ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක් : AI සහිත රෝබෝ තාක්ෂණයෙන් සිදුකළ ප්‍රථම ශල්‍යකර්ම දෙක (2) සාර්ථකයි
(14.07.2026 – 17:41 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝ තාක්ෂණයේ සහායෙන් ප්‍රථම වරට සාර්ථක ශල්‍යකර්ම දෙකක් (2) සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.
මෙම සුවිශේෂී ශල්‍යකර්ම දෙක පසුගියදා ආසිරි ශල්‍ය රෝහලේදී ( Asiri Surgical Hospital ) සිදුකර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නව තාක්ෂණික යුගයකට රැගෙන යන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙහිදී වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු (2) රෝබෝ තාක්ෂණයේ සහාය ලබා ගනිමින් සැත්කම් සිදුකළ අතර, ඉන් එකක් වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි. අනෙක් සැත්කම වකුගඩුව ආශ්‍රිත සංකීර්ණ ශල්‍යකර්මයක් බව සඳහන් වේ.

රෝබෝ ශල්‍යකර්මය යනු කුමක්ද?
මෙම තාක්ෂණය යටතේ ශල්‍යකර්මය සිදු කරන්නේ රෝබෝවරයා විසින් ස්වාධීනව නොව, ශල්‍ය වෛද්‍යවරයාගේ සම්පූර්ණ පාලනය යටතේය.
වෛද්‍යවරයා විශේෂ පාලන පද්ධතියක් භාවිතයෙන් රෝබෝ අත් පාලනය කරන අතර, රෝබෝ පද්ධතිය එම චලනයන් ඉතා ඉහළ නිරවද්‍යතාවකින් රෝගියාගේ ශරීරය තුළ ක්‍රියාත්මක කරයි.
AI සහ නවීන ක්‍රමලේඛන (Programming) තාක්ෂණය භාවිත කිරීම නිසා මිනිස් අතට අපහසු වන ඉතා සියුම් චලනයන් පවා නිවැරදිව සිදු කිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

රෝගීන්ට ලැබෙන වාසි
මෙම ශල්‍යකර්ම පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේ රෝබෝ තාක්ෂණය භාවිතයෙන්,
- අවම රුධිර වහනයක් සිදුවීම
- විශාල කැපුම් අවශ්‍ය නොවීම
- ශරීරයේ ඉතා සියුම් ස්ථානවල ඉහළ නිරවද්‍යතාවයෙන් සැත්කම් කිරීම
- ආසාදන අවදානම අඩුවීම
- රෝගියාට ඉක්මනින් සුවය ලැබීම
- ශල්‍යකර්මයේ දෝෂ සිදුවීමේ ඉඩ අවම වීම
වැනි ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි.
එමෙන්ම සාම්ප්‍රදායික ශල්‍යකර්මයකට අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට වඩා අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැත්කම් සිදුකළ හැකි බවද ඇය පෙන්වා දුන්නාය.
වෛද්‍යවරුන්ටත් විශේෂ වාසියක්
මෙම රෝබෝ පද්ධතියේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සැත්කම ආරම්භ කිරීමට පෙර එය සැලසුම් කර පෙරහුරු වීමට ඇති හැකියාවයි. එමඟින් ශල්‍යකර්මය ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයාට සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ සූදානමක් ලබාගත හැකිය.
මෙම තාක්ෂණය භාවිත කිරීම සඳහා අදාළ ශල්‍ය වෛද්‍යවරයා චීනයේදී විශේෂ පුහුණුවක් ලබා තිබෙන අතර, ඉදිරියේදී තවත් වෛද්‍යවරුන් 30 කට අධික පිරිසක් මෙම නවීන රෝබෝ ශල්‍ය තාක්ෂණය පිළිබඳ පුහුණුව ලබා ගැනීමට සූදානමින් සිටින බවද වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය අනාවරණය කළාය.

විදේශයට යාමේ අවශ්‍යතාව අඩුවේද?
මෙතෙක් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැනි සංකීර්ණ ශල්‍යකර්ම සඳහා ඇතැම් ශ්‍රී ලාංකිකයන් විදේශගත වුවද, මෙම නව තාක්ෂණය සමඟ එවැනි ශල්‍යකර්ම රට තුළම සිදු කිරීමේ හැකියාව වර්ධනය වනු ඇති බව වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය පළ කළාය.
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක්
AI සහ රෝබෝ තාක්ෂණය එක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය නව මට්ටමකට ගෙන යා හැකි බව මෙම සාර්ථක ශල්‍යකර්ම මඟින් යළිත් තහවුරු වී තිබේ. ඉදිරියේදී තවත් රෝහල්වලටද මෙම තාක්ෂණය ව්‍යාප්ත කළ හැකි වුවහොත්, සංකීර්ණ ශල්‍යකර්ම සඳහා විදේශගත වන රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කරමින්, ශ්‍රී ලංකාව කලාපයේ නවීන ශල්‍ය වෛද්‍ය සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවස්ථාවක් ද නිර්මාණය වනු ඇත.
+
“ඒ ජාවාරම මෙහෙයවන්නේ බන්ධනාගර නිළධාරීන්” හිරෙන් නිදහස් වූ අජිත් ප්‍රසන්න පළමු වරට කට අරී (14.07.2026)
+++
බන්ධනාගාර ගැටුම වෙලාවේ වෙඩි තියන්න අණ දුන්නේ මම. මේවා ජනාධිපති, ඇමති දෙන්න ඕන නියෝග නෙවෙයි. (14.07.2026)
+
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු (3) මාට්ටු
(14.07.2026 – 16:35 +0530 – sinhala.adaderana.lk)
රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් (1) ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත අද (14) මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර නිවැසියා ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් වන බව තඹුත්තේගම පොලීසිය පවසයි.
මෙය සිදුකිරීමට උපදෙස් දුන් සැකකාර ගුරා ගල්ගමුව ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද සඳහන් වෙයි.
අත්අඩංගුටගත් සැකකාර කාන්තාව හා පිරිමි පුද්ගලයා මෙම කටයුත්තට මුදල් වියදම් කර ඇති බවට ද පොලීසිය තොරතුරු සොයාගෙන තිබේ.
තඹුත්තේගම, බිලිබෑව ප්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ ඇති ඉඩමක නිවසක මුළුතැන්ගේ අඩි විස්සක් (20) පමණ ගැඹුරු දෝනාවක් හරා එහි පස් තම නිවසේම රහසිගතව කාමරයක් තුළ සඟවා තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, වතුර බටයක්, වයර් රෝලක්, සවලක් පස් හෑරීමට ගන්නා උපකරණ සහ පස් ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් තඹුත්තේගම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම අපරාධ ඒකකය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
+++
+
රු. මිලියන 450 ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
(14.07.2026 – hirunews.lk)
ලැබුණු ජාත්‍යන්තර තොරතුරු දත්ත පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින්, ‘ශීතාගාර පැනල’ ලෙස සඳහන් කරමින් මෙරටට ගෙන්වන ලද විශාල සිගරට් තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේ පිහිටි සමාගමක ලිපිනයට ගෙන්වා තිබූ මෙම ශීතාගාර පැනල තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම සිගරට් තොගය සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මෙරට ජීවත්වන හෝ රැකියාවල නිරත වන චීන ජාතිකයින් පිරිසකට මෙම ජාවාරම සම්බන්ධයෙන් සබැඳියාවක් පවතින බවට සැක බවයි රේගුව සඳහන් කරන්නේ.
මෙහිදී චීන නිෂ්පාදිත සිගරට් කාටූන් 18,000 කට අධික ප්‍රමාණයක් රේගු භාරයට ගෙන ඇති අතර, එහි අඩංගු සමස්ත සිගරට් කොටස් ප්‍රමාණය මිලියන 3.6 ක් බව රේගුව පවසනවා.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ මෙම සිගරට් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 450 කට අධික බවයි.
අදාල නීති විරෝධී සිගරට් තොගය වැටලීමට නොහැකි වූයේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන 400 කට අධික බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
+++
+
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 : ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
(14.07.2026 – hirunews.lk)
මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව අනුවයි.
2025 වසරේ නොවැම්බර් සහ 2026 වසරේ ජනවාරි අතර කාලයේදී Export Finance Australia ආයතනය වෙත විදේශ ණය ප්‍රතිපූරණය කිරීමේදී සිදු වූ සයිබර් අපරාධයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක පාඩුව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම වාර්තාවේ අන්තර්ගතය අනුව මේ පිළිබඳව තවත් කරුණු රැසක් හෙළිදරව් වනවා.
ශ්‍රී ලංකා මහ බැකුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිලාභියෙකුට ගෙවීමක් කරන බව නිරීක්ෂණය කර ඇති අතර එම ලිපිනය Export Finance Australia ලිපිනයට නොගැළපෙන බවත්, මුදල් විශුද්ධිකරණ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, ණයහිමියා සමඟ ගිණුම් විස්තර නැවත තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැකුව 2025 නොවැම්බර් මස 26 වැනිදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
අනතුරුව අමාත්‍යාංශය නීත්‍යානූකූල ණයහිමියාට එම ගිණුම් විස්තර යවා තහවුරු කරගැනීම වෙනුවට වංචනික පාර්ශ්වයටම විද්‍යුත් තැපෑලක් යවා එම වංචාකරුගෙන්ම බැංකු තොරතුරු තහවුරු කරගෙන ඇති බව සඳහන්.
කමිටු වාර්තාවට අනුව කිසිවෙකු මුදල් ප්‍රතිලාභීන්ගේ නම් ගළපා නොමැති බව පෙනී යන බවත් ශ්‍රී ලංකාව අබුඩාබිහි බැංකුවක Mish Global LLC, LMH Global LLC සහ Sifra Watan Project Management Services වෙත ස්වෛරී ණය ගෙවීම් සිදු කර තිබෙන බවත් අදාළ වාර්තාවේ සඳහන්.
එමෙන්ම ඒ සෑම ප්‍රතිලාභියෙක්ම Australias export credit agency ලෙස පෙනී සිට ඇති අතර ඒ අනුව එවැනි ආයතනයකට මුදල් ගෙවනු ලබන්නේ ඇයිදැයි ඇසීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
වාර්තාව අනුව, 2026 ජනවාරි මස 06 වැනිදා ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම ඉන්දියාවේ අපනයන – ආනයන බැංකුවට (EXIM Bank of India) සිදුකරන ශ්‍රී ලාංකික ගෙවීමක් වංචනික විය හැකි බවට අනතුරු අඟවා එය නවතා තිබෙනවා.
අනතුරුව ඉන් දින තුනකට පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වංචාකාරී ඩොමේන් නාමයක් දක්වමින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයටත් වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ඉන් දින එකොළහකට (11) පසු එනම් ජනවාරි මස 20 වැනිදා ශ්‍රී ලංකාව Mish Global LLC වෙත තවත් ඩොලර් නවලක්ෂ අනූහත් දහසක් හත්සිය අනූ නවයක (9,97,799) මුදලක් ගෙවා තිබෙනව බව ද වාර්තාවේ පෙන්වා දෙනවා.
මේ අතරම අමාත්‍යාංශ නිලධාරීන් සැබෑ ණයහිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
ණය වාරිකය ගෙවීම ජනවාරි මස මුල් සතියේ තිබුණද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟවීම නිසා එය ප්‍රමාද වී තිබේ.
එබැවින් මුදල් පිටතට ගොස් ඇති බව අමාත්‍යාංශය විශ්වාස කළද යමෙකු ඕස්ට්‍රේලියාවට ආයාචනා කරමින් තවත් කාලයක් ඉල්ලා සිට ඇති බව වාර්තාව මඟින් පෙන්වා දෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴