දෙහිවල – ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර – CCTV සහිතයි

දෙහිවල – ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර – CCTV සහිතයි


දෙහිවල – ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර – CCTV සහිතයි

(19.07.2026 – 17:18 +0530 – sinhala.adaderana.lk)

අද (19) පස්වරුවේ 03:25 ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුලදී වෙඩි තබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සැන්ඩෝ’ නැමැත්තාගේ පියාට බව පොලීසිය පවසයි.

ඔහු දෙහිවල ප්‍රදේශයේ ‘ඕබන් සයිඩ්’ ධීවර නිවාසවල පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පොදු සුසාන භූමිය වෙතට ඇතුළු වූ දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ 09 mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් ඔහුගේ වම් අතට හා පපු ප්‍රදේශයට තුවාල වී ඇති අතර, ඔහු මේ වනවිට කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

+++

+

+


‘පොඩි මැණිකේ දුම්රියෙන්’ බිමට ඇද වැටුණු තුර්කි තරුණියකට බරපතලයි

(19.07.2026 – hirunews.lk)

නානුඔය සිට බදුල්ල බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටි 23 හැවිරිදි තුර්කි ජාතික තරුණියක් දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (19) උදෑසන 09:00 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියේ ගමන් ගත් මෙම තරුණිය, පැරකුම්පුර සහ අඹේවෙළ යන දුම්රිය ස්ථාන අතරතුරදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අඹේවෙළ දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළ්‍ර්‍ර්.

තුවාල ලැබූ තරුණිය ඇගේ මිතුරියන් දෙදෙනෙකු (2) ද සමඟ නානුඔය සිට ඇල්ල බලා ගමන් කරමින් සිට ඇති අතර, එහිදී දුම්රියේ පා පුවරුවේ රැඳී සිටිමින් ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී ඇය දුම්රියෙන් බිමට ඇද වැටී ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවීමත් සමඟ දුම්රිය නියාමකවරුන් විසින් වහා ක්‍රියාත්මක වී තුවාලකාරිය දුම්රියට නංවාගෙන අඹේවෙළ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ඇති අතර, පසුව 1990 ‘සුවසැරිය ගිලන් රථ සේවාව’ මඟින් ඇගේ මිතුරියන් දෙදෙනා (2) ද සමඟ ඇයව වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව නුවරඑළිය රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+++

+


ව්‍යාපාරිකයින් රවටා මුදල් වංචා කළැයි හිටපු එජාප නාගරික මන්ත්‍රීනි රිමාන්ඩ්

(19.07.2026 – hirunews.lk)

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු (6) රවටා රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරියක ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු අද (19) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හොරණ කහතුඩුව පදිංචි එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්‍ත්‍රීවරියක වූ රේනුකා දමයන්ති (49) නමැත්තියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරිය අදාළ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනා රවටා, ඔවුන් වෙත අගරු චෙක්පත් ලබා දෙමින් රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදල් වංචාවක් සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඇය මෙම වංචාව සිදුකිරීමෙන් පසු කළක පටන් එම ව්‍යාපාරිකයින් මඟහරිමින් සැඟව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකාරිය ඊයේ (18) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වෙත පැමිණ සිටි අවස්ථාවේදී අදාල පැමිණිලිකාර ව්‍යාපාරිකයින් ද එහි ගොස් ඇති අතර, එහිදී ඔවුන් සහ මෙම කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ බවයි පැව‍සෙන්නේ.

ඒ අවස්ථාවේදී මිරිහාන පොලිසිය විසින් එහි සිටි ව්‍යාපාරිකයින් සහ අදාළ කාන්තාව ඇතුළු සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු මිරිහාන පොලිසිය සිදු කළ විමර්ශනවලදී, අදාළ ව්‍යාපාරිකයින් විසින් මෙම කාන්තාව තමන්ට සිදු කළ වංචාව පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

එම විමර්ශනවලින් අනතුරුව සැකකාරියට එරෙහිව පවතින පැමිණිලිවලට අදාලව ඉදිරි කටයුතු සඳහා මිරිහාන පොලිසිය විසින් ඇයව වත්තල පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබුණා ෴


පොලීසියට පහරදී පලාගිය සැකකරුගේ යතුරුපැදිය සොයාගනී

(19.07.2026 – 15:27 +0530 – sinhala.adaderana.lk)

අද (19) පෙරවරුවේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහර දී පලාගිය සැකකරුගේ යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ පිළියන්දල – මහරගම මාර්ගයේ නිවසක් අසල පිහිටි වත්තක් අසල තිබිය දීය.

අද (19) පෙරවරුවේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහර දී සැකකරුවන් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් පලාගොස් තිබුණි.

එහිදී සැකකරුවන් හඹාගිය පොලිස් නිලධාරින් ඔවුන්ව නැවැත්වීඹට මහත් පරීශ්‍රමයක් දරා ඇති නමුත් ඔවුන් නොනවත්වා ගොස් ඇති අතර එහිදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී යතුරුපැදියේ සිටි පසුපැදිකරුගේ ඉන ප්‍රදේශයට එල්ලවී ඔහු යතුරුපැදියෙන් බිමට වැටී තිබුණි.

පසුව පොලිස් නිලධාරින් පසුපැදිකරු අත්අඩංගුවට ගත් නමුත් පැදිකරු එම ස්ථානයෙන් පලාගොස් ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.

අද (19) උදෑසන බොරලැස්ගමුව ඕ.පී. පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් (2) තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙක් (4) නිවැසියන්ට පහරදී නිවසට ද බරපතළ හානි සිදුකර පිළියන්දල දෙසට පලායන බවට බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය, පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අනපේක්ෂිත ලෙස පොලීසිය සිටිනු දැකීම හේතුවෙන් ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන යෑමට උත්සාහ දරා තිබුණි.

එහිදී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දැරීමේදී යතුරුපැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී තිබුණි.

එම අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයා මෙන්ම පැදිකරුවන්ගේ පහරකෑමට ලක්වූ නිවසේ තරුණියක්ද මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල හා බොරලැස්ගමුව පොලිස් ස්ථාන එක්ව විමර්ශන ක්‍රියාත්මකයි.

+++

+

2026 වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 18 ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අද (19) ගතවූ පැය 24 ට පිළියන්දල සහ දෙහිවල යන පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් 2 ක් සමඟය.

එම සමස්ත වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි ෴


“සර් මේ යාලුවෙක්, මෙයා ළඟ බොඩි එකක් තියනවා,” පොලිසියට ආ අබිරහස් ඇමතුම (19.07.2026)

+


සී.ඩී. වික්‍රමරත්නට, සීඅයිඩීයෙන් එන්න කිව්ව හේතුව – වෙපන් එක දීපූ PSO සඟවන රහස? (19.07.2026)

+


දකුණු අධිවේගයේ බස් රථයක් ගිනිගෙන දැවෙයි

(19.07.2026 – 20:00 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල – කොළඹ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී අද (19) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇත.

එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටියි.

+++

+++

+++

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟ කොට්ටාව සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ දෙස සිට පැමිණෙන රථවාහන සඳහා පොලීසිය විසින් විශේෂ රථවාහන උපදෙසක් නිකුත් කර ඇති අතර, පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින දැඩි තදබදය මඟහරවා ගැනීම සඳහා, කොළඹ සිට ගාල්ල දෙසට පැමිණෙන වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් (Welipenna Interchange) පිටවී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ෴ (hirunews.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *