මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ

මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ


මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ

(11.07.2026 – 20:07 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඒ අතර පොලුමුගුරු 1000 කට අධික ප්‍රමාණයක් තිබූ බ‍ව පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණවී ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර බන්ධනාගාරය තුළ සිදුකළ පරීක්ෂාවේදී පොලුමුගුරු දහසකට (1000) අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක් ද එහිදී සොයාගෙන තිබේ.

ගැටුම අතුරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බව සඳහන්ය.

එහි පොල්ගෙඩි ද රැගෙන ආ රැඳවියන් නිලධාරීන්ට ඒවායින් ද පහරදී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරුකිරීමත් සමග ඒවායේද ඉඩ තවදුරටත් අවමවීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සඳහන්ය.

එලෙස වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහරදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

+++

+


මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

(11.07.2026 – 15:26 +0530 – sinhala.adaderana.lk)

ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයින් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21 ක දඩයක් නියම කර තිබේ.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කළේ දිනක් තුළ වාර්තා වූ වැඩිම දඩ මුදල මෙය වන බවය.

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගත වූ දින කිහිපය තුළ පැවති ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ නිවාස පරික්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නඩු පැවරූ බව ඔහු සඳහන් කර සිටියේය.

ඉදිරියේදී ද ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකවන බැවින් සිය නිවෙස් අවට පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගන්නා ලෙස මහරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ ෴

+++

+++

+


දොළවත්ත ආණ්ඩුවට දොඹෙන් යන්න දෙයි – ජනාධිපතිටත් විශ්වාස භංගයක් ගේන්න ඕන (11.07.2026)

+


තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා (11.07.2026)

+


බන්ධනාගාර ඇමති මම නං, වහාම ඉල්ලා අස්වෙනවා… ඊයා නානා ඔයාට ලැජ්ජා නැද්ද තවත් ඉන්න (11.07.2026)

+

බන්ධනාගාර මිනීමැරුම් එක්සත් ජාතීන්ගේ විමසුමට… ලංකාවට ලොකු කළු පැල්ලමක් (11.07.2026)

+

මේ අනාථ වුණු දරු පවුල්වලට වගකියන්නේ කවුද ? (11.07.2026)

+


අමාත්‍යංශ ලේකම්ගේ නියෝගයෙන් අල්මේදා ඝාතනය සී.අයි.ඩීය හොයයි! පොලිස් ලොක්කෝ ගැනත් තොරතුරු! (11.07.2026)

+


බන්ධනාගාරෙන් ලියුමක් (11.07.2026)

+

කොලඹට ආ විනිසුරුවන් ඒකමතික තීරණයක (11.07.2026)

+


ශානි, රවී, දිලීප එක්ක ආණ්ඩුව හදන ප්‍රබන්ධය අධිකරණයෙන් බිඳ වැටෙයිද? (11.07.2026)

+


අධිකරණ සේවා සංගමය ඉදිරියේ දුවද්දී දැවී ගිය අනුර කුමාර (11.07.2026)

+


දිලීප පීරිස් අතුරුදහන් | මීගමු ඛේදවාචකයේ අධිකරණ ඇමතිට චෝදනා 7 ක් (11.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *