ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
(12.07.2026 – hirunews.lk)
පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ඩෙංගු උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාසල තුළදී ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර දෙකක් (2) අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා :
- පාසල් වේලාව තුළදී සිසුන්ගේ සාමාන්‍ය පාසල් නිල ඇඳුමට අමතරව, අත් සහ කකුල් සම්පූර්ණයෙන්ම වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.
- නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක (Mosquito Repellents) භාවිත කිරීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
(12.07.2026 – hirunews.lk)
ලෝකයේ වඩාත්ම දරුණු රථවාහන තදබදයක් සහ මාර්ග අවහිරතාවක් පවතින රටවල් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා අනාවරණය කරනවා.
ගෝලීය වශයෙන් ජීවන තත්ත්වයන් සහ පාරිභෝගික දර්ශක පිළිබඳ දත්ත රැස් කරන ප්‍රකට ‘Numbeo’ ආයතනය විසින් නිකුත් කරන ලද 2026 වසරේ මධ්‍ය කාලීන රථවාහන දර්ශකයට (Traffic Index by Country 2026 Mid-Year) අනුවයි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ.
මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලකුණු 254.5 ක ඉහළ දර්ශක අගයක් වාර්තා කරමින් සමස්ත ලෝකයෙන්ම තෙවැනි (3) ස්ථානයට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන්නේ නයිජීරියාව සහ කොස්ටාරිකාව යන රටවල් දෙක (2) පමණයි.
සර්බියාව පදනම් කරගත් ‘Numbeo’ සබැඳි දත්ත පද්ධතිය මඟින් ලොව පුරා වෙසෙන සාමාන්‍ය ජනතාව සහ ගමන් බිමන් යන මගීන් සැබෑ ලෙස අත්විඳින තොරතුරු සෘජුවම උපයෝගී කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
ඒ අනුව ලොව දරුණුම රථවාහන තදබදය සහිත රටවල් 10 වන්නේ :
01 නයිජීරියාව
02 කොස්ටාරිකාව
03 ශ්‍රී ලංකාව
04 බංග්ලාදේශය
05 කෙන්යාව
06 ඊජිප්තුව
07 පේරු
08 ඉරානය
09 ඉන්දියාව
10 කොලොම්බියාව
+
බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ හිලෙන් වෙඩි තැබීමෙන් පසුවයි – මීගමුව සිද්දිය කණපිට හැරෙන කතාවක්
(12.07.2026 – lankacnews.com)
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු (8) ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිටුපස ඇති අතිශය කෲර සහ අමානුෂික තොරතුරු රැසක් ‘මී මැස්සෝ’ යූ ටියුබ් නාලිකාව විසින් අනාවරණය කර තිබේ.
එම වාර්තාවලට අනුව, මෙම ගැටුම හුදෙක් අහඹු සිදුවීමක් නොව, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රැඳවියන් අතර පැවති බල අරගලයක ප්‍රතිඵලයකි.
මීගමුව බන්ධනාගාර සිද්ධියේ දී ‘බන්ධ පොලිස්’ නිලධාරීන් ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේ යකඩ දොරටුව කඩා දමමින් ප්‍රධාන ලී දොරටුව ද කඩා රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් අනතුරුව බව මේ වන විට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් එම වෙඩි තැබීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළට ප්‍රවේශ වූ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් විසින් අමානුෂික ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද සිදුකරන ලද මූලික විමර්ශනවලදී හෙළි ව ඇති බව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනාවරණය කර තිබේ.
බන්ධනාගාරයේ විනය පවත්වාගෙන යාමට නිලධාරීන් ගත් උත්සාහය හමුවේ, ‘කටුවැල්ලේගොඩ සුරේෂ්’ නමැති රැඳවියා ඇතුළු පිරිසක් නිලධාරීන් සමඟ ඇති කරගත් ආරවුලක් මෙම සමූහ ඝාතනය දක්වා දුරදිග ගොස් ඇත.
සිද්ධිය වූ දින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ දොරටුව කඩාගෙන පිටතට ඒමට උත්සාහ කර ඇති අතර, එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පසු තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර අභ්‍යන්තරයට ඇතුළු වූ නිලධාරීන් පිරිසක් රැඳවියන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇත.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අතිශය ම්ලේච්ඡ අන්දමින් බව එම නාලිකාව පෙන්වා දෙයි.
එක් නිලධාරියෙකුගේ හිස සින්ක් එකක ගසා ඝාතනය කර ඇති අතර, තවත් නිලධාරීන්ගේ ලිංගික අවයව පවා කපා දමමින් වධහිංසා පමුණුවා ඇති බව හෙළි වී තිබේ.
මල් පෝච්චි, යකඩ බට සහ විවිධ උපකරණ යොදා ගනිමින් රැඳවියන් විසින් මෙම සමූහ ඝාතනය මෙහෙයවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
බන්ධනාගාරය තුළ තිබූ වැදගත් ලේඛන සහ උපකරණ රැසක් ද රැඳවියන් විසින් විනාශ කර ඇති අතර, සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා ඉදිරියේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පුවත මගින් මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින අනාරක්ෂිත බව සහ රැඳවියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
+
‘වනජීවීන්’ සේවයෙන් ඉවත්වී අසනීප නිවාඩු වාර්තා කරයි
(13.07.2026 – 06:24 +0530 – sinhala.adaderana.lk)
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
මෙම විරෝධය හේතුවෙන් අද (13) දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා :
“වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතාම අත්තනෝමතික විදිහට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන ආකාරයට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්න උත්සාහ කරනවා. අපි අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිව්වා ‘මේ අපි බඳවා ගැනීමට විරුද්ධ නෑ, හැබැයි මේ බඳවා ගන්නා ක්‍රමවේදය තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න’ කියලා.
නමුත් ඔහුගේ තියෙන අත්තනෝමතික භාවය නිසා අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නොකොට, ඔහුගේ හිතුමතේට මේක වැරදි ආකාරයෙන් මේ බඳවා ගැනීම් සිද්ධ කරනවා. අපේ ක්ෂේත්‍ර සහයක, ද්විතීයික මට්ටමේ නිලධාරීන් විතරක් නෙමෙයි, වනසත්ව නියාමක, අඩවි සහකාර, අඩවි ආරක්ෂක ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවේ සිටින සියලුම නිලධාරීන්ට මේකෙන් බරපතල හානියක් සිද්ධ වෙනවා.
අපිට 13 වෙනිදාට පෙර සාකච්ඡාවක් ලබා දෙන්න. මේ වෙනකන් අධ්‍යක්ෂ ජනරාල්වරයා අපිට සාකච්ඡාවක් ලබා දුන්නේ නෑ. මේ තත්ත්වය නිර්මාණය කරේ ඔහුමයි. ඒ නිසා අපි අද දවසේ බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි අද දවසේ ක්ෂේත්‍රයේ බොහෝ නිලධාරීන් අසනීප නිවාඩු දානවා…”
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සදහන් කළේ සේවකයින්ගේ ගැටලු සඳහා සාකච්ජාවක් ලබාදී ඇති බවය.
කෙසේ වෙතත් සිවිල් ආරක්ශක නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පරිසර අමාත්‍යංය මගින් කමිටුවක් පත්කර ඇති අතර එමගින් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබද තීරණය කරනු ඇති බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය ෴
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක්
(13.07.2026 – 09:39 +0530 – sinhala.adaderana.lk)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක අද (13) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ.
පෙරවරු 08:30 ට පමණ මෙම ගින්න ඇතිවී ඇති අතර ගින්නෙන් පද්ධතියට හානි සිදුව ඇතැයිද වාර්තා වේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
සිද්ධියෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇති බවද සඳහන් වේ ෴
+++
+
මරියසෙල් බලන්න කළාකරුවෝ රැසක් එයි – සංවේදී වූ කීර්ති පැස්කුවල් කියන කතාව (13.07.2026)
+
මෙරට HIV වෛරසය ගැන භයානක හෙළිදරව්වක්
(13.07.2026 – 14:36 +0530 – sinhala.adaderana.lk)
මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.
අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනුයේ මේ අතරින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් රොගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවය.
පසුගිය 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගත් විට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරිය මේ අතරින් පිරිමි පාර්ශ්වය අතර රෝගය වැළඳීම ඉහළ අගයක් ගෙන ඇති බවද පැවසුවාය.
HIV වෛරසය වැළඳීම අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි බවත් පැවසූ වෛද්‍යවරිය මීට අමතරව අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ ක්‍රම සඳහා එන්නත්කටු, සිරින්ජර් සහ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරිම සහ බෙදාගැනීම ආදියද බලපාන බවද වෛද්‍යවරිය පැවසුවාය.
විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ HIV වෛරසය වැළඳීමෙන් පසු එය 100% ක් සුව කළ නොහැකි බවත් යම් අයෙකුට HIV වෛරසය වැළඳී ඇත්නම් ඔහු දීර්ඝ කාලීන සායනික ප්‍රතිකාර සහ අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නිරන්තර ලබා ගත යුතු බවත්ය.
එමෙන්ම යම් අයෙකුට අඩු වයසකින් HIV වෛරසය වැළඳුණහොත් ඔහු හෝ ඇය ජීවිත කාලයටම ප්‍රතිකාර සහ ඖෂධ භාවිත කළ යුතු බවත් වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
HIV/STI සහ හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගැනීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයිද වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.
එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති බවත් ජනගහණය සහ අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නාය.
එහිදී මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි නොමිලේ සේවා ලබාදීමට මෙහිදී කටයුතු යොදා ඇති බවද ඇය සඳහන් කළාය.
එහිදී පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරකින අතර, යම් හෙයකින් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනාගතහොත් ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් සියලු කටයුතු යොදා ඇති බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය :
“සමහර රටවල්වල HIV වැඩි වෙනවා සමහර රටවල්වල HIV අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ HIV වාර්තා වීම අඩු ප්‍රවනතාවයක් තිබුණාට වාර්තා වීම් තිබෙනවා. අපි රිපෝට් බැලුවාම හැම අවුරුද්දෙම එකතුවෙන රෝගීන් බැලුවාම සාමාන්‍යෙයන් වැඩියෙන් වැඩියෙන් එකතු වීගෙන එන්නේ. ඒ කියන්නේ 2023, 2024, 2025 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. ඒ රිපෝට් බැලුවාම ඒ අතරින් බැලුවාම පිරිමි අය අතර ගැහැණු අය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. ඒක බැලුවොත් අපි ගැහැණු පිරිමි සම්බන්ධයකින් බැලුවාම දෙකම සාමන වෙන්න ඕනේ. ඒ වුණාට මේක ගොඩක් වැඩි පිරිමි අය අතර මේක සමහර වෙලාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමත් මීට හේතුවක් වෙන්න පුළුවන්. මේක අපි බැලුවාම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ එකතු වෙන ගාණ වැඩියි. කොළඹ සහ ගම්පහ ගත්තාම වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක් ඒ නිසා අනිත් ප්‍රදේශ එක්ක ගත්තාම වැඩියෙන් වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශවලින්.”
ඇස් දොස්තර වැඩේ කරපු ‘අංගම්පොර සටන් ශිල්පියා’ අත්අඩංගුවට (13.07.2026)
+
STF එක ඇතුළට ගිය එක වැරදියි – හිරේ ඉන්නේ සීමාව ඉක්මවා ගිය මිනිස්සු (13.07.2026)
+
ගම්මන්පිලගේ විශේෂ මාධ්‍ය හමුව – විශ්වාස භංගයට හේතු 10 ක් හෙළි කරයි (13.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴