චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි


චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

(09.07.2026 – 07:43 +0530 – sinhala.adaderana.lk)

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ නයනී මදරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.

“සමේ රෝග කියන එක ඉතාමත් බහුල දෙයක්. ලෝක ජනගහනයෙන් මිලියන 4 කට පමණ ප්‍රමාණයකට සමේ රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ කොතරම්ද කියන්න දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට සමේ රෝග කියන විදියට බරපතළ සෞඛ්‍යම ගැටලුවක්. රෝගියෙකුට සමේ රෝග පිළිබඳ නිසි දැනුමක් නැති වුණාම වැරදි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඒ තුළින් රෝගය තවත් උත්සන්න වීමත් වෙන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ සමේ රෝග කියන්නේ බෝවෙන දෙයක්. නමුත් සමේ රෝග කියන්නේ බෝවෙන රෝගයක් නෙවෙයි. එම වැරදි දැනුම නිසා රෝගීන්ට විශාල මානසික පීඩා ඇති වෙනවා”

සමේ හටගන්නා දීලීර රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කිරීමෙන් එම රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව එම මාධ්‍ය හමුවට එක්වු චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළාය.

“අපේ රටේ පැතිරී යන දිලීර රෝගයක් තියෙනවා ‘ටීනියා’ (Ringworm) කියන දිලීර රෝගය. සමේ රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් 20% ක් විතර මේ දිලීර රෝග ආසාදනය තියෙනවා. මේක සම මතුපිට හැදෙන දිලීරයක්. ඉතා ඉක්මනින් පැතිරී යනවා. මේකෙදි දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි දිලීර ආසාධනය සඳහා විශේෂයෙන් වෛද්‍ය අනුමැතියක් තොරව ඖෂධ භාවිතා කිරීම නිසා මෙම දිලීර ආසාධන තත්ත්වය ඉතා ඉක්මනින්ම පැතිරී ගොස් තිබෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ අපහසුතා මට්ටමකට පත්වෙලා තියෙනවා. දිලීර නාශක ඖෂධවලට ප්‍රතිවිරෝධී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒක හමෙන් ඉවත් කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ඉතා වැඩි කාලයක් ඖෂධ පෙති වශයෙන් ලබා ගන්න වෙලා තියෙනවා “


හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් කොමිසමෙන් කොළඹ මහාධිකරණයේ නඩු

(08.07.2026 – hirunews.lk)

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට (BOI) අදාළ කටයුත්තක් පහසුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක (ලක්ෂ 10 ක) අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

පැමිණිල්ලට අනුව, හිටපු අමාත්‍යවරයා විසින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ පසුගිය 2013 වසරේදීයි.

අදාල ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මෙම නඩු පැවරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ ෴

+++

+


මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන : කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්

(09.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූ රැඳවියන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

ගැටුම අතරතුර රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පිටතට පැමිණීමට දැරූ උත්සාහය වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන එල්ල කර ඇති බවට බන්ධනාගාර ආරංචිමාර්ග වාර්තා කරනවා.

එම නිලධාරියා අදාළ හදිසි අවස්ථාව මතු වූ දිනයේදී සේවයට වාර්තා කර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වුණා.

මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මීගමුව බන්ධනාගාර ගැටුම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තාට, ඔහු මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් පහර දී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ‘සුරේෂ්’ සහ ඔහුගේ සහචරයින් 13 දෙනෙකු එක්ව මෙම ගැටුම සැලසුම් කර ඇති බවයි.

මෙම කල්ලියට ‘රොකී’ නමැති රැඳවියෙකුද ඇතුළත් වන අතර, ඔහු ‘සුරේෂ්’ සමග එක්ව ගැටුම මෙහෙයවා පසුව සැඟවී සිට ඇති බව වාර්තා වුණා.

ගැටුම නිම වූ පසු එම ‘රොකී’ නමැති පුද්ගලයා කිසිවකට සම්බන්ධ නැති බව පෙන්වීම සඳහා ඔහු බන්ධනාගාර නිලධාරීන් සමඟ එක්ව සෙසු රැඳවියන්ට ආහාර පාන බෙදා දීමට ද කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සැක කෙරෙන 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට ආරක්ෂිතව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

එමෙන්ම, ගැටුම අවස්ථාවේදී බන්ධනාගාරයේ තිබියදී අතුරුදන් වූ රිපිටර් (Repeater) වර්ගයේ ගිනිඅවිය (1) නැවත බන්ධනාගාරය තුළ තිබියදීම සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ වන විට විමර්ශන සිදුකරන ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් මීගමුව බන්ධනාගාරය සතුව තිබූ රිපිටර් වර්ගයේ අවි 22 ක් සහ T58 වර්ගයේ ගිනිඅවි 10 ක් භාරයට ගෙන තිබෙනවා.

මේ අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++

ඇමතිව දැනුවත් කළේ කීයටද? | ශමීන්ද්‍ර සමඟ (08.07.2026)

+++

තායිවලින් කුෂ් ගෙනාපු සාදුලාත්, ප්‍රිසන් එකේ පිස්සු නටලා, සුරේෂ්ට නෙළපු අය හෙළිවෙයි (09.07.2026)

+++

“එදා උදේ 9 ට ජේලර්ලා පැනලා ෆෝන් 6 ක් ගත්තා” හිරෙන් නිදහස් වූ දොස්තර පැතුම්ගේ අනාවරණය (09.07.2026)

+++

ආයෙමත් ගැටුම පටන් ගත්තේ සිරකරුවන්ට වැඳලා සමාව ගන්න කියපු හින්දා – වෙඩි තියපු නිලධාරියාට නම් වැඩ වරදිනවා (09.07.2026)

+++

බන්ධනාගාරේ කැරැල්ල ඇතිවුණේ රැඳවියන්ට දණගස්සලා පහර දෙන්න ගිහින්. පහරකෑමට ලක්වුනේ පිටින් ගිය නිලධාරීන් (09.07.2026)

+++

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24 කගේ මරණ පරීක්ෂණ අවසන් : 14 ක් වෙඩි වැදීමෙන්, 9 ක් පහරදීම්වලින් මියගිහින්

(09.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් (1) රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණා.

ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් (1) ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් (4) සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් අද (09) දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද අද (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් නම් කරනු ලැබ තිබුණා. මීගමුව රෝහලේ වෛද්‍ය සුජීව වික්‍රමනායක (සභාපති), පුත්තලම රෝහලේ වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සමන්ත විජේරත්න, වතුපිටිවල රෝහලේ වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ රාගම රෝහලේ වෛද්‍ය රමේෂ් අලගියවන්න එම වෛද්‍ය කමිටුවයි ෴


දැවැන්තයාගේ කර මතින් යකඩ යකා නුවරින් පේරා‍දෙණියට ගිය හැටි (09.07.2026)

+


විජයදාස මහත්තයෝ, ගෝඨා කිලර් ලිස්ට් කියලා හදලා මාව දාද්දි මගේ දරුවොත් ඇඬුවා..! (09.07.2026)

+


මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ රු. කෝටි 5 ක මන්දිරය ඇතුළු දේපල තහනම්

(09.07.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන උස්වැටකෙයියාව සහ වත්තල ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුතු දේපල ක්‍රියාවිරහිත (තහනම්) කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකාරිය විසින් උස්වැටකෙයියාව, පුබුදුගම ලිපිනයේ පිහිටි පර්චස් 20 ක ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී දෙමහල් නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් ඉදිකර ඇති බවයි.

මීට අමතරව ඇය විසින් වත්තල, නුගපේ, කුංජාවත්ත ලිපිනයේ පිහිටි පර්චස් 9.5 ක ඉඩමක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා නිවස සහ කඩ කාමරය ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින්ම ඉදිකර ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පෙලිසිය පවසනවා.

ඒ අනුව අදාල දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම දේපල ඊයේ (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට (තහනම් කිරීමට) නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම වංචනික දේපලවල හිමිකාරිය වන සැකකාරිය මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *