උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා

උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා


උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා

(16.07.2026 – hirunews.lk)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අදාල පෙත්සම අද (16) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴

+++

උසස් පෙළ ප්‍රමාද නොකලේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අල්ලස් ලැබෙන නිසාද? | සිවිල් සංවිධාන අල්ලස්කොමිසමට (16.07.2026)

+++

+


කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි : මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී

(16.07.2026 – hirunews.lk)

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එම රැස්වීම අතරමග අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුසලතා සංවර්ධන ශාලාවේදී අද (16) මෙම රැස්වීම පැවැත්වුණේ ධීවර අමාත්‍ය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ මූලිකත්වයෙන්.

රැස්වීම අතරතුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෝදනා කර සිටියේ තිරුවයියාරු ප්‍රදේශයේ ලාල් කාන්ත විසින් සිදු කරන ලද පොල් වතු බෙදා හැරීමේදී වංචාවක් සිදුවී ඇති බවයි.

මෙම චෝදනාවත් සමඟ රැස්වීම තුළ දැඩි තර්ක විතර්ක ඇති වූ අතර, එම තත්ත්වය තීව්‍ර වෙද්දී කිලිනොච්චි දිස්ත්‍රික් රජයේ සභාපතිවරයා ද මෙම වංචා කාරණයට හවුල් වී ඇති බවට මන්ත්‍රීවරයා සෘජුවම චෝදනා කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මත ගැටුමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති අතර, එහි සිටි මහජන සංවිධාන නියෝජිතයින් සහ සභාපතිවරුන් අතර ද දැඩි මතභේද හටගත් බව සඳහන්.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස්වීමෙන් පිටව ගිය අතර, ඉන් අනතුරුව රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු නිලධාරීන් ද එකින් එක රැස්වීම් ශාලාවෙන් පිටව යාමට පියවර ගෙන තිබුණා.

මෙලෙස නිලධාරීන් පිටව යාම හේතුවෙන් අවසානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරමග අත්හිටුවීමට මුලසුනට සිදුව තිබුණා.

කෙසේ වෙතත් මෙම ව්‍යාකූලත්වය ඇති වීමට පෙර රැස්වීම සුපුරුදු පරිදි ආරම්භ වී තිබූ අතර, එහිදී මෙම වසරේ (2026) කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මධ්‍යම සහ පළාත් රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිලධාරීන් විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම් ද සිදු කර කළා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, කේ. ඉලංගුමාරන්, රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, පොලීසිය, නාවික හමුදාව, හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විවිධ රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් ද සහභාගී වී සිටියා ෴

+++

+


‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීමට එරෙහි පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

(16.07.2026 – hirunews.lk)

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි අවම කිරීම සඳහා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කර තිබු පෙත්සමක් ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දිට්වා සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා රජය විසින් පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි ෴


මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි මොරටුව සරසවියේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට

(16.07.2026 – 19:13 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (16) යළි කැඳවූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

එහිදී සිදුකෙරෙමින් පවතින විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගත් DVR දෘඩ තැටි 02 ක් අධිකරණ නියෝග ප්‍රකාරව වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළ අපරාධ ස්ථානය වූ මීගමුව බන්ධනාගාරය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිතියම්ගත කළ බවය.

එසේම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන, මියගිය එක් රැඳවියෙක්ට අදාළ ලේ සාම්පල සහ ඇඳුම්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලාසිටියේය.

අනතුරුව නොසන්සුන්තාවය අතරතුර මියගිය රැඳවියන් තිදෙනෙකුගේ මරණ වලට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සඳහා සාක්ෂි ලබාගැනීම සිදුවුවාය.

එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු “මෙම සිද්ධියෙන් මීගමුව බන්ධනාගාරයේ සිටී මගේ නංගිගේ පුතා මියගියා. ඔහුට වයස අවුරුදු 31 යි. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පසුගිය වසරේ ජුනි 12 වැනිදා පොලිසියෙන් නිවසට ඇවිල්ලා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එතැන්පටන් ඔහු සිටියේ මීගමුව බන්ධනාගාරයේ. මෙම සිද්ධියෙන් පස්සේ පසුගිය 12 වැනිදා මීගමුව රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මෘත ශරීරය හඳුනාගැනීම සිද්ධ කළා. පසුව 13 වැනිදා කෙසෙල්වත්ත පොදු සුසානභූමියේදී භූමිදානය කළා. මට වෙන කියන්න කිසිවක් නැහැ. එයා වැරදි කරන හින්දානේ අත්අඩංගුවට ගත්තේ. එපමණයි.” යනුවෙන් පැවසුවේය.

මියගිය තවත් රැඳවියෙකුගේ මවක සාක්ෂි ලබාදෙමින්, “මගේ ලොකු පුතාත් මේ සිද්ධියේදී මියගියා. ඔහු විවාහවෙලා පසුව වෙන්වෙලා හිටියේ. කුඩුවලට වරෙන්තුවෙලා තිබ්බ නඩු 03 කට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඔහු බන්ධනාගාරගත වුණා. මේ සිද්ධියෙන් පස්සේ මම 11 වැනිදා මීගමුව රෝහලට ගියාම පළමුවෙන් මට ඡායාරූප කිහියක් පෙන්නුවා. එතන ඉස්සෙල්ලාම තිබුණේ පුතාගේ photo එක. පසුව මෘත ශරීරාගාරයේදීත් මම පුතාගේ මෘත ශරීරය හඳුනාගත්තා. 13 වැනිදා කහටවිල පොදු සුසානභූමියේදී අවසන් කටයුතු සිද්ධ කළා. ඇතුළේදී මෙයා රණ්ඩුවුණ නිසා මෙයාට මේක වුණා කියලයි මට හිතෙන්නේ.” යනුවෙන් පැවසුවාය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැඳවියෙක් සහ නිලධාරීන් 02 කුගේ මරණයන් සම්බන්ධයෙන් කෙටි මරණ පරීක්ෂණ වාර්තා විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරියට භාරදුනි.

පසුව සෙසු මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීමට සහ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජුලි 23 වැනිදා දක්වා කල්තැබුණි ෴

+++

+


මුඛ පිළිකාවලින් ලංකාවේ දිනකට පුද්ගල මරණ 3 ක්

(16.07.2026 – 10:24 +0530 – sinhala.adaderana.lk)

මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ගල මරණ තුනක් (3) සිදුවන බව මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනුජා දක්ෂණී පතිරාජ මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පුරුෂ පක්ෂය අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ගය මුඛ පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ග 10 අතරට ද මුඛ පිළිකාව ඇතුළත් වී ඇති බව ඇය සඳහන් කරයි.

දුම්කොළ, දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය මුඛ පිළිකා ඇති වීමට ප්‍රධානතම හේතු වී අතර විශේෂයෙන්ම බුලත් විට හැපීමේදී භාවිත කරන පුවක්වල අඩංගු පිළිකා කාරක ඉතාම භයානක මෙන්ම ප්‍රබල මට්ටමක පවතින බව ද වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

දෛනික රැකියාවල නිරත වන විශේෂිත ක්ෂේත්‍ර කිහිපයක ප්‍රජාව මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වන බව ද ඇය පැවසීය.

ඒ අතර, වතුකම්කරු ජනතාව, ධීවර ප්‍රජාව, මැණික් හා පතල් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාව සහ රියදුරන් වේ.

රැකියා පරිසරය තුළ ඇති වන අධික ආතතිය, විඩාව සහ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා මෙම පිරිස් බහුලව බුලත් විට සැපීමට, දුම්කොළ සහ දුම්වැටි භාවිතයට පුරුදුව සිටීම මේ සඳහා මූලික හේතුව වී ඇති බව වෛද්‍ය තනුජා දක්ෂණී පතිරාජ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එබැවින් මෙම විනාශකාරී පුරුදුවලින් ඈත් වී මුඛයේ ඇති වන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි ෴


‘රුහුණු ක්‍රෙඩිට්’ එක රු. කෝටි 80 ක් වංචා කරලා තියෙනවා – CID ළඟ උණුසුම් තත්ත්වයක් ඇති වෙයි (16.07.2026)

+


අත්අඩංගුවට ගැනීම් ලක්ෂ 2 ට වැඩියි | ජාවාරම්කරුවන්ගේ වත්කම් රු.බි. 1.5 පනී | රටම එකට මෙහෙයුමේ ප්‍රථිඵල (16.07.2026)

+


මේ ආණ්ඩුවේ උන්ට ඩිමෙන්ෂියා – මුන්ට අපි අනුකම්පා කරන්න ඕන (16.07.2026)

+


ජනාධිපතිතුමනි පෞද්ගලික වුවමනාවලට අධිකරණයට අත තැබීමේ විපාකය ඔබතුමාගේ පස්සෙන් එනවාමයි (16.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *