රු. ලක්ෂ තුනක (3) අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් (2) රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
(10.07.2026 – hirunews.lk)
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක (5) අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක (3) මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන එම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළා.
මෙම සිද්ධියට අදාල දෙවන (2) සැකකරු වන මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරියා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණයෙන් නියම වූවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාළව වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණයේදී නිරීක්ෂණය කරනු ලැබුවා ෴
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා (13)
(10.07.2026 – 17:23 +0530 – sinhala.adaderana.lk)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
එදිනම (13) උදෑසන 09:00 සිට සවස 05:00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඇය 68 වන වියෙහි පසුවූවාය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය, “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සීන ලෝකේ” ඇතුළු අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරමින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් කලාකාරිනියකි ෴
ඔබ මතට ලොල් වූ අයෙක් නම් දැන්ම 076 962 7761 අමතන්න (10.07.2026)
+
බදුල්ලේ ලැබ් අයිතිකාරයන්ගේ ඇස් උඩ යයි | පාරිභෝගික අධිකාරියෙන් හදිසි වැටලීමක් (10.07.2026)
+
ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේ
(11.07.2026 – lankacnews.com)
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී.
මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් රටාවක් රට තුළ ප්‍රචලිත කිරීමේ ජාතික අරමුණ පෙරදැරි කරගෙන, මාස්ටර්කාඩ් (Mastercard) ආයතනය සමඟ එක්ව ලංකා බැංකුව මෙම නවතම තාක්ෂණය මෙරටට හඳුන්වා දී ඇත.
මෙම නව ‘Tap & Pay’ පහසුකම නිසා කාඩ්පත් භාවිතයෙන් තොරව, තමන්ගේ ජංගම දුරකථනය වෙළඳසැල්වල ඇති POS මැෂිමක ස්පර්ශ කිරීමෙන් (Tap කිරීමෙන්) පමණක් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව එදිනෙදා බිල්පත් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබේ.
ජංගම දුරකථනයෙන්ම මිනිත්තු කිහිපයකින් සකස් කරගත හැකි අතථ්‍ය කාඩ්පත් (Virtual Cards) කළමනාකරණය සහ ඕනෑම වෙලාවක කාඩ්පතේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නැවැත්වීමේ (Suspend) විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන් ද මේ සඳහා ඇතුළත් කර ඇත.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය බැංකු පද්ධතිය තුළ මෙවැනි නවෝත්පාදනයන් සිදු කිරීම සමස්ත ඩිජිටල් ආර්ථිකයේම ප්‍රගතියට ඉවහල් වන බවයි. ජාතික ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) සහ ගෙවීම් පද්ධතිවල අන්තර්-ක්‍රියාකාරිත්වය (Interoperability) ශක්තිමත් කරමින්, මෙම ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය ග්‍රාමීය ව්‍යවසායකයා සහ කුඩා ව්‍යවසායන් දක්වාම සාර්ථකව ව්‍යාප්ත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය උපරිම සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහි සුවිශේෂී සහ සංකේතාත්මක අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විසින් ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය භාවිතයෙන් දිවයිනේ ප්‍රථම ජංගම දුරකථන ස්පර්ශක ගෙවීම් ගනුදෙනුව (First Tap) සාර්ථකව සිදු කළ අතර ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික මූල්‍ය ජීවිතය වඩාත් සරල සහ වේගවත් කරවන නව යුගයක ආරම්භය එමඟින් නිල වශයෙන් සනිටුහන් විය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, වැඩබලන ප්‍රධාන ඩිජිටල් හා නවෝත්පාදන නිලධාරී සමන් කේ. වික්‍රමසිංහ මහතා මෙන්ම මාස්ටර්කාඩ් ආයතනයේ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන කලාපීය කළමනාකරු සඳුන් හපුගොඩ මහතා සහ ශ්‍රී ලංකා ප්‍රධානී මහේෂා අමරසූරිය මහත්මිය ද සහභාගී වූහ. තවද, වෘත්තීය සමිති නියෝජිතයින්, ලංකා බැංකුවේ සම්භාවනීය පාරිභෝගිකයින්, සහයෝගිතා හවුල්කරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ ෴

අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
(11.07.2026 – hirunews.lk)
සයිබර් අවකාශය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වක්‍රාකාර වංචාවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ, පසුගිය මාසය තුළ එවැනි සිදුවීම් 100 කට අධික සංඛ්‍යාවකට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි ෴
මෙරට බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
(11.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා.
ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ.
මෙම ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්‍රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ.
මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴
කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
(11.07.2026 – 09:25 +0530 – sinhala.adaderana.lk)
අද (11) උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබේ.
මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.

TK-731 නම් මෙම ගුවන්යානය මගීන් 246 ක් සමග අද (11) උදෑසන 07:07 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්වී තිබු අතර එය A330 පුළුල් බඳ සහිත මගී ගුවන්යානයකි.
+++
+++
එසේ පක්ෂියෙකු ගැටුණු එම ගුවන් යානය මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴ (hirunews.lk)
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල
(11.07.2026 – hirunews.lk)
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව, උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයදුම්පත් 92,043 ක් යොමුකර තිබෙනවා.
එම අයදුම්පත් සලකා බලා මෙවර විශ්වවිද්‍යාලවලට 42,937 ක් ඇතුළත් කර ගැනීමට නියමිතයි.
නව උපාධි පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර සැප්තැම්බර් මස සිට ඒ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
2025 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා ෴
‘දිට්වා’ කුණාටුවෙන් පසු පේරාදෙණිය – පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
(11.07.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුවෙන් පසු අද (11) පළමු වරට දුම්රියක් පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ සිට පිළිමතලාව දක්වා ධාවනය කර තිබෙනවා.
මහනුවර දුම්රිය ස්ථානයේ සිට මහා මාර්ගය හරහා ප්‍රවාහනය කරන ලද දුම්රිය එන්ජිමක් සහ මැදිරි දෙකක් (2) සහිත දුම්රියක් මෙසේ ධාවනය කෙරුණා.
මෙම දුම්රිය දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ හා කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි.
+++
+
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි : ගිනි ගැනීම් ඇත්නම් 117 ට දැනුම් දෙන්න
(11.07.2026 – hirunews.lk)
ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, ගිනි ගැනීම් වාර්තා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය අමතන ලෙසයි ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴
හදිසි ණය මුදලක් ගන්න ගිහින් අමාරුවේ වැටුණාද?
(11.07.2026 – 14:38 +0530 – sinhala.adaderana.lk)
හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත් එම පණිවිඩ මගින් ලබාදෙන ලින්ක් ඩවුන්ලෝඩ් නොකරන ලෙසත් පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම එම සංසදය වැඩිදුරටත් සඳහන් කරන්නේ යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැගුණොත් 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසය.
හදිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව සදහන් පණිවිඩ මේ වනවිට සමාජ ජාලවල විශාල වශයෙන් ප්‍රචාරය වේ.
මෙම පණිවිඩවල දැක්වෙන්නේ, ඇතැම් ආයතන රුපියල් 5000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය මුදල් ලබා දීමට සූදානම් බවය.
තවත් ආයතන රුපියල් ලක්ෂ 05 දක්වා ණය මුදල් ලබාදීමට සූදානම් බව ද එහි දැක් වේ.
‘මේ ණය ලබාගැනීමට ලියකියවිලි අවශ්‍ය නැත. ඇපකරුවන් අවශ්‍ය නැත.’ යනුවෙන් ද එහි සඳහන්.
මේ වංචනික ආයතනවලට අවශ්‍ය ඔබගේ පුද්ගලික දත්ත සොරාගැනීමටය.
ඒ හරහා විවිධ වාසි ලබා ගන්නා ඔවුන්, ණය ලබා ගැනීම සදහා ලියකියවිලි අවශ්‍ය නොවන නමුත් එම ආයතන විසින් එවන link එක click කර තොරතුරු ඇතුලත් කිරීමට ණය අයදුම්කරුවාට පවසා සිටී.
ලින්ක් එක ක්ලික් කළ වහාම ඔවුන් වංචනිකයන්ට ගොවුරු වී අවසන්.
ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ Remote Administrative Tool හෙවත් RAT එකකි.
RAT ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනු ලැබේ.
ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේබන, හිතවතුන්ගේ තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරුවලට ප්‍රවිෂ්ට වීමට ඔවුනට ඒ හරහා හැකියාව ලැබේ.
ඇතැම් විට .apk යෙදවුමක් ඇතුල් වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකිය.
ණය මුදල ලබාදීමෙන් පසු එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර එලෙස ආපසු ගෙවා ගත නොහැකි තරමට ණය මුදල වැඩි වූ පසු ඔවුන් වංචනිකයන්ට ගොදුරු වන්නට පටන් ගනි.
ගෙවිය යුතු පොලිය මෙන්ම ඉටුකළ යුතු කොන්දේසි ද දැඩි වන අතර මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන්ට නොයෙකුත් අකටයුතුකම්වලට ලක් වීමට සිදු වේ.
තම හිතවතුන් හමුවේ ණයකරුවෙකු ලෙස චෝදනාවට ලක්වීමට මේ හරහා සිදුවන බවත්, පහසු ණය ගන්නට ගොස් අවසානයේ අතේ තියෙන මුදල ද ඔවුනට අහිමි වේ ෴
මීගමුවේ රැදවියන් දෙසීයකට (200) මිනී මැරුම් නඩු
(11.07.2026 – lankacnews.com)
මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් අට දෙනෙකු (8) අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් දෙසියයකට (200) ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජේලර්වරයකු (1) ඇතුළු නිලධාරීන් අට දෙනෙකු (8) ජීවිතක්ෂයට පත් වූ අතර, ගැටුමෙන් මියගිය මුළු සංඛ්‍යාව 28 කි. මීට අමතරව තවත් සියයකට (100) ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන විමර්ශනවලට අනුව, මෙම අපරාධය ‘සුරේෂ්’ සහ ‘බුරුමූණා’ ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු විසින් මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා බන්ධනාගාර ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බවත්, විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් සාක්ෂි රැස් කරමින් සිටින බවත් වාර්තා වේ.
රැඳවියන් අතට ගිනි අවි සහ මාරක ආයුධ පත්වූ ආකාරය පිළිබඳව පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇත. මීගමුව බන්ධනාගාර අවි ගබඩාවේ ආරක්ෂාව පිළිබඳව ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වන්දන කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෑත කාලීනව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ ගිනි අවි 10,804 ක් පමණ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.
දැනට දිවයිනේ බන්ධනාගාර 16 ක සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින අතර, මෙම සිද්ධියත් සමඟ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව දැඩි කිරීමට අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴