2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
(20.07.2026 – hirunews.lk)
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල අද (20) දින නිකුත් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.බී.එස්. ඉන්දිකා කුමාරි ලියනගේගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයට අනුව, මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඉන් 147,407 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට තිබෙනවා.
ඒ අනුව, අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස, තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, එළඹෙන 2026 ජූලි 23 වන දින සිට පහත සඳහන් පරිදි වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමට (Download) අවස්ථාව සලසා දී තිබෙනවා.
- අයදුම්කරුවන්ට : https://onlineexams.gov.lk/eic වෙත පිවිස, ‘Personal Account Login’ හරහා විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහන (Results Schedule) බාගත කරගත හැක.
- විදුහල්පතිවරුන්ට : තමන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර https://onlineexams.gov.lk/eic හි ‘School Account Login’ හරහා අදාළ පාසලේ සමස්ත විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගත හැකිය.
- පළාත් / කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට : තමන්ට ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින්
https://onlineexams.gov.lk/onlineapps වෙබ් අඩවියේ ඇති ‘Exam Result Sheets’ මත ක්ලික් කිරීමෙන් අදාළ පළාතේ හෝ කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කරගත හැක.
මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් පවතින්නේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකියි.
ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 278 4208 , 011 278 4537 , 011 278 5922
ෆැක්ස් අංකය : 011 278 4422
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
(20.07.2026 – hirunews.lk)
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
ඒ, පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.
හිටපු පොලිස්පතිවරයා මාලඹේ – තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 17 වැනිදායි.
අනතුරුව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක ඊයේ (19) තැන්පත් කෙරුණු අතර ඊයේ (19) උදෑසන සිටම දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ සිටියා.
අනතුරුව අද පස්වරු 02 ට පමණ දේහය තැන්පත් කෙරුණු බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් මල්ශාලාවේදී අවමංගල්‍ය උත්සවය ආරම්භ වුණා.
අවමංගල්‍ය උත්සව සභාවේ ගුණකථනයන් සිදුකෙරුණු අතර, පසුවයි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය, පවුලේ සාමාජිකයින් ඇතුලු පිරිස විසින් රථ පෙරහරකින් බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවේ.
ඉන්පසු හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පොලිසිය වෙත භාරදීම සිදුකෙරුණා.
අනතුරුව හිටපු පොලිස්පතිවරයාගේ දේහය පෙළපාලියකින් භූමදානය කරන ස්ථානය වෙත රැගෙන ආවේ පූර්ණ පොලිස් ගෞරව ලබාදෙමින්.
එහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 39 ක් ලබාදීම ද සිදුකෙරුණා.
අනතුරුව හිටපු පොලිස්පතිවරාගේ චරිතාප්‍රදානය සිදුකළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින්.
මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩිවැදී මියයෑමේ සිද්ධියට අදාළව මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, පතොරම් කොපු සහ මීට අදාල අනෙකුත් සියලුම නඩු භාණ්ඩ ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (20) බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළා.
ඒ මෙම නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදීයි.
හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදී තිබුණා.
+++
+++
+++
+
සුපවේදිනිය කටාර් ගියහම පූසන්ට කන්න දෙන්නෙ කොහොමද ? (20.07.2026)
+
බංකු බංකුගේ කතාව තමයි, ජෙවිපිකාරයින්ගේ අදහස… අපි හැර අන් සියලුදෙනා වැරදියි (20.07.2026)
+
හැකරුන්ට ගිය ඩොලර් ලක්ෂ 25 මකර කටේ… ඒකත් ජය සිරි මංගලම් (20.07.2026)
+
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? – ඇසිය යුතු ප්‍රශ්න (20.07.2026)
+
බන්ධනාගාරේ නිලධාරීන්ගේ ලොකර්වල රු. ලක්ෂ ගණන් සල්ලි එක්ක කුඩු මලු පිටින් තියෙන්නේ. හිරගෙදර මම කාපු අපා දුක (20.07.2026)
+
යුද සමයේ සොයාගත් රත්තරන් කිලෝ 151 ගැන CID විමර්ශන (20.07.2026)
+
ගල් අගුරු පාර්ට් 2 : අරක්කු ස්ටිකර් (20.07.2026)
+
මාලිමාවේ කෙහෙවලු පැටලුන වීඩියෝවක් ලීක් වෙයි (20.07.2026)
+
ආණ්ඩුව වසංගතය ලොතරැයියක් කරගෙන මහ ජනතාවට ගහන දඩ (20.07.2026)
+
ජූලි 23 රටේ සිදුවන පෙරළිය ගැන ඔබ දැනුවත්ද? (20.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴