ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් වීමේ සූදානමක
ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් වීමේ සූදානමක
(10.07.2026 – 15:36 +0530 – sinhala.adaderana.lk)
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
මේ සම්බන්ධව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළත් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් එළැඹෙන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ වීම ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.
ඒ අනුව පසුගිය දින පැවැති විශ්වවිද්‍යාලවල සියලු ආචාර්ය සංගම් එකතුව ප්‍රධාන රැස්වීමක් පැවැත්වුව බවත් පැවසූ ඒ මහතා එහිදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට අනුගත වීම සඳහා ඒකමතික තීරණය කළ බවද මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා :
“අපි පෙරේදා (08) දිනයේදී සියලුම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය සංගම් එකතු වෙලා අපේ ප්‍රධාන රැස්වීම අපි පැවැත්වුවා. ඒ රැස්වීමේදි අපි ඒකමතිකව තීරණය කළා අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. මොකද අවුරුදු එකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දරුවා පාසලට දාගන්න බැරි නම් මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා තේරුමක් නෑ. ඒ නිසා අපි මූලික වශයෙන් මුලින්ම යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න අපි තීරණය කළා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලූම ස්වේච්ඡා වැඩවලින් ආචාර්යවරු ඉවත් වෙන්න. විශය නිර්දේශ ප්‍රතිසංස්කරණය, මොඩියුල් ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව, සම්මන්ත්‍රණ ආදී මේ කියන මේ හැමදේකටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වචේඡාවෙන් සම්බන්ධ වෙන්නේ. මේ කටයුතුවලින් අපි ඉවත් වෙන්න තීරණය කළා. සති දෙකක කාලයක් මේ රජයට ලබා දෙනවා සති දෙකක කාලයක් ඇතුළත අපිට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අපි තීරණය කරනවා ඉදිරියේදී එන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අපි සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක ගැන.”
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් – සමස්තය 66,000 ඉක්මවයි
(10.07.2026 – hirunews.lk)
දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව තිබෙනවා.
මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වූ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ගෙවුණු දිනයේදී ද දිවයින පුරා ඩෙංගු රෝගීන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාත තුළ තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩි වශයෙන් සිදුවන අතර එම අගය 52.07% ක ප්‍රතිශතයක් බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළා.
එවන් පසුබිමක ගෙවුණු දිනය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1030 ක්.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 66,064 ක් වන අතර ජුලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 10,685ක් බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය සදහන් කළා.
එසේම, එහි වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර කියා සිටියේ මේ වන විට රටපුරා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව ද 46 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, රුහුණ විශ්වවිද්‍යාල තුළ ද ඩෙංගු රෝගය වැළදුණු සිසුන් 50 දෙනෙකු වාර්තා වී ඇති බවත්, අද (10) දිනය වනවිට පමණක් ඩෙංගු රෝගය වැළදුණු සිසුන් 6 දෙනෙකු වාර්තා වී ඇති බවත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමිල් උදයන්ත කියා සිටියා.
කෙසේ වෙතත්, පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අද සිට ලබන 15 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙන අතර මොරටුව විශ්ව විද්‍යාලය සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ද මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව අධි අවදානම් කලාපවල විශේෂ ඩෙංගු වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.
+++
ආණ්ඩුවට ඉස්සරහ, පස්ස මාරු වෙලා – වෛද්‍ය චමල් සංජීව (10.07.2026)
+
බ්‍රසීල ජාතිකයෙකු සිරකර තබා කප්පම් ඉල්ලූ පිරිසක් කොටුවෙයි
(10.07.2026 – 16:21 +0530 – sinhala.adaderana.lk)
බ්‍රසීල ජාතිකයෙකුව රඳවා තබාගෙන රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (3) උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බ්‍රසීල ජාතිකයා ගාල්ල, තල්පේ ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක රැදී සිට ඇති අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) තමන් සංචාරක පොලිස් නිලධාරීන් බව පවසා කාමරය පරීක්ෂා කර ඇත.
එහිදී ඔවුන් විසින් විදේශිකයා සතු බ්‍රසීලියානු ගමන් බලපත්‍රය, ඇමරිකානු ලේඛන, ජංගම දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් බලහත්කාරයෙන් ලබාගෙන තිබේ.
අනතුරුව එම ස්ථානයට තවත් පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු සහ අදාළ ව්‍යාජ පොලිස් නිලධාරීන් එකතු වී විදේශිකයාට මාංචු දමා ඔහුව බියගන්වා ඇත.
එහිදී එම පිරිස විසින් විදේශිකයාට පවසා ඇත්තේ ඔහුව අත්අඩංගුවට පත්වීමෙන් බේරා ගැනීම සඳහා කොළඹ පොලිස් ප්‍රධානියෙකුට අල්ලස් ලබා දිය යුතු බවය.
අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් අවශ්‍ය වන බවත් ඉන් රු. ලක්ෂ දෙකක (2) මුදලක් යතුරුපැදියක් උකස් කර ලබා දුන් බවත් එම මුදල සහ ඉතිරි රු. ලක්ෂ 28 වහාම ලබා දෙන ලෙසත් පවසා එම පිරිස විසින් විදේශිකයාට තර්ජනය කර තිබේ.
මේ පිළිබව ලැබුණු පැමිණිල්ලට අනුව උණවටුන සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දියත් කළ ක්ෂණික මෙහෙයුමකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන්නන් වන බවය.
එමෙන්ම මෙම අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් විසින් යොදාගත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
මීගමුව බන්ධනාගාරයේ රහස් රැසක් එළියට – කටුවැල්ලේගම සුරේෂ් ගැනත් අනාවරණයක් (10.07.2026)
+++
අපි බදු ගෙවන්නේ අනුරට රඹ ටෝක් දෙන්න නෙමෙයි – සර්වජන බලය (10.07.2026)
+
නලු ඇමතිලගෙ ඕඩර් නැති නිසා දිවි පිදූ ජේලර්ලගේ ඇත්ත කතාව ? (10.07.2026)
+
දියුණු රටක නම්, ඇමති පට්ටමත් ගැළවෙන වැඩක් (10.07.2026)
+
ජීවිත 28 කටම වගවීමක් නෑ. මේක ඒකාධිපති ආණ්ඩුවක්… විපක්ෂය මේ ගැන මොකද කියන්නේ ? (10.07.2026)
+
චරිත් අබේසිංහ සජබට රුපියල් කෝටියක් දුන්නලු ! (10.07.2026)
+
මීගමුවේ බන්ධනාගාරයේ තොරතුරු හරියට නෑ! ගැටුමට නිලධාරීන්ගේ නමුත් ගෑවෙයි! (10.07.2026)
+
මෙන්න තවත් ජයග්‍රහනයක් ජලයට උපරිම මිලක් (10.07.2026)
+
දේශපාලනය, පාතාලය සහ ත්‍රස්තවාදයේ සැඟවුණු ඉතිහාසය (10.07.2026)
+
මීගමුව බන්ධනාගාරය ගිනි ගනිද්දී අධිකරණ ඇමති සහ පත්කළ ‘රූප සුන්දරිය’ කොහේද හිටියේ? (10.07.2026)
+
මීගමුව සිදුවීමේ පරස්පර ප්‍රකාශ ගැන චාමර විජේසූරිය ප්‍රශ්ණ කරයි! (09.07.2026)
+
ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට මල් වඩම් හදන විපක්ෂය (10.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴