වන සතුන් බිය කරමින් යාල කැලේ රේස් ගිය ප්‍රභූ රියක් පෙරැලේ
(17.07.2026 – lankacnews.com)
යාල ජාතික උද්‍යානය තුළ පිහිටි බුතව බංගලාව වෙත දේශීය සංචාරකයින් පිරිසක් රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක් (15) පෙරළී අනතුරකට ලක්ව ඇති බව යාල වනෝද්‍යාන කාර්යාලය පවසයි.
මෙම අනතුරින් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවද, රථයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. උද්‍යානය තුළ පිහිටි උරාණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ රථය බුතව බංගලාව දෙසට ගමන් කරමින් සිටියදීය. මෙම ඩිෆෙන්ඩර් රථය මෙරට ප්‍රභූවරයෙකුට අයත් එකක් බවද අනාවරණය වී තිබේ.
අනතුර දුටු අනෙකුත් ජීප් රථ රියදුරන් පවසන්නේ, අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම පෙරළීම සිදුව ඇති බවයි.
අනතුරට පත් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට අනෙකුත් රියදුරන් සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකවරුන් සහාය වී ඇත.
මෑතක සිට යාල ජාතික උද්‍යානය තුළ වේග සීමා උල්ලංඝනය කරමින් සහ වන සතුන්ට පීඩා වන අයුරින් රිය පදවන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යාල උද්‍යාන භාරකරු සඳහන් කළේ, මෙලෙස නීති විරෝධී ලෙස රිය පදවන පුද්ගලයින් සහ වාහන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය ෴
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
(17.07.2026 – 16:34 +0530 – sinhala.adaderana.lk)
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් (6) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළේය.
ඒ, අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප ලබා සිටින මොවුන් විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඒ අනුව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තගේ මහානාම හිමියන් යන පිරිසකටය.
ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස හතර වෙනිදා (04) දක්වා මෙම නඩුව කල් තබන ලෙස නියෝග කළේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි මෙන්ම රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු13 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.
කොටුව පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර වසන්ත මුදලිගේ සහ වේරංග පුෂ්පිකද සිල්වා, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ මෙන්ම රත්කරව්වේ ජිනරතන, කොස්වත්තේ මහානාම හිමිවරුන් ඇතුළු සැකකරුවන් 15 දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරයපෑම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ ෴
+++

ඉක්මණට උත්තර ඕනේ – මමයි සලේයි එතැනට ගියා’ – සී.ඩී. වික්‍රමරත්නගේ මරණය පිටුපස සඟවන රහස් (17.07.2026)
+
“මේ රට මොකක් හරි බලවේගයකින් ආරක්ෂා කරනවා කියලා පේනවා…” – මෛත්‍රීගෙන් හිතා ගන්න බැරි කතාවක් (17.07.2026)
+
“ඩෙංගු රෝගීන් එක්කෙනයි ඉන්නේ කිව්වාම දුම් ගහන්න 10 දෙනෙක් ඕනේ කිව්වා” – චානක මාර කතාවක්නේ කියන්නේ (17.07.2026)
+
සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදීමට පෙර ඔප්ටීෂන්ට යැවූ SMS පණිවිඩය එළියට (17.07.2026)
+++
PSO ඇයි සී.ඩී. වික්‍රමරත්නට වෙපන් එක දුන්නේ | ඔලුවට නැතුව පපුවට තියාගත්ත එක මාරම සැකයි (17.07.2026)
+
හරක් කටාගේ බිරිඳගේ වීඩියෝවක් එළියට එයි..! – “ස්වාමීනි, මේක දුන්නෙ හාමුදුරුනමක්” (17.07.2026)
+
A/L නඩුවට ජුලි 23 මොකද වෙන්නේ ? ආණ්ඩුව දරුවන්ට නැගූ චෝදනා වලට පිළිතුරු මෙන්න (17.07.2026)
+
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
(17.07.2026 – hirunews.lk)
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන අතර, මාළඹේ පොලිසියද පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.
මාලඹේ, තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී අද (17) පෙරවරුවේ වෙඩි තබාගෙන හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මිය ගොස් තිබුණා. එය සියදිවි හානි කරගැනීමක් බවට සැක කෙරෙනවා.
ඔහු වෙඩි තබාගෙන ඇත්තේ සිය ආරක්ෂක නිලධාරියෙකු සතුව තිබූ පිස්තෝල අවියක් ඉල්ලා ගැනීමෙන් බව ද අනාවරණ වුණා.
අදාළ ගිනි අවියේ තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට හිටපු පොලිස්පතිවරයා පවසා ඇති අතර, ඒ අනුව නීතියට අනුකුලව ගිනි අවියේ මැගසිනය ඉවත් කර එය ලබා දීමටයි ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, අවිය රැගෙන ගිය ඔහු තමා ළග තිබූ වෙනත් උණ්ඩ යොදා මෙම වෙඩිතැබීම සිදුකරගෙන ඇති බවයි දැනට අනාවරණය වන්නේ.
63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දෙදරු පියෙක්.
උදෑසන ශරීර සුවතා ව්‍යායාමවලට යාමට පෙර මෙය සිදුව ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද නිවසේ සිට තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
වෙඩිවැදී සිටි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කඩිනමින් නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත යොමු කෙරුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.
බස්නාහිර අපරාධ කොට්ඨාසයේ දකුණු දිසාව භාර නිලධාරීන්, මිරිහාන අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරීන් සහ ඇඟිලි සලකුණු අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාද හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවසට පැමිණ පසුව විමර්ශන සිදු කළා.
පරික්ෂණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද අද (17) පස්වරුවේ හිටපු පොලිස්පතිවරයාගේ නිවසට පැමිණි බවයි හිරු වාර්තාකරු පැවසුවේ.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් සිදු කරනු ලැබුවා.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.
ඒ මාලබේ පොලිසිය මීට අදාළව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය එහිදී පවසා ඇත්තේ සිය පුත්‍රයෙකු සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් නිසා ඔහු දැඩි කම්පනයෙන් සිටි බවයි.
එහිදී එම පුතු යම් කාලයක් සිර මැදිරියේ රඳවා තබා ඇති අතර, එයද ඔහුගේ කම්පනයට දැඩි ලෙස හේතු වී ඇති බව බිරිඳ පවසා තිබෙනවා.
1986 ජූනි 16 වැනිදා ශ්‍රී ලංකා පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස එක් වූ සී.ඩී. වික්‍රමරත්න, පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වුණා.
2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවුණු අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණේ සී.ඩී. වික්‍රමරත්නයි.
ඉන් අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න වැඩ භාරගත් අතර, ඔහු 2023 නොවැම්බර් 23 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.
සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ 2023 මාර්තු මාසයේදී වුවද, ඔහුට අවස්ථා හතරකදී (4) සේවා දිගු ලබා දී තිබුණා.
පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සාක්ෂිකරුවෙකු ලෙස ප්‍රකාශ ලබා දී තිබුණා.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සිරුර මේ වන විට නැගෙනහිර -කොළඹ මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴