විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට (23) පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
මීරිගම රත්කළ මහා ගින්නේ දර්ශන (21.07.2026)
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ, ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් 5 ක් මරුට
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11 කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
(21.07.2026 – 06:45 +0530 – sinhala.adaderana.lk)
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසෙල්, අඹ සහ ගස්ලබුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම සමාජයේ විශාල ගැටලුවක් වී ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා ඊළඟ පියවරේදී මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසීය.
අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය ෴
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට (23) පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
(21.07.2026 – hirunews.lk)
සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම බාධාවක් නොවන බැවින් සියලු අයදුම්කරුවන් අනිද්දාට (23) පෙර විභාගය සඳහා අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ඒ අනුව, විභාග නිවේදනයේ ලබාදී ඇති උපදෙස් පරිදි මෙසේ විභාගය සඳහා අයැදුම් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ක්ෂණික දුරකථන අංක 1911 සහ දුරකථන අංක 011 278 4537 , 011 278 6616 , 011 278 4208 , ෆැක්ස් අංක 011 278 4422 ඇමැතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
+++
+
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
(21.07.2026 – hirunews.lk)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් ලබාගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසම් විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුවේ මුදල් හුවමාරු වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව කියන නිමල් පෙරේරා නැමැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ඒ අනුවයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක හා හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ විදේශගතව සිටින අතර, ඔවුන්ට මේ වන විට කොළඹ හා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා ෴
මීරිගම රත්කළ මහා ගින්නේ දර්ශන (21.07.2026)
+
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ, ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් 5 ක් මරුට
(21.07.2026 – 12:54 +0530 – sinhala.adaderana.lk)
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
මේ වනවිට ගින්න පාලනය කරමින් පවතින අතර, ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
අද (21) උදෑසන මෙම ගින්න හටගෙන තිබූ අතර, එම අවස්ථාවේ සේවකයින් 80 කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති අතර, ඔවුන් සිරවී ඇත්දැයි සොයා මෙහෙයුම් සිදුකෙරේ.
ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේය ෴
hirunews.lk : ගින්න නිවීම සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 12 ක් යොදවනු ලැබුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ ෴
+++
+++
+++
+++
+++
+++
+++
+
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11 කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
(21.07.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය (FIU) විසින් 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදනය වැළැක්වීමේ නීතිරීති හා රෙගුලාසි කඩකළ මූල්‍ය සහ මූල්‍ය නොවන ව්‍යාපාරික ආයතන 11 ක් සඳහා රුපියල් එක්කෝටි හතළිස් හය ලක්ෂයක (රු. 14,600,000) මුළු දඩ මුදලක් පනවා තිබෙනවා.
2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම සහ අදාළ කාලසීමාවන් තුළ නියමිත පරීක්ෂණ හා වාර්තාකරණයන් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම දඩ මුදල් අයකර ගෙන ඇති අතර, එකතු කරගත් එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදල වෙතයි බැර කර ඇත්තේ.
ඒ අනුව එල්.බී ෆිනෑන්ස් (රුපියල් මිලියන 1 යි), කාගිල්ස් බැංකුව (රුපියල් මිලියන 2 යි), එල්.ඕ.එල්.සී සෙකියුරිටීස් (රුපියල් මිලියන 1 යි), ජනශක්ති ෆිනෑන්ස් (රුපියල් මිලියන 1 යි), සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් – CDB (රුපියල් මිලියන 3 යි), ඉන්දියන් ඕවර්සීස් බැංකුව (රුපියල් මිලියන 1 යි) සහ සනස ලයිෆ් ඉන්ෂුවරන්ස් (රුපියල් මිලියන 2 යි) යන මූල්‍ය ආයතන සඳහා මෙලෙස දඩ පනවා තිබෙනවා.
ඊට අමතරව මූල්‍ය නොවන ව්‍යාපාරික ආයතන වන කොළඹ ජුවලරි ස්ටෝර්ස් (රුපියල් ලක්ෂ 5 යි), සේස් (Zay’s) පෞද්ගලික සමාගම (රුපියල් ලක්ෂ 1 යි), ස්වර්ණමහල් ජුවලර්ස් (රුපියල් මිලියන 2 යි) සහ හාබර් විලේජ් පෞද්ගලික සමාගම (රුපියල් මිලියන 1 යි) යන ආයතන සඳහා ද මෙම පරිපාලන දඩ පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා ෴
අපි රා කට්ටක් ගැහුවොත් දඩේ 25,000 යි මෙයාලගේ රවී සෙනෙවිරත්නට 2500 යි – කැත වැඩ කරන්න එපා මහත්තයෝ (21.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴