්‍රං සහ මුදල් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 10 දෙනෙකු මහනුවර, වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
රත්‍රං තොගය අතර කිලෝ හතරකට (4) ආසන්න බරින් යුත් රන් පොලු හතරක් (4) වන බව සඳහන්.
මේ අතර සැකකරුවන් සතුව තිබී රුපියල් එක්කෝටි හැට නව ලක්ෂයක (1,69,00,000) මුදලක්ද සොයා ගත් බව පොලීසිය පවසනවා.
කිලෝ 03 යි ග්‍රෑම් 930 ක් බර රන් පොලු හතරෙන් (4) එක් රන් පොල්ලක් කිලෝ 1½ ක පමණ බරින් යුක්ත බව පොලීසිය පැවසුවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්‍රං තොගයක් බවටයි පොලිසිය සැක කරන්නේ.
කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත සැකකරුවන් වත්තේගම නවාතැන් පොළක රැඳී සිටියදීයි පොලීසිය විසින් (22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.
මෙම පිරිස කොළඹ කොටහේනේ සිට මහනුවරට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වුණා.
වැඩි මිලකට මෙම රන් තොගය අලෙවි කිරීම සඳහා රැගෙන ආ බවයි සැකකරුවන් පොලීසියට පවසා තිබෙන්නේ.
පොලීසිය භාරයට ගත් ඒවායේ අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු රිසට් පතක් ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වූ බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ ඔවුන් ස්වර්ණාභරණ අලෙවිසලක් පවත්වාගෙන යන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර වැඩිදුර විමර්ශන සඳහා හෙට (23) කොළඹ අපරාධ විමර්ශන ඒකකයට භාර දෙන බවයි වත්තේගම පොලීසිය පැවසුවේ ෴
සලේ පුහුණු කළේ මම | ලෝකේ අනික් රටවල මෙහෙම පාවා දීලා නැහැ | හිටපු හමුදාපති මහේෂ් සේනානායක (23.07.2026)
+
වී | Aluth Parliamenthuwa | (2026.07.22)
+
මුළු රටේම පාසල් ලබන 04 වැනිදා වහන්න වෙයිද? සියලු මාධ්‍ය කැඳවා විස්තරේ කිව්වේ මෙහෙම (22.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴