හිටපු පොලිස්පති සී.ඩී. ගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන : ගිනි අවිය රස පරීක්ෂක වෙත

හිටපු පොලිස්පති සී.ඩී. ගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන : ගිනි අවිය රස පරීක්ෂක වෙත


හිටපු පොලිස්පති සී.ඩී. ගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන : ගිනි අවිය රස පරීක්ෂක වෙත

(18.07.2026 – hirunews.lk)

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත ලබන සඳුදා භාරදීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු ලබන සඳුදා (20) සිදුකිරීමට තීරණය වී තිබෙනවා.

මේ වනවිටත් ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම මරණය සිදුවීමට පෙර ඔහු හමුවීමට මාලබේ, තලාහේනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවසේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේද ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ (17) වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාලබේ, තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝල වර්ගයේ ගිනි අවියෙන් මොහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි අතර ඔහුගේ පපුවේ දකුණු ප්‍රදේශයට වෙඩි වැදී තිබුණා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පවසා තිබුණේ සිය පුත්‍රයා සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් හේතුවෙන් සිය සැමියා දැඩි කම්පනයෙන් සිටි බවටයි.

මෙම මරණය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි ෴


රු. කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුතු ‘කොකේන් මත්ද්‍රව්‍ය’ සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

(18.07.2026 – 12:10 +0530 – sinhala.adaderana.lk)

රු. කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුතු ‘කොකේන් මත්ද්‍රව්‍ය’ සමඟ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොකේන් ගුලි චොකලට් බෝතල් තුළ බහා ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටියදී අද (18) ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී කොකේන් මත්ද්‍රව්‍ය තොගය කරල් 92 ක් ලෙස සූක්ෂම ලෙස අසුරා තිබූ බව රේගුව සඳහන් කරයි.

මෙහි බර කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 816 ක් බව සඳහන් වෙයි.

එහි වටිනාකම රුපියල් නව කෝටි අට ලක්ෂයක් (9,08,00,000) බව රේගුව සඳහන් කළේය.

අවුරුදු 23 ක මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ ෴


අත්අඩංගුවට ගත් ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ හිමිකරු රිමාන්ඩ් !

(18.07.2026 – sinhala.lankanewsweb.net)

ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාරයක් වන ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ සමාගමේ හිමිකරු වන ‘ප්‍රීති ජයවර්ධන’ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියම කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රේගු නිලධාරීන් පිරිසක් පෙරේදා අලුයම ‘ප්‍රීති ජයවර්ධන’ ගේ නිවසට පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහු අත් අඩංගුවේ පසුවෙද්දී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ ඔහුව නිරීක්ෂණය කර, ඔහුව රිමාන්ඩ් කිරීමට නියම කර ඇත.

ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් ෴


නීතිවිරෝධී යතුරුපැදි 16 ක් සමඟ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට

(18.07.2026 – 11:50 +0530 – sinhala.adaderana.lk)

නීත්‍යානුකූල නොවන ලෙස ‍මුල් ආකෘතිය වෙනස් කර සකස් කර තිබු යතුරුපැදි 16 ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පොලීසියේ රථවාහන අංශය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඝෝෂාකාරී ලෙස අධික වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනයවන යතුරුපැදි පිළිබඳ හෝමාගම පොලීසියේ රථවාහන අංශය හෝමාගම අවට ස්ථාන කිහිපයක වැටලීම් සිදුකර තිබුණි.

එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ,පැති කණ්නාඩි නොමැති, මඩ කවර නොමැති, අංක තහඩු නොමැති, ආලෝක රටා වෙනස් කළ යතුරුපැදි 16 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එම යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පැදිකරුවන් ඇප මත මුදාහැර තිබේ.

සැකකරුවන් ලබන 22 වනදින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් පරීක්ෂණ සිදුකරනු ලබයි.

+++

+


ලස්සන වෙන්න බොන බෙහෙත් වකුගඩු විනාශ කරයි – හැමෝම බලන්න ඕන මාධ්‍ය හමුව මෙන්න (18.07.2026)

+


උඩරට කෝච්චි පාර හැදුවට කිසිම වැඩක් නෑ – දුවන්න දෙන්න පුළුවන් එක පවර් සෙට් එකයි (18.07.2026)

+


මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුණා – රට කැළඹෙන හෙළිදරව්වක් එළියට එයි (18.07.2026)

+


පාරම්පරික වෙදකම නැතිකරන ආණ්ඩුවේ ද්‍රෝහියා කවුද ? (18.07.2026)

+


ඩෙංගු මරණවලින් 70% ක් කාන්තාවෝ | වහාම රෝග ලක්ෂණ ඇත්නම් රෝහලට යන්න | වෛද්‍ය කපිල කන්නන්ගර (18.07.2026)

+


පිරිවෙනේ ඉගෙන ගන්න අවු. 14 සිසුන් දෙන්නා (2) එප්පාවල ෆෝන් කඩයක් බිඳලා රු. ලක්ෂ 10 ක ෆෝන් උස්සලා (18.07.2026)

+


අරවින්ද උගුලක පැටලෙයි..? බිරිඳ කාටත් රහසේ සැඟවුණු තැන, මුදල් බැරකළ ගිණුම අයිති කාටද? (18.07.2026)

+


මරණය සිද්ධ වුණේ වැරදීමෙන් පිස්තෝලය පත්තු වෙලාද? හිටපු පොලිස්පති ගැන රටම නොදත් කතාව (18.07.2026)

+


වාර විභාග සෙල්ලම ඔඩු දුවයි | උතුර පළාතේ පරණ පේපරයකට මධ්‍යම පළාතෙන් ගහපු ගේම මාට්ටු (18.07.2026)

+


ඉරාන-ඇමරිකා යුද්ධය දරුණුම තැනට, බොන්න තියෙන වතුර ටිකත් නැති කරන්න පටන් ගනී (18.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *