සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට – 94 වන ස්ථානයට පැමිණෙයි
කතානායක ජගත් වික්‍රමරත්න ගැන හෙළිදරව්වක්! වාර්තාවෙන් එළියට ආ චෝදනා මොනවාද? (22.07.2026)
හරිනි මැඩම්ගෙ පූසියෝ අනුර ජනපතිගේ මීයෝ කාලා (22.07.2026)
බිමල්ට දයාසිරිට වගේ සිංදු කියන්ඩත් පුළුවන්ද ? (22.07.2026)
මහත්වරුනි ස්තූතියි ! හැප්පිලා බලමු (22.07.2026)
චරිත්ලට බන්ධනාගාරය තුල ප්‍රහාරයක් ? (22.07.2026)
ශ්‍රී ලංකාවට තවත් හෙණයක් පාත් නොවීමේ වගකීම BJP දේව මණ්ඩලය සතු වන ලකුණු! (22.07.2026)
බන්ධනාගාර වධක භූමි බවට පත් කරන පැලවත්තේ සැළසුමේ භයානකකම මෙන්න (22.07.2026)
සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
(22.07.2026 – 15:16 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ (Digital Education Task Force) බහු-විෂයයික ක්‍රියාකාරී කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් අවකාශයෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරන අතරම මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ලොව පුරා රටවල් ගණනාවක්ම ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වයස් සීමාවන් පැනවීමට සාකච්ඡා කරමින් සිටින පසුබිමක, මෙවැනි තහනම් කිරීම් බලාත්මක කිරීමේ ඇති සංකීර්ණතාව සහ එහි සඵලදායිතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කර ඇත.
ප්‍රථමයෙන් මෙවැනි තහනමක් පැනවූ රටේ සිදුකළ අධ්‍යයනයකට අනුව, දරුවන්ගෙන් 85% ක්ම වෙනත් ක්‍රම ඔස්සේ තවදුරටත් එම ප්ලැට්ෆෝම් (Platforms) භාවිතා කර ඇති බව හඳුනාගෙන තිබේ. තවද, මෙවැනි තහනම් පැනවීම් හරහා,
- ඉගෙනුම් අවස්ථා අහිමි වීම
- අවදානම් සහිත වෙනත් ප්ලැට්ෆෝම් භාවිතය ඉහළ යාම
- සාමාජික සබඳතා බිඳවැටීම
- පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන අවදානම්
වැනි අහිතකර අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද මෙහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව, අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපයෝජනයන් (Grooming and exploitation), අහිතකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම, ඇබ්බැහි කරවන සුළු මාර්ගගත හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක ගැටලුවලට සඵලදායී ලෙස පිළියම් යෙදීම සඳහා ‘බුද්ධිමත් සංයෝජනයක්’ (Smart mix) නිර්දේශ කර ඇත.
එම උපාය මාර්ග අතරට,
- ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සහ දෙමාපියන් හා දරුවන් බලගැන්වීම.
- මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම සහ ඇබ්බැහි කරවන විශේෂාංග අක්‍රිය කිරීම.
- ‘සැළසුමෙන්ම සුරක්ෂිතභාවය’ (Safety-by-design) කෙරෙහි අවධානය යොමු කිරීම.
- සිදුවන හානි සඳහා සඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් සකස් කිරීම,
වැනි කරුණු ඇතුලත් වේ.
මෙම ක්‍රියාවලියට සමගාමීව සිසුන්, අධ්‍යාපනඥයින් සහ දෙමාපියන් වෙනුවෙන් සකස් කරන ලද පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ජාත්‍යන්තර රාමු සහ ජාතික අත්දැකීම් ඇසුරින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ, සුදුසු බලධාරීන්ගේ අනුමැතියෙන් පසුව පුහුණු කිරීම් සහ දිශානති වැඩසටහන්ද සමගින් දිවයින පුරා පිහිටි පාසල් වෙත ලබාදීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය එරංග වීරරත්න, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ ෴
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
(22.07.2026 – 16:36 +0530 – sinhala.adaderana.lk)
NEMIS (National Education Management Information System) පද්ධතියේ මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පහේ තොරතුරු ඉදිරි මාස තුන තුළ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
NEMIS ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ආරම්භ කර ඇත.
එමෙන්ම ගුරු ස්ථාන මාරු සඳහා මෙම NEMIS පද්ධතිය ඉදිරියේදී භාවිත කිරීමට නියමිත අතර, මේ වන විටත් සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගුරු ස්ථාන මාරු කටයුතු එමගින් සිදු කිරීම ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ඉහළ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ.
එමෙන්ම වත්මන් රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් සැපයීමේ ඉලක්කය සහිතව, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර තුළ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීම, ස්මාර්ට් පුවරු, අන්තර්ජාල පහසුකම් සහ පරිගණක ලබා දීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සිදු කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇති බව පැවසේ.
එමෙන්ම පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට ෆයිබර් (Fibre) තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රගතියද අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට ලක්ව තිබේ,
ලබන දෙසැම්බර් 31 වනවිට එම පහසුකම් ලබා දී අවසන් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇත.
ෆයිබර් තාක්ෂණය යෙදවීම ප්‍රායෝගිකව අපහසු පාසල් සඳහා රැහැන් රහිත (Wireless) හෝ චන්ද්‍රිකා (Satellite) තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා සියලු සේවා සපයන්නන්ගේ තරඟකාරී යෝජනා සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කිරීමට නියමිතය.
මීට අමතරව LMS (Learning Management System) සහ NEMIS පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් සියලුම පාසල් ඒ හා සම්බන්ධ කිරීම, ‘ඊ-තක්සලාව’ යාවත්කාලීන කිරීම සහ අධ්‍යාපන ඩිජිටල්කරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා GovTech ආයතනය අතර ගිවිසුම්ගත වීම ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු රාශියක් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත ෴
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට – 94 වන ස්ථානයට පැමිණෙයි
(22.07.2026 – hirunews.lk)
ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබෙනවා.
ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැන බලන නවතම හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය 2014 වසරින් පසුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වීම විශේෂත්වයක්.
පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූ අතර, එතැන් සිට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙලෙස 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා ෴
කතානායක ජගත් වික්‍රමරත්න ගැන හෙළිදරව්වක්! වාර්තාවෙන් එළියට ආ චෝදනා මොනවාද? (22.07.2026)
+
හරිනි මැඩම්ගෙ පූසියෝ අනුර ජනපතිගේ මීයෝ කාලා (22.07.2026)
+
බිමල්ට දයාසිරිට වගේ සිංදු කියන්ඩත් පුළුවන්ද ? (22.07.2026)
+
අපි මේ විපක්ෂය පුටුවලට තියලා සීල් කරනවා.. ජේවීපීය තවමත් අනුගමනය කරන්නේ, එදා ත්‍රස්තවාදයමද? (22.07.2026)
+
මහත්වරුනි ස්තූතියි ! හැප්පිලා බලමු (22.07.2026)
+
ජෙෆ්රි ඇතුළු සමාගම් 105 ක් එකතු වී ඩොලර් මිලියන 800 කට දුන්න ගේම! CID ලොක්කා රටටම කියයි! (22.07.2026)
+
චරිත්ලට බන්ධනාගාරය තුල ප්‍රහාරයක් ? (22.07.2026)
+
ශ්‍රී ලංකාවට තවත් හෙණයක් පාත් නොවීමේ වගකීම BJP දේව මණ්ඩලය සතු වන ලකුණු! (22.07.2026)
+
බන්ධනාගාර වධක භූමි බවට පත් කරන පැලවත්තේ සැළසුමේ භයානකකම මෙන්න (22.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴