හමුදා ලොක්කුගේ රථයක් මාධ්‍යවේදියෙකුගේ වාහනයේ හැපේ.. මාධ්‍යවේදීයාට හමුදාවෙන්, පොලිසියෙන් හිරිහැර.. – SLWJA
(18.07.2026 – lankacnews.com)
‘ද මෝනින්’ (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා පුවත් සම්බන්ධීකාරකවරයෙකු වන මාධ්‍යවේදී ‘ලහිරු දොලොස්වල’ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද අමානුෂික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’ (SLWJA) සිය දැඩි පිළිකුල පළ කර සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
පසුගිය ජූලි 15 වන දින ලහිරු දොලොස්වල මහතා සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ වාහනයෙන් ගමන් කරමින් සිටියදී, යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් ලෑන්ඩ් කෲසර් රථය දොලොස්වල මහතාගේ වාහනයේ පිටුපස ගැටී අනතුරක් සිදු කර ඇත. එම අවස්ථාවේදී සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදී දොලොස්වල මහතාට, හමුදාපති ආරක්ෂක අංශයේ මේජර්වරයෙකු ඇතුළු පිරිසක් මරණීය තර්ජනය කරමින් එය වැළැක්වීමට කටයුතු කර තිබේ.
අනතුරුව මේ පිළිබඳ පැමිණිලි කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී, යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු 30 ක පමණ හමුදා පිරිසක් පොලිසිය වට කරමින් මාධ්‍යවේදීයාට සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත. එහිදී හමුදා රියදුරාට එරෙහිව පැමිණිලි කිරීමට බාධා පමුණුවා ඇති අතර, පසුව උසස් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පැමිණිල්ල සටහන් කර ගත්තද, හමුදා නිලධාරීන්ගේ බලපෑම මත එම පැමිණිල්ල විකෘති කර ලියා ඇති බවට සංගමය චෝදනා කරයි.
වැඩිදුරටත් අනාවරණය වන්නේ, මාධ්‍යවේදී දොලොස්වල මහතා පැය 4 කට අධික කාලයක් පොලිසියේ රඳවා තබාගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ දර්ශන බලහත්කාරයෙන් මකා දමා ඇති බවයි. මෙම සිද්ධිය කිසිදු මාධ්‍ය ආයතනයකට ලබා නොදෙන ලෙසත්, එසේ කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවටත් හමුදා නිලධාරීන් ඔහුට තර්ජනය කර තිබේ.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂක අංශ විසින්ම සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ මූලික අයිතිවාසිකම් මෙලෙස පාගා දැමීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙස වහාම මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මෙම ලිපියේ පිටපත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා, යුද හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබේ.
මිලියන ගණනක කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
(18.07.2026 – 09:40 +0530 – sinhala.adaderana.lk)
රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237 ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ කාන්තාව 54 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගුවන් යානයෙන් බැසීමෙන් අනතුරුව ඇය රෝද පුටුවක ආධාරයෙන් ගමන් කර ඇති අතර, එහිදී ඇයගේ හැසිරීම කෙරෙහි රේගු නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින්ම තමන් සන්තකයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 14 ක් ස්වේච්ඡාවෙන්ම රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.
මීට අමතරව, තවත් මත්ද්‍රව්‍ය කරල් කිහිපයක් තමන් විසින් ගිල දමා ඇති බව ද එම කාන්තාව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඉදිරියේ පිළිගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
රාජපක්ෂලා පැරදුණා; ඒත් විනාස වෙලා නෑ – විනාස කරන්න ඕනෙ (17.07.2026)
+
කතාව නං එච්චර හරි නෑ; ඒ වුණාට, ඉස්ටෝරිය මරු… ජනාධිපති හොඳයි, රටේ ගන්ඩ දෙයක් නෑ (17.07.2026)
+
හිටපු පොලිස්පතිගේ මරණයේ ගැටය තවම ළිහී නෑ! කටාගේ සල්ලි බෙදුව හාමුදුරුවෝ! (17.07.2026)
+
මාපලගම රහස හොයාගෙන – බුලත්විටටත් ටැක්ස් (17.07.2026)
+
C D සියදිවිනසා ගත්තද? ඝාතනය කලාද? (17.07.2026)
+
පෙයාස් ඇටේ ටුවරිසම් මේනියාව (18.07.2026)
+
මහ නායක හිමිවරුන් බංකුවක් රැගෙන කාදිනල් තුමා වෙත ටියුෂන් යවමු (17.07.2026)
+
බන්ධනාගාර වල ඇත්තටම වෙන්නේ මොකක්ද? (17.07.2026)
+
කතානායක සැඟවූ කොටු කොටු වාර්තාව එළියට. බරපතල චෝදනා 10 ක් (18.07.2026)
+
CD ගේ මරණයට ප්‍රභල හේතුව (18.07.2026)
+++
මගේ දෙපාර්තමේන්තුවේ අයම මට මෙහෙම කරන්නෙ ඇයි? – මම මැගසින් එක ගලවලායි සර්ට දුන්නෙ (18.07.2026)
+
රවී+ශානි ගැන, ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්..? “ස්වාමීනි, හෂීම්ගේ සැලසුම වෙනස්..!” (18.07.2026)
+
හරක් කටාගේ අල්ලස පොලිස් ලොක්කන්ට බෙදු භික්ෂුව හෙළිවෙයි ! | සිද්ධියේ වීඩියෝ සාක්ෂියක් (18.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴