ඩොලර් මිලියන 2.5 ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ – දිනන දකුණ සාමූහිකය

ඩොලර් මිලියන 2.5 ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ – දිනන දකුණ සාමූහිකය


ඩොලර් මිලියන 2.5 ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ – දිනන දකුණ සාමූහිකය

(20.07.2026 – hirunews.lk)

ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5 ක ණය පියවීමේ ගනුදෙනුවට අදාළව සිදු වූ සයිබර් අපරාධ වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නිකුත් කළ පාර්ලිමේන්තු වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම වාර්තාව සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා හිතාමතාම කරන ලද “ආයතනික මට්ටමේ වසන් කිරීමක්” සහ “අතේ රෝලක්” බවයි.

ඒ අනුව, පසුගිය ජූලි 10 වැනි දින නිකුත් කරන ලද මෙම පාර්ලිමේන්තු වාර්තාව මඟින් කනිෂ්ඨ නිලධාරීන් බිල්ලට දී, සැබෑ අපරාධකරුවන් සොයා ගැනීමට ඇති ඉඩකඩ චේතනාන්විතව වසා දමා ඇති බව දිනන දකුණ සාමූහිකය චෝදනා කරනවා.

“වාර්තාව උත්සාහ දරා ඇත්තේ නිලධාරීන්ගේ ‘අත්දැකීම් නොමැතිකම’ සඳහා අනිසි අවධාරණයක් ලබා දෙමින් සැබෑ තක්කඩියන් වෙත අවධානය යොමුවීම වෙනතකට යොමු කිරීමටයි. භාණ්ඩාගාරයේ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් පිට වරද පැටවීම හරහා සාපරාධී චේතනාවකින් කළ අපරාධයක් හුදෙක් පරිපාලනමය නොහැකියාවක් ලෙස ලඝු කර තිබෙනවා.” ‍යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව, ආයතනික පාලන පද්ධතියේ සිදු වූ මහා පරිමාණ බිඳවැටීමක් හුදෙක් මානව සම්පත් ගැටලුවක් ලෙස පෙන්වීමටත්, මහ බැංකුව මෙයට වගකිවයුත්තා ලෙස ඇඟවීමටත් වාර්තාව ක්‍රියා කිරීම හාස්‍යජනක බව ද එම නිවේදනයේ සඳහන්.

පද්ධතියේ පවතින සීමාවන් පෙන්වමින් කමිටුව වංචාවට අදාළ හේතු-පලය සෙවීම හිතාමතාම මඟහැර ඇති බවත්, මෙය මහජන පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ඔවුහු පෙන්වා දෙනවා.

මෙම පරීක්ෂණ දැඩිව සිදුවෙමින් පැවති වකවානුවේදී, අදාළ ඒකකයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු දැඩි පීඩනය හමුවේ සියදිවි නසාගැනීමේ ඛේදවාචකය පිළිබඳව වාර්තාව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයක් රැකීම දැඩි හෙළාදැකීමට ලක්ව ඇති අතර, ‘දිනන දකුණ සාමූහිකය’ පවසන්නේ එම නිලධාරියා සත්‍යය හෙළි කිරීමට දැරූ උත්සාහයන් රාජ්‍ය වාර්තාවලින් බැහැර කිරීම සඳහා මෙම වසන් කිරීම සිදු කර ඇති බවයි.

අත්දැකීම් නොමැතිකම නිසා පමණක් මෙවැනි මහා පරිමාණ සොරකම් සැලසුම් කළ නොහැකි බවත්, ඒ සඳහා සම්බන්ධීකරණය වූ සාපරාධී චේතනාවක් අවශ්‍ය බවත් පෙන්වා දෙන එම සාමූහිකය, වගකිවයුතු පාර්ශවයන්ගෙන්, සුළු සේවකයින් පිට වරද පැටවීම නතර කර, මෙම අපරාධයෙන් සැබෑ ලෙසම ප්‍රතිලාභ ලැබූ ඉහළ පෙළේ තීරණ ගන්නන් වෙත අපරාධ විමර්ශන මෙහෙයවීම සහ සියදිවි නසාගත් නිලධාරියාට රැකියා ස්ථානයෙන් සහ දේශපාලනිකව එල්ල වූ බලපෑම් පිළිබඳව විනිවිදභාවයකින් යුත් නිල විමර්ශනයක් වහාම පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා ෴


වහාම කතානායකව අත්අඩංගුවට ගන්න – මේවා හිඟන්නන්වත් කරන්නේ නැති දේවල් (20.07.2026)

+


විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22 ක් රෝහලට

(20.07.2026 – 15:18 +0530 – sinhala.adaderana.lk)

කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ටර්නි සමන් මහතා පැවසුවේ ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින දරුවන් 5 දෙනෙකු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවය.

අදාළ ඇට වර්ගය එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන විත් ඇති අතර මෙම සිසුන් එම ඇට අනුභව කිරීම හේතුවෙන් අසනීප වන්නට ඇතැයි සැක කෙරේ.

එම ඇට වර්ගය මේ වනවිට රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

අසනීප වූ සිසුසන් අතර පිරිමි දරුවන් 20 ක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු (2) සිටින අතර ඔවුන් සියලුදෙනා 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වේ ෴

+++

+


නිවසක තිබු යතුරු පැදියක් සොරා ගත් අය සොයා විමර්ශන

(20.07.2026 – hirunews.lk)

ගනේමුල්ල පොලිස් වසමට අයත් බොල්ලත ප්‍රදේශයේ නිවසකින් යම් කිසි පුද්ගලයෙකු විසින් යතුරු පැදියක් සොරාගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

ඉකුත් 17 වන දින රාත්‍රී 01:00 ට පමණ නිවසේ හිමිකරු නිවසට පැමිණ යතුරුපැදිය මිදුලේ නවතා නිවස තුලට ගොස් ඇති අතර ඉන් ස්වල්ප වෙලාවකට පසුව එය මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

එමෙන්ම යතුරුපැදිය තුළ තිබුණු මුදල් පසුම්බියද රැගෙන ගොස් ඇති අතර එහි තුල තිබු credit card එක භාවිතා කර දළුගම ප්‍රදේශයේ ATM යන්ත්‍රයකින් රුපියල් 20,000 ක් ද ලබාගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මේ පිළිබඳව ගනේමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙන අතර මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පවසන්නේ ෴


Hiru TV Salakuna Live | Prasad Siriwardana | Episode 537 | 2026-07-20

+


Derana 360 | මුජිබර් රහුමාන් – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ජන බලවේගය

+


මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්

(20.07.2026 – hirunews.lk)

මීරිගම ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසැලක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් එම අලෙවිසැලට බරපතළ හානි සිදුව ඇති බවයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක එම ස්ථානයේ කටයුතු කරමින් පවතින බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ ෴


පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු (3) සොයා විමර්ශන

(20.07.2026 – hirunews.lk)

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පුද්ගලයින් කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගෙන පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (20) පවසා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් කිරීම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාල නියෝග නිකුත් කළා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ‘වසන්ත ලාල්’ යන අය ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවට අඟවා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පුද්ගලයින් කැනඩා රටට යවන බවට මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

අගතියට පත් පුද්ගලයින් ඩුබායි රටට රැගෙන ගොස් අතරමං කර ඇති බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

ප්‍රධාන සැකකරු මේ වන විට විදේශයකට පලා ගොස් ඇති අතර ‘මොහොමඩ් ඉල්ලියාස්’ සහ ‘අසංක මනිලාල්’ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා ෴


පොලිස් ලොක්කෝ ළඟ තියාගෙන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කරපු සැර කතාව (20.07.2026)

+


අධිකරණ ඇමතිට ගෙදර යන්න වෙයිද ?? හෙට (21) පාර්ලිමේන්තුවේදී වෙන්න යන දේ (20.07.2026)

+


කොන්දොස්තර චරිතය රඟපාමින් ජාවාරම්කරුවෙක් ගහපු කැත ගේම සීසීටීවී කැමරාවේ සටහන් වෙයි (20.07.2026)

+


හිටපු අගවිනිසුරු ශිරාණිගේ සිද්ධිය ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අද සැරටම පත්තු කරයි… (20.07.2026)

+


පාස්කු ප්‍රහාරය ගැනත් ප්‍රබල සාක්ෂි දීපු හිටපු පොලිස්පතිගේ මරණය ගැන කරුණු අනාවරණය කරගැනීම ඉතා වැදගත් (20.07.2026)

+


“සර්….. මම තමයි, අම්මවයි තාත්තාවයි ගහලා මැරුවේ..!” නරුම පුතෙකුගේ පාපොච්චාරණය (20.07.2026)

+++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක් විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *