නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්


නිශ්චිත ආදායම් බදු නොගෙවන අය ගැන තීරණයක්

(19.07.2026 – 13:05 +0530 – sinhala.adaderana.lk)

නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය හිමිව ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම යන හේතූන් සඳහා එලෙස නඩු පැවරීම සිදුකළ හැකි බව සඳහන් වෙයි.

කෙසේවෙතත් නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිතා කරන අතර ඊට පෙර නීතිමය ක්‍රියාවලීන් කිහිපයක් අනුගමනය කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

ඒ අනුව, නඩු පැවරීමකට පෙර ඒ පිළිබඳ දැනුම්දී නිවේදනයක් නිකුත් කිරීම සහ දින 30 ක සහන කාලයක් ලබාදීම සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාල කාලය තුල එම අවශ්‍යතාවය සපුරාලීම සිදු නොකරන්නේ නම් එය නීතිමය වරදක් ලෙස සැලකෙන අතර ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට හැකියාව පවතින බව සඳහන් වෙයි.

මේ අතර, යම් හෙයකින් අදාල චෝදනාවට වරදකරු වූවහොත් රුපියල් ලක්ෂ 4 ක් නොඉක්මවන දඩයක් මාස 06 ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ අදාල දණ්ඩණයන් දෙකම පැනවීමට හැකියාව පවතින බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම වැඩපිළිවෙල හිතාමතා බදු වංචාකරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා පමණක් වන අතර සහයෝගීව කටයුතු කරන පුද්ගලයින්ට දඬුවම් කිරීම මෙහි අරමුණ නොවන බව දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙනු ලබයි ෴


තරු හෝටලයක් කියා සිමෙන්ති ෆැක්ටරියක් අරී.. කටුනායක විරෝධතා..

(19.07.2026 – lankacnews.com)

තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදිකරන බව පවසමින් කටුනායක ප්‍රදේශයේ පවත්වාගෙන යාමට සැරසෙන සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත වූහ.

කටුනායක 18 කණුව මංසන්ධිය අසල පිහිටි මෙම භූමියේ සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2020 වසරේදී අනුමැතිය ලබා දී තිබුණි.

පසුව 2025 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද ඒ සඳහා සංවර්ධන බලපත්‍රයක් නිකුත් කර ඇත. කෙසේ වෙතත්, මුලින් වර්ග මීටර් 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා ලබාගෙන තිබූ අනුමැතිය, පසුව වර්ග මීටර් 12,925 ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් දක්වා වෙනස් කර ඇති බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

අක්කර 6 කට අධික මෙම භූමිය කොළඹ – කටුනායක ප්‍රධාන මාර්ගයේ සිට මීගමුව කළපුව දක්වා විහිදේ.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ගය, ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් තුනක් සහ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් රැසකට සෘජු බලපෑම් එල්ල වන බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ආරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ල කඩොලාන පද්ධතියට සහ මීගමුව කළපුවේ රැකියාවල නිරත ධීවර ජනතාවට ද මෙයින් දැඩි හානි සිදුවන බව ඔවුහු අවධාරණය කරති.

අතිශය සංවේදී ජනාවාස සහ සංචාරක කලාපයක් මැද සිමෙන්ති දූවිලි ව්‍යාප්ත වීමෙන් සමස්ත පරිසර පද්ධතියම විනාශ වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසයි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන්ගේ නේවාසිකාගාර සහ මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාර ද මෙමගින් දැඩි තර්ජනයකට ලක්ව ඇති බව විරෝධතාවයට එක්වූ පිරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ ෴


මාර කේස් එක ! (18.07.2026)

+


මෙසී 39 – යමාල් 19, ලෝක පාපන්දු කුසලානය කාටද ? එදා හිතුවද මෙහෙම හමුවීමක් වෙයි කියලා ! (19.07.2026)

+


ඩෙංගු ඇතුළු උණ රෝග වලට දේශීය හෙළ වෙදකමේ විශ්මිත විසඳුම්. ගහේ කොළේ සාරය කිසි කෙනෙක්ට විෂ වෙන්නේ නැහැ. (19.07.2026)

+


ලංකාවේ අයිස් කුඩු ගබඩාවක් ගැන පොලීසියට ඉවක් එයි! බඩෝවිට යුද්ධය නැවත ඇවිලෙයිද? (19.07.2026)

+


සේරම ඇතුලට දානව – වැරදි, නිවැරදි සේරටම දඩුවම් (19.07.2026)

+

සමීක්ෂණ වැරදි නෑ – අනුරට කැමතියි තමයි; ඇයි? (19.07.2026)

+


ගල් අඟුරු මගඩියෙන් රු. ලක්ෂ හතලිස් දහසක් (40,000) ගසා කාලා කොමිසම කියයි (19.07.2026)

+


C D වික්‍රමරත්නගේ මරණයට අලුත් හැරවුමක්! වෙඩි තැබීම අත්වැරදීමක්ද? (20.07.2026)

+++

කෝ මේකේ උණ්ඩවත් නෑනේ..! සීඩීගේ මරණයේ රහස්පවුලේ අය පළමුවරට හෙළිකරයි (20.07.2026)

+


රාජ්‍ය අනුග්‍රහයෙන් බුදු දහම විනාශ කරනවා – ප්‍රබල හිමිවරුත් ආණ්ඩුවට දොස් නඟයි (20.07.2026)

+


හමුදා ප්‍රධානියෝ පිටරට ගියොත් ඒ රටේදී නඩු අහලා – හිරේ දාන්න යන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ?? (20.07.2026)

+


දැරියකගේ දෙමව්පියන්ගෙන් සාගර සමාවඉල්ලමින් ෆොටෝ පෙන්නයි – මේවා මිනීමැරුම්,බැරිනම් ගෝඨාගෙන් උපදෙස් ගන්න (20.07.2026)

+


වල්ලපට්ට කැපූ වරදට සිසුවෙක්ට හෙරොයින් නඩුවක් පටලවා ඇතුලට දාලා | අම්බලන්ගොඩ පොලිසියේ වෙස්මුණු ගැලවෙයි (20.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *