‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරුට අමානුෂික හිංසා.. වරද පිලිගන්නැයි බලපෑම්.. – නීතීඥයන් උසාවියට දන්වති

‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරුට අමානුෂික හිංසා.. වරද පිලිගන්නැයි බලපෑම්.. – නීතීඥයන් උසාවියට දන්වති

හිටපු ඇමති පුතෙක් අත්අඩංගුවට.. චීනෙකු ගෙන් රු. කෝටි දෙකක් (2) කොල්ල කාලා..

විනිසුරුවන් කැරැල්ලක | කවුරුත් කියන්න බය රහස් රැසක් මෙන්න – උදය ගම්මන්පිල (21.07.2026)

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

මේ වැඩේ කැත නැද්ද අනුර මහත්තයෝ ? | ශ්‍රිරාල් ලක්තිලක (21.07.2026)

අතින් බඩු දාලා හරි උඹව ඇතුළට දානවා – පොලිසියේ කැත වැඩ කැමරාවෙන් එළියට (21.07.2026)

රුපියල් 25,000 ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට (2) ඇප

දකුණු පළාතේ දෙවන (2) වාර විභාගයේ අදට (22) නියමිත විෂය කල්යයි

බන්ධනාගාරයේ ගැටුම් තියෙද්දී ආරක්ෂ ඇමති විපක්ෂය මර්දනය කරනවා මරු ජොබ් එක (21.07.2026)

දුඹුරු සීනි කඩ දාපු සීනි සමාගම රු. ලක්ෂ තිස් දෙදාහක් පාඩු ලබලා තියෙන්නේ (21.07.2026)

මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙනවා – අර්චුනා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (21.07.2026)

මුඛ පිළිකා ගැන සෞඛ්‍ය අංශවලින් ඇඟ කිලිපොළා යන අනාවරණයක් (21.07.2026)

විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි (21.07.2026)


‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරුට අමානුෂික හිංසා.. වරද පිලිගන්නැයි බලපෑම්.. – නීතීඥයන් උසාවියට දන්වති

(21.07.2026 – lankacnews.com)

ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන House of Fashion (හවුස් ඔෆ් ෆැෂන්) හිමිකරු රේගු නිලධාරීන්ගේ භාරයේ පසුවන අතරතුර ඔහුට අමානුෂික ලෙස සලකා ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය පවා අනතුරට පත්ව ඇති බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පසුගිය 16 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා රේගු කාර්යාලයට ගිය අවස්ථාවේදී, එදින මධ්‍යම රාත්‍රිය වනතුරු ඔහුට ආහාර හෝ ජලය ලබා නොදී දැඩි කායික හා මානසික පීඩනයකට ලක් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම අමානුෂික සැලකීම හමුවේ ව්‍යාපාරිකයා දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර, මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

රේගු නිලධාරීන් පිරිසක් බොරැල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට කඩා වැදී පරිගණක, පරිපාලන ලේඛන සහ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බවත්, ව්‍යාපාරිකයා ලවා බලහත්කාරයෙන් වරද පිළිගන්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

“වරද පිළිගත්තොත් අත්අඩංගුවට නොගෙන නිදහස් කරනවා” යැයි පවසමින් රේගු නිලධාරීන් ඔහුට තර්ජනය කර ඇති බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු රඳවා තබාගෙන සිටි ස්ථානය පිළිබඳව නිසි තොරතුරු ලබා නොදීම සහ ඔහුව රේගු භූමියේ නවතා තිබූ වාහනයක රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.

රේගු ආඥා පනත යටතේ මෙතෙක් නිශ්චිත චෝදනාවක් ගොනු කර නොමැති පසුබිමක, ව්‍යාපාරිකයෙකුට මෙලෙස සැලකීම බරපතල තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර, රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රේගු ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත්වරයා, රෝහල් ගත කර සිටින සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව ලබන 23 වැනිදාට කල් තබන ලදී ෴


හිටපු ඇමති පුතෙක් අත්අඩංගුවට.. චීනෙකු ගෙන් රු. කෝටි දෙකක් (2) කොල්ල කාලා..

(21.07.2026 – lankacnews.com)

කොල්ලුපිටිය පොලිසිය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ චීන ජාතිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

සැකකරු විසින් රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනාකමකින් යුත් මුදල් මෙලෙස කොල්ලකා ඇති බව පැමිණිලිකරු කියා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි ෴


විනිසුරුවන් කැරැල්ලක | කවුරුත් කියන්න බය රහස් රැසක් මෙන්න – උදය ගම්මන්පිල (21.07.2026)

+


රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

(21.07.2026 – 15:52 +0530 – sinhala.adaderana.lk)

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව, දරුවන් ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

  • පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
  • ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත
  • ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
  • සායනික සටහන් පොත්
  • රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්

වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 269 3711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකිය ෴


මේ වැඩේ කැත නැද්ද අනුර මහත්තයෝ ? | ශ්‍රිරාල් ලක්තිලක (21.07.2026)

+


අතින් බඩු දාලා හරි උඹව ඇතුළට දානවා – පොලිසියේ කැත වැඩ කැමරාවෙන් එළියට (21.07.2026)

+


රුපියල් 25,000 ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

(21.07.2026 – hirunews.lk)

රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරු විසින් 2018 වසරේදී මිලදී ගෙන දැනට පදිංචිව සිටින නිවස පරීක්ෂා කළ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, එහි උඩ තට්ටුව සහ යට තට්ටුව සඳහා වෙන් වෙන් වශයෙන් වරිපනම් ගෙවිය යුතු බවට දැනුම් දී තිබූ බව වාර්තා වනවා.

ඒ අනුව අදාළ ලේඛන සකස් කර භාරදීමට පැමිණිලිකරු පියවර ගෙන තිබුණා.

පසුව එම නිවස පරීක්ෂා කළ අදාළ ආදායම් පරීක්ෂකවරයා, නිවසේ සැලසුමේ සහ තක්සේරුවේ ගැටලුවක් පවතින බවද පවසා තිබෙන බව වාර්තා වුණා.

එම ගැටලුව මතු නොවන පරිදි පැමිණිලිකරුගේ නමින් වරිපනම් ගෙවීමට පහසුකම් සලසා දීම සඳහා සැකකාර නිලධාරියා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ආදායම් පරීක්ෂකවරයා හෙට (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට (2) ඇප

(21.07.2026 – hirunews.lk)

රුපියල් 5,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු රු. ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ගාල්ල මහ නගර සභාවට ඇතුලු වීමද තහනම් කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කරනු ලැබුවා.

පුද්ගලික අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා මහනගර සභාවට ගෙවිය යුතු බදු මුදලට අදාල ලේඛන කඩිනමින් ලබාදීමේ පොරොන්දුව මත සැකකරුවන් රුපියල් 5,000 ක අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ෴


දකුණු පළාතේ දෙවන (2) වාර විභාගයේ අදට (22) නියමිත විෂය කල්යයි

(22.07.2026 – 07:06 +0530 – sinhala.adaderana.lk)

දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය ලබානොදීමට තීරණය කර තිබේ.

ඒ අනුව අදට (22) නියමිත විෂය ජුලි මස 24 වන දින පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත.

ප්‍රශ්නපත්‍රය මුද්‍රණයේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනතුරු ‍ප්‍රශ්නපත්‍රය කොට්ඨාස කාර්යාල වෙත යොමු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කලාපයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ ෴


බන්ධනාගාරයේ ගැටුම් තියෙද්දී ආරක්ෂ ඇමති විපක්ෂය මර්දනය කරනවා මරු ජොබ් එක (21.07.2026)

+


දුඹුරු සීනි කඩ දාපු සීනි සමාගම රු. ලක්ෂ තිස් දෙදාහක් පාඩු ලබලා තියෙන්නේ (21.07.2026)

+


මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙනවා – අර්චුනා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (21.07.2026)

+


මුඛ පිළිකා ගැන සෞඛ්‍ය අංශවලින් ඇඟ කිලිපොළා යන අනාවරණයක් (21.07.2026)

+


විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි (21.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *