ඉඩම් රෙජිස්ට්‍රාර් ‘රුවනි නාලිකා’ සීල් එකයි ෆයිල් ටිකයි ගෙදර ගෙනිහිං කරපු හොර බිස්නස්
ඉඩම් රෙජිස්ට්‍රාර් ‘රුවනි නාලිකා’ සීල් එකයි ෆයිල් ටිකයි ගෙදර ගෙනිහිං කරපු හොර බිස්නස්
(12.07.2026 – gossiplankanews.com)
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කරමින්, සංවිධානාත්මක කණ්ඩායම් වෙත ව්‍යාජ ඔප්පු නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සාහසික ක්‍රියාවලියේ ප්‍රධාන සැකකාරිය ලෙස ‘කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය’ හඳුනාගෙන ඇති අතර, ඇයව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
හිස්ව පවතින ඉඩම් සහ නිවාස බලහත්කාරයෙන් අත්පත් කරගනිමින්, ඒවායින් ඉවත් වීම සඳහා සැබෑ අයිතිකරුවන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා සංවිධානාත්මක කල්ලි පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී, එම කාර්යාලයේ ලේඛනගත කර ඇති ඔප්පු සහ ලියකියවිලිවල අනුපිටපත් බාහිර පුද්ගලයින් වෙත ලබා දී ඇති බවයි. මේ හරහා ඇය නීත්‍යානුකූල හිමිකරුවන්ගේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කරමින් සංවිධානාත්මක අපරාධවලට ආධාර අනුබල දී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එම ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත විකිණීමට පවා කටයුතු කර තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගනිමින් ඉඩම් හෝ දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අපරාධ කල්ලි, එහි සැබෑ අයිතිකරුවන් පැමිණ ප්‍රශ්න කරන විට ඔවුන් බියගන්වා කප්පම් ඉල්ලා සිටියි. ඔවුන් එම පරිශ්‍රයන්ගෙන් ඉවත් වන්නේ අතිවිශාල මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමෙන් පසුව පමණි. මෙම ජාවාරම ඉතා ඉහළ මට්ටමකින් සංවිධානය වී ඇති අතර, ඊට නීතිඥවරුන් සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සම්බන්ධ වී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ‘කේ.කේ. රුවනි නාලිකා’ නමැති මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත. එසේම ඇයට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවා තිබේ. අත්අඩංගුවට පත් මෙම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල සේවිකාවට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) සහ 158 වගන්ති මෙන්ම, පොදු දේපළ පනත යටතේ ද වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත ෴
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි : විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
(12.07.2026 – hirunews.lk)
සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට, කැපුම් තුවාල සහිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන 88 හැවිරිදි සිවුදරු පියෙකුගේ සිරුරක් ඊයේ (11) රාත්‍රි සොයාගෙන ඇතැයි තංගල්ල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල, ප්‍රදේශයේ පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නමැති අයෙක්.
සිය බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති මෙම පුද්ගලයා ඊයේ (11) රාත්‍රි 08:00 ට පමණ නිවස ඉදිරිපිට පිහිටි ජල කරාමයක් ආසන්නයේ වැටී සිටියදී හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයාගේ සිරුරෙහි කැපුම් තුවාල කිහිපයක් තිබී ඇති අතර, ඔහු වැටී සිටි ස්ථානයේ සහ මුහුණෙහි රුධිරය තැවරී තිබූ බවයි පොලිසිය පවසන්නේ.
කිසියම් අයෙකු විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරන අතර, සිද්ධියට සැකපිට මියගිය අයගේ බාල පුතු වන 48 හැවිරිදි පුද්ගලයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වන මොහු ඊයේ (11 වැනිදා) උදෑසන 11:00 ට පමණ පියාගේ නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවද පොලිසිය සඳහන් කරනවා.
තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා ෴
ගෙවල් හදා දෙනවැයි කියා රු. කෝටි ගණං මුදල් වංචාකළ අයෙකු නුගේගොඩින් අල්ලයි
(12.07.2026 – gossiplankanews.com)
නිවාස සාදා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි දෙකකට (2) අධික මුදලක් වංචා කළ බව කියන නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක පුද්ගලයකු ඉකුත් 08 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුට එරෙහිව මේ වන විටත් පොලිසිය වෙත පැමිණිලි 10 ක් ලැබී ඇතැයි වාර්තා වේ.
සැකකරු විසින් නිවාස ඉදිකිරීමේ පොරොන්දුව මත එක් අයෙකුගෙන් රුපියල් විසිදහස, තිස්දහස (20,000 – 30,000) බැගින් මෙලෙස මුදල් ලබාගෙන වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව තවත් පුද්ගලයෙකු හා එක්ව සිදුකර ඇති අතර, ඊට සම්බන්ධ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම වංචාවට හසුවූ තවත් වින්දිතයන් සිටී නම් ඒ පිළිබඳව වහාම මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙස හෝ 011 285 2556 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන සඳරුවන් (94956) සහ නදීරංග (102980) යන නිලධාරීහු මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ මෙහෙයවති ෴
සාදය හමාර කර ගෙදර එද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ කැණීම් ස්ථානයකට යතුරුපැදියක් පෙරළී අයෙක් මරුට (12.07.2026)
+++
පාර හදන්න කපපු වලකට වැටිලා ලංගම සේවකයෙක් අවසන් ගමන් යයි – අධි සංවේදී දර්ශන ඇතුළත් බව කරුණාවෙන් සලකන්න (12.07.2026)
+
සර් නඳුනි නපුරුයි, උඹේ නංගිගෙන් පළිගන්නේ, කිව්වා, නඳුනිගේ ඝාතකයාගේ පාපොච්චාරණය (12.07.2026)
+
ඩෙංගු නිසා සති දෙකක් (2) වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
(12.07.2026 – hirunews.lk)
ඩෙංගු උවදුර හේතුවෙන් සති දෙකක (2) කාලයක් වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා.
විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පෙර එහි පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ අද (12) දවස පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ‘Clean ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී සෞන්දර්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම, දුමායනය කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සිදුකරන තිබෙනවා.
මේ සඳහා කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, නාවික හමුදාව සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
පරිශ්‍රය පිරිසිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ කියා සිටියේ, සාර්ථකව සිදුකළ මෙම පිරිසිදු කිරීම්වලින් පසුව විශ්වවිද්‍යාලය හෙට (13) සිට විවෘත කිරීමට හැකි වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළේ, මෙවැනි පොදු ස්ථාන තමන්ගේම ස්ථාන යැයි සලකා පිරිසිදු කර ගැනීමට සිසුන් මෙන්ම දෙමාපියන්ද එක්විය යුතු බවයි ෴
නින්ද ගියා ! බුත්තල කතරගම මාර්ගයේ 15 කණුව (11.07.2026)
https://www.facebook.com/share/v/1LDmQM14bH
‘ඌරු හොම්බා’ මට ජම්පර් අන්දනවලු – චාමර සම්පත් කුරුණෑගලදී (12.07.2026)
+
වෙන රටක නං, මේ ඇමතියට විරුද්ධව නඩු දානවා (12.07.2026)
+
මීගමු බන්ධනාගාර සිද්ධිය ජිනීවා දක්වා දිග්ගැහෙයි… ජේවීපී ආණ්ඩුවට පව් පළදීම (12.07.2026)
+
බලනහර කපා ගත්තු එක මේ හොරකමට සම්බන්ධ නැද්ද ? ඒක වෙනමම හුදකලා සිද්ධියක් ද ? (12.07.2026)
+
මීගමුව බන්ධනාගාරායෙන් හමුවූ පුදුම මල්ල! අල්මේදා පොලීසියට ගෙනා බව රැඳවියෙක් දිවුරුම් ප්‍රකාශයක් දෙයි! (12.07.2026)
+
හාල් වලින් බියර් බොන්න කලින් අහන්න (12.07.2026)
+
‘ක්ලීන් ශ්‍රීලංකා’ මගඩි ඝාතන මැද ගල් අගුරු (12.07.2026)
+
එයා නැතුව බැරි ඇයි විනිසුරු විශ්‍රාම සටන (12.07.2026)
+
කුණුහරුප බලකාය සමඟ දේශපාලනිකව මිය යන්න හදන අපේ රටේ ජනපති ! (12.07.2026)
+
ඔයාලාට ඉගෙන ගන්න මේ රටෙන් තව මිනිස් බිලි කීයක් ඕනද? ප්‍රියංකර ආණ්ඩුවෙන් අහයි (12.07.2026)
+
ඡන්ද කැඩෙයි කියලා බයේ විපක්ෂ දේශපාලනය කරන්න බෑ.. දයාසිරි ජයසේකර දරුණු කතාවක ! (12.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴