මහින්ද සමරසිංහ ඇමරිකානු තානාපති කමින් ඉවත් වෙයි.. තව ඉන්න කිවුවත් බෑ කියයි..
මහින්ද සමරසිංහ ඇමරිකානු තානාපති කමින් ඉවත් වෙයි.. තව ඉන්න කිවුවත් බෑ කියයි..
(16.07.2026 – lankacnews.com)
මෙරට අපනයන සඳහා වන තීරුබදු සහන සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමරිකාවෙන් සුබ පණිවිඩයක් ලැබීමට නියමිත බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඇමරිකාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ තීරුබදු සහන තවදුරටත් අඩු කරගැනීම සඳහා වන ගැසට් නිවේදනයකට ජනාධිපතිවරයාගේ අත්සන මීට දින කිහිපයකට පෙර ලබාගත් බවයි.
එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට සහ අපනයනකරුවන්ට විශාල සහනයක් අත්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
තමන් තානාපති ධුරයෙන් ඉවත් වී යළි මෙරටට පැමිණෙන බවත්, එසේ පැමිණිය ද නැවත සක්‍රීය දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
“මම ලංකාවට ගියාට පස්සෙත් වැඩ කරන්නේ මගේ මව්බිම වෙනුවෙන්. ඒ සේවය නතර වෙන්නේ නැහැ. නමුත් මම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.
වත්මන් රජය සමඟ ඉතා සුහදව කටයුතු කළ බවත්, තමන්ට තවදුරටත් එම ධුරයේ රැඳී සිටින ලෙස රජය ආරාධනා කළ ද ස්වකීය කැමැත්ත මත ඉන් ඉවත් වීමට තීරණය කළ බවත් මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තමන් තානාපති ධුරය දැරූ කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවී රට වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කළේය.
+
ජනාධිපති කෙනෙකුගේ වීසා එහෙම කැන්සල් කරන්නේ නෑ… එහෙනම් මොකද වුණේ ? (16.07.2026)
+
නාමල් ලස්සනට ජනතාව අතරින් මතුවෙනවා… ආණ්ඩුව තමන්ගේම වැරදිවලින් පිරිහෙනවා (16.07.2026)
+
චාමර සම්පත්ට කාදිනල්තුමා නඩු දායි ද ? කොල්ලො හොයාගෙන ලංකාවට එන සුද්දො හින්ද හැදෙන AIDS (16.07.2026)
+
දැනට සිදුකළ මරණ පරීක්ෂණ වලින් මීගමුවේ රැඳවියෝ 18 ක්ම මැරුණේ වෙඩිකාලා! පොලීස් STF ගිනිඅවි පත්තුවෙලා නෑ! (16.07.2026)
+
සරා හරහා එන අලුත් සුළඟ (16.07.2026)
+
මීගමුව නගරාධිපති අස් උනාද ? අස් කලාද ? මණුවර්න ගැන මොකද ? (16.07.2026)
+
දිලීප පීරිස්ගේ ප්‍රකාශයට රණවිරුවන්ගෙන් සෘජු ප්‍රහාරයක්! නීතිපති දෙපාර්තමේන්තුව කිල්ලට අහුවෙලා (16.07.2026)
+
නීතිය දන්නේ නැති නීතිඥයෝ සහ තරිඳු ජයවර්ධනගේ මෝඩකන් (16.07.2026)
+
Hiru TV Balaya Live | Episode 650 | 2026-07-16
+
“හිරේට බඩු එන්නේ පාර්සල් පිටින්” කාන්තා හිරේ සිදුවෙන අමුතු දේවල් ගැන හිරුණිකාගේ අනාවරණය (16.07.2026)
+
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
(17.07.2026 – hirunews.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඒ, එම පෙත්සම් අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි.
ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා ෴
‘අස්වැසුම ප්‍රතිලාභීන්’ගේ මුදල් වංචා කිරීමක් – ඇමතුම් ලැබී ඇත්නම් පැමිණිලි කරන්නැයි දන්වයි
(17.07.2026 – 09:57 +0530 – sinhala.adaderana.lk)
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හී විවිධ පුද්ගලයින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බවය.
මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇතැයි මේ වන විට වාර්තා වී ඇති බවද එම මණ්ඩලය සඳහන් කර තිබේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ මෙම ක්‍රියාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බැවින් මේ සම්බන්ධව අදාළ පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස සහ මේ සම්බන්ධව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වසම්භාර නිලධාරීන් දැනුවත් කරන ලෙසත්ය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමතුම් ලැබී ඇත්නම් ඒ පිළිබඳව අස්වැසුම ප්‍රතිලාභීන් මගින් අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙසත් එම මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴
SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් 08 සිට තහනම්
(16.07.2026 – 22:35 +0530 – sinhala.adaderana.lk)
SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 08 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන් කර ඇත.
මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ.
එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවාද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කරන ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව අධිකාරිය සඳහන් කළේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ප්‍රමිතීන්ට ඉදිරියේදී සිදුකරන සියලු සංශෝධන සඳහා ද මෙම විධානය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත ෴
ඇඟ කිළිපොලා සංවේදී දර්ශන | ඩ්‍රයිවර්ටට කොන්ට්‍රෝල් නැතුව ගියා | අතුරුගිරියේ පාන්දරම බිහිසුණු අනතුරක් (17.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴