වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්

වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්


වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්

(18.07.2026 – 17:50 +0530 – sinhala.adaderana.lk)

මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ මීට අමතරව හඳුනා නොගත් සහ පරීක්ෂණවලට භාජනය නොවූ වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක්ද මෙරට තුළ සිටිය හැකි බවය.

වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දියවැඩියාව බව පැවසූ වෛද්‍යවරිය අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේද මෙරටින් බවද සඳහන් කළාය.

එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගන්නා බවත් සඳහන් කළ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය දියවැඩියාව රෝගය මනාව පාලනය නොකිරීමෙන් වකුගඩු රෝගයට ගොදුරුවන බවද පෙන්වා දුන්නාය.

එමෙන්ම මීට අමතරව අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වස විෂ ශරීරගත වීම වැනි තත්ත්වයන් බලපාන බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ හේතුවෙන් දැනට වාර්තා වී ඇති 10% ක් පමණ වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී 25% ක් දක්වා ඉහළ යා හැකි බවත් පෙන්වූ වෛද්‍යවරිය එය 30% – 40% ත් දක්වා යා හැකි බවටද අනතුරු ඇඟවූවාය.

වෛද්‍යවරිය පැවසුවේ වකුගඩු රෝගය පිළිබඳව සිදුකළ සොයා බැලීමකදි කොළඹ ආශ්‍රිතව විවිධ ප්‍රදේශවලින් තරුණ ප්‍රජාවද හමුවූ බවත් ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව විවිධ කායවර්ධන සහ සම පැහැගැන්වීම සඳහා භාවිත කරන විවිධ ඖෂධ භාවිතය හේතුවක් වී ඇති බවද සඳහන් කළාය.

+++

ලස්සන වෙන්න බොන බෙහෙත් වකුගඩු විනාශ කරයි – හැමෝම බලන්න ඕන මාධ්‍ය හමුව මෙන්න (18.07.2026)

+


අයිස් කිලෝ 18 ක් සමග සැකකරුවෙකු පානදුර, හිරණදී අත්අඩංගුවට

(18.07.2026 – hirunews.lk)

පානදුර, හිරණ ප්‍රදේශයේදී රුපියල් කෝටි ගණනක් වටිනා ‘අයිස් (ICE) මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 18 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි ෴


මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8 කට සමානයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

(18.07.2026 – hirunews.lk)

මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ජාවාරම හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම, සුව සැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල මෙන් අට ගුණයකටත් (8) වඩා වැඩි බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

පවතින ක්‍රමවේදය යටතේ මුද්‍රිත ස්ටිකරයක් වෙනුවෙන් වැය කරන මුදල හා සමානම මුදලක් ඩිජිටල් ස්ටිකරයක් වෙනුවෙන්ද රජයට වැය කිරීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් මත්පැන් බෝතලයක මිලෙන් විශාල ප්‍රමාණයක් රජයේ බදු මුදල් ලෙස එකතු විය යුතු වුවද, මෙම ස්ටිකර් වංචාව නිසා එම සමස්ත මුදලම ජාවාරම්කරුවන් අතට පත්වන බව හෙතෙම සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා අවම වශයෙන් පරිගණක පද්ධතියක් (Computer System) හෝ ස්ථාපිත කිරීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

‘හිරු සී.අයි.ඒ. (Hiru CIA)’ කණ්ඩායම ලබාදුන් තොරතුරක් මත පසුගිය මස 28 වැනිදා මාලඹේ, සුදර්ශන මාවතේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලනු ලැබුවා.

එහිදී වැටලීම් නිලධාරීන් පවා පුදුමයට පත් කරමින්, සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන ආරක්ෂිත ස්ටිකර් වර්ගයට සමාන ස්ටිකර් අලවන ලද මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් සහ මහා පරිමාණ ස්ටිකර් තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වුණා.

මෙම මහා පරිමාණ ස්ටිකර් ජාවාරම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර සිටින්නේ, අදාළ ස්ටිකර් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අනුදැනුම මත හොර රහසේ පිටතට පැමිණි ඒවාද, නැතහොත් වෙනත් පාර්ශ්වයක් විසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඒවාද යන්න පිළිබඳව වහාම විමර්ශනය කළ යුතු බවයි ෴


මේ රටේ තියෙන කුහක, පජාතම පක්ෂය තමයි JVP – අනුර මහත්තයෝ ඔයා ප්‍රසිද්ධියේ දුර්වලයෙක් කියලා පෙන්වන්න එපා (18.07.2026)

+


පාස්කු සිද්ධියට මහමොළකරුවන පැටව ගහනවා | සලේ කියන්නේ අන්තවාදියෙක් නෙවෙයි | නීතිඥ මෛත්‍රී ගුණරත්න (18.07.2026)

+


අධිකරණයට අත තියපු අයට හොඳක් නං සිද්ධ වෙලා නෑ… ඉතිහාසය නැවත සිද්ධ වුණොත්, ප්‍රතිපලයත් ඒකමයි (18.07.2026)

+

සී.ඩී. වික්‍රමරත්න මරණයේ අභිරහසත් නොවිසඳීම යට යයිද ? පවුලේ පුද්ගලික කලකිරීමක් ද ? (18.07.2026)

+

අත තිබ්බොත්, මමත් අත තියනවා… රාමලිංගම්ගේ බයිස්කෝප් පාට් ඉවර කළ අරචුනා (18.07.2026)

+


සී.ඩී.ගේ පෂ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එයි! නවගමුවේ තරුණයා ඝාතනය රු. ලක්ෂ 30 ක පොල්ලකට ‘කුංෆු රුවන්’ගේ වැඩක්! (18.07.2026)

+


අනුර – රවී – ශානි රාජපක්ෂලාගේ පිල්ලියක්ද? (18.07.2026)

+


ලාල්කාන්තගෙන් ගොවියන්ට ඇඬේන්න ලැබුණු සම්මානය (18.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *