රථවාහන දඩ පිළිබඳව වංචනික SMS හා වට්ස්ඇප් පණිවිඩ ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
රථවාහන දඩ පිළිබඳව වංචනික SMS හා වට්ස්ඇප් පණිවිඩ ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
(13.07.2026 – dasathalankanews.com)
සැක සහිත වෙබ් සබැඳි හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් දෙන වංචනික කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීමක් කරනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් (DMT) පැමිණෙන බව දැක්වෙන එම පණිවිඩවල සඳහන් වන්නේ, චෝදනා එල්ල වන රථවාහන වැරදි සඳහා සතියක් ඇතුළත දඩ මුදල් ගෙවිය යුතු බවයි.
කෙසේ වෙතත්, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර පැවසුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එවැනි දැනුම්දීම් නිකුත් කර නොමැති බවත්, එම පණිවිඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි.
නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එලෙස පැමිණෙන සබැඳි විවෘත නොකරන ලෙසත්, පුද්ගලික හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත් හෝ එම පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
බලපෑමට ලක් වූ ඕනෑම අයෙකු වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ඔහු දන්වා සිටිනවා ෴
“ඉතිහාසයේ මිනී මැරුම් වැඩිපුරම සිද්ධ වුණේ මාලිමා ආණ්ඩුව කාලේ… මේක මෙයාලට අලුත් දෙයක් නෙවෙයි” (13.07.2026)
+
ගැටුම අස්සේ මීගමුව බන්ධනාගාරයෙන් එළියට ගත්ත රැඳවියන් කවුද..? මුජිබර්ගෙන් හෙළිදරව්වක් (13.07.2026)
+
කුමාර ජයකොඩියි රාජකරුණයි ලයිසන් හොරු | දවසක මේ අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගේනවා – පාඨලී (13.07.2026)
+
ආණ්ඩුව අද අවසාන තුරුම්පුව ගහන්න හදන්නේ | දොලවත්ත ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ ගේම එළියට දායි | මොකක්ද මේ සිද්ධිය ? (13.07.2026)
+
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට : සමස්ත මරණ සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළට
(14.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ මෙම ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.
එක් නිලධාරියෙකු ඊයේ (13) රාත්‍රියේ මියගොස් ඇති අතර, අනෙක් නිලධාරියා අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නිලධාරියෙකු සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්.
ඒ අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී ‘P.D. සන්දික ලෂාන් ගුණවර්ධන’ ද වනවා.
ඔහුගේ 7 හැවිරිදි පුංචි පුතු ද හදවත් රෝගයකින් පීඩා විදින අතර, දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවයි දරුවාගේ මව පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ සමග කියා සිටියේ.
ඒ සඳහා තමාට සිට එම ශක්තිය තම ස්වාමියා බවයි ඇය ප්‍රකාශ කළේ ෴
රු. මිලියන 61 කට අධික ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
(14.07.2026 – hirunews.lk)
රුපියල් මිලියන 61.8 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ් (Kush) මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 180 ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක් ෴
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු තම මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
(14.07.2026 – hirunews.lk)
ඇඹිලිපිටිය – කිරලවැල්කටුව ප්‍රදේශයේදී පුත්‍රයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තම මව සහ පියා ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 54 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පිරිමියෙක්.
පහර දීම සිදු කළ 26 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා ෴
+++
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක් විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
වයඹ පළාත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය සඳහා වූ වාර විභාග කල්යයි
(14.07.2026 – hirunews.lk)
වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එම පළාතේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය සඳහා හෙට (15) සිට ලබන 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ දෙවන වාර විභාගය කල් දමා තිබෙනවා.
ඒ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහරින ආයතනය විසින් මුද්‍රණය කළ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර කොට්ඨාස කාර්යාල වෙත නිකුත් කිරීම අක්‍රමවත් ලෙස සිදුකිරීම හේතුවෙන්.
මේ අනුව, විභාගය ලබන 21 වැනිදා සිට 24 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඒ.එම්.පී. ජයතිලක නිවේදනය කළේ.
සංශෝධිත කාලසටහන අද (14) දිනයේ ලබාදීමට අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් ෴
පුද්ගලයින් රවටා කළක් තිස්සේ මුදල් හා දේපොළ වංචා කළ මත්තු තිදෙනෙකු (3) අත්අඩංගුවට
(14.07.2026 – 09:46 +0530 – sinhala.adaderana.lk)
පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලෙස පෙනී සිටිමින් වසර තුනකට (3) අධික කාලයක් පුරා දිවයිනේ පොලිස් කොට්ඨාස පහළොවක (15) පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක රත්තරන් මුදල් හා දේපොළ වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් උඩුනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි (3).
අවුරුදු 40, 44, 45 වයස්වල පසුවන මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් හුදකලාව ගමන් ගන්නා පුද්ගලයන් මෙන්ම වාහන නවතා මෙසේ පොලිස් නිලධාරීන් හෝ සී.අයි.ඩී. නිලධාරීන් ලෙස පෙනී සිට ඔවුන්ට විවිධ චෝදනා කොට පරීක්ෂා කරන මුවාවෙන් මේ පිරිස් සතු හා නිවාසවල තිබෙන රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා ඇති බව අනාවරණය වී තිබේ.
මෙලෙස 2023 වසරේ සිට මොවුන් විසින් පේරාදෙණිය, මහනුවර, කොළඹ කොම්පඤ්ඤ වීදිය, ග්‍රෑන්පාස්, මාවනැල්ල නාරම්වල, පිළිමතලාව, දවුලගල ගම්පොල, ගලහා කෑගල්ල කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම මංකොල්ලකෑම සිදුකර තිබේ.
එක් අවස්ථාවකදී කෑගල්ල ප්‍රදේශයේදී මොවුන් භාරයට ගත් පුද්ගලයන්ට ඇසෙන සේ “ලොකු සර් පොලීසියට මේ අය ගේන්න කීවා” යැයි කතාවී ඔවුන් කෑගල්ල පොලීසිය අසලටම රැගෙන විත් ඔවුන් සතුව තිබූ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.
එසේම නිවාස පරික්ෂා කරන මුවාවෙන් එම නිවැසියන් එක් ස්ථානයක රඳවා තබා නිවාසවල තිබෙන මුදල් හා දේපලද මේ ලෙස කොල්ලකා තිබේ.
ගම්පොළ ප්‍රදේශයේ දී සිදුකළ මෙවැනි කොල්ලයකින් පසු ලද බුද්ධි තොරතුරු මත පේරාදෙණිය නගරයේ දී එක් (1) අයෙකු අල්ලා ගැනීමෙන් පසු ඉතිරි දෙදෙනා (2) පිළිමතලාව නගරයේ සිටිදී අල්ලාගෙන තිබේ.
හෙරොයින් හා මත්පෙති පානයට තදින් ඇබ්බැහි වී සිටි මොවුන් තිදෙනා (3) ලබාගත් මෙම මුදල් සියල්ල ඒ සඳහා වැය කොට තිබෙන බවද හෙළිවී තිබේ.
මංකොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර විවිධ නගරවලට විකුණා ඇති අතර මහනුවර නගරයේ ස්ථානයක එසේ විකුණන ලද රන් භාණ්ඩ ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ.
මොවුන් සතුව තිබූ ත්‍රීරෝද රථයක් පිහියක් මත්පෙති හා උණු කරන ලද රන්භාන්ඩ ඇතුළු විවිධ දේපළ කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි ෴
මීගමුවෙන් ගෙනා රැදවියන්ට දිනකට තෙවරක් දරුණු පහර දීම්.. බොහෝ දෙනෙකුට නැගිටින්නත් බෑ.. – CPRP
(14.07.2026 – lankacnews.com)
මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයේ Y.O. සිර මැදිරිය වෙත මාරු කර යැවූ රැඳවියන් 150 කට අධික පිරිසක් ක්‍රමවත් සහ අමානුෂික වධහිංසාවලට ලක්වෙමින් සිටින බවට බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.
එම කමිටුව නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම රැඳවියන්ට දිනකට තෙවරක් (උදෑසන, දහවල් සහ රාත්‍රී) බන්ධනාගාර නිලධාරීන් විසින් සංවිධානාත්මකව පහර දෙනු ලබයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස බන්ධනාගාර නිලධාරීන් මෙම වධහිංසා පමුණුවන බව වාර්තා වේ.
මෙම අඛණ්ඩ පහරදීම් හේතුවෙන් බොහෝ රැඳවියන් ඇවිදීමට හෝ නැගී සිටීමට පවා නොහැකි තරම් බරපතල ලෙස තුවාල ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
නීතිඥ සේනක පෙරේරා, සුරේන් ඩී. පෙරේරා, ධනුෂ්ක ද සිල්වා, මනුෂිකා කූරේ සහ මාධව ඉරියගම යන නීතිඥ කණ්ඩායම වැලිකඩ බන්ධනාගාරයට ගොස් මෙම රැඳවියන් පරීක්ෂා කර ඇති අතර, එහිදී ඔවුන්ගේ සිරුරුවල පැහැදිලි තුවාල නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වෙතත්, නීතිඥවරුන්ට රැඳවියන් සමඟ රහසිගතව සාකච්ඡා කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා දී නොමැති අතර, ඔවුන් අසල රැඳී සිටිමින් රැඳවියන් බිය ගැන්වීමට කටයුතු කර ඇත. මෙය නීතිඥ-සේවාදායක රහස්‍යභාවය උල්ලංඝනය කිරීමක් බව නීතිඥවරු පෙන්වා දෙති.
වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නිල පැමිණිල්ල භාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන් වේ.
මේ අතර, බන්ධනාගාර බලධාරීන් තොරතුරු වසන් කරමින් සිටින බවත්, පසුගිය පැය 48 තුළ පවුල් 10 කට අධික සංඛ්‍යාවක් තම ඥාතීන් සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව අසරණ වී ඇති බවත් CPRP පවසයි.
ඇතැම් පවුල් තම ඥාතීන් සිටින ස්ථානය සොයා ගත්තද, ඔවුන් බැලීමට බන්ධනාගාර බලධාරීන් අවසර ලබා නොදෙන බවට ද චෝදනා එල්ල වේ.
පවතින බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ සඳහා වහාම මැදිහත් විය යුතු බවත්, තුවාල ලැබූ රැඳවියන් සඳහා ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක සහාය ඇතිව වහාම ප්‍රතිකාර ලබා දීමට පියවර ගත යුතු බවත් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි ෴
ඩෙංගු අලුත්ම අප්ඩේට් එක එළියට, බස්නාහිර ලොකු වසංගතයක් වෙලා… වැඩිපුරම රෝගීන් මතු වෙන තැන් මෙන්න (14.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴