මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
(09.07.2026 – hirunews.lk)
රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය 05 සහ 06 ඇති වූ ගැටුමෙන් පසු තත්ත්වය පාලනය කෙරුණු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (08) යළි සුළු ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබූ අතර, එය පාලනය කළ බවයි පොලිසිය කියා සිටියේ.
එමෙන්ම ඊයේ කළහාකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වාරියපොළ බන්ධනාගාරය වෙත මාරුකර යැවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ගැටුම්කාරී තත්වයෙන් පසුව මීගමුව බන්ධනාගාරයේ තවදුරටත් රැදවියන් 700 කට අධික පිරිසක් රඳවා සිටිනවා.
ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය සහ බන්ධනාගාරයේ ඇතුළත පරීක්ෂාව සඳහා ඊයේ (08) බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක්ව තිබුණා.
එම අවස්ථාවේ දී රැඳවියන් පිරිසක් සිර මැදිරිවලින් පිටතට පැමිණ විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී රැඳවියන් යළි සිරමැදිරිවලට යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
එම අවස්ථාවේදීයි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධය පළ කර ඇත්තේ.
මේ අතර, සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර තිබෙනවා.
එසේම, එහිදී මියගිය ඉන්දීය ජාතික රැඳවියකු සම්බන්ධයෙන් ද තවමත් හඳුනා ගැනීමේ කටයුතු අවසන් වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, අදාළ මරණ පරික්ෂණ වාර්තා අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එවන් පසුබිමක, රැඳවියන්ගේ ඥාතීන් ඊයේ (08) දිනයේත් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ සිටි අතර බන්ධනාගාර නිලධාරින් සහ පොලිසිය එක්ව ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නා ෴
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
(09.07.2026 – 09:27 +0530 – sinhala.adaderana.lk)
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.
වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් හෙට (10) සිට සතියක කාලයක් අධ්‍යයන කටයුතු ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.
+++
+
බුලත්සිංහල OIC රිමාන්ඩ්
(09.07.2026 – hirunews.lk)
ස්ථානාධිපති නිල නිවස තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වූ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කර තිබෙනවා.
සිද්ධියට මුහුණ පෑ කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරියෙන් පසු රාත්‍රී විවේකීව බට නිවාසයේ රැඳී සිටින අවස්ථාවේදී
සැකකාර ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති නිල නිවාසය තුළ සිට අලුයම 01:03 ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවේ වාඩි වී සිට ඇති අතර, ටීපෝවේ මත්පැන් බෝතලයක් තිබී ඇති බවත්, ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත මත්පැන් ස්වල්පයක් කොස්තාපල්වරයාද ලබාගෙන ඇති බවත් සඳහන්.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාට සෝපාවේ වාඩිවෙන ලෙස දැනුම් දී ඇති අතර, කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා පපු ප්‍රදේශය සිප වැළඳගෙන අනතුරුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට සූදානම්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඉන්පසුව නිලධාරියා මෙම ක්‍රියාවට බියවී එම ස්ථානයෙන් මිදී නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවට ද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා විසින් ළඟම ඥාතීන් සහ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.
ඉන්පසුව තමන් මෙම සිද්ධියෙන් දැඩි කලකිරීමට පත්වූ බවත්, පසුව නිවසට ගිය බවත්, පැමිණිල්ලේ සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම විධිමත් විමර්ශනයක් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග සහ උපදෙස් මත ආරම්භ කර සාක්කි සටහන් කර අපරාධ ස්ථානයද නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
වින්දිත නිලධාරියාව ඉකුත් මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මානසික වෛද්‍ය සායනයට හා සමාජ රෝග වෛද්‍ය සායනයට යොමු කර ඇති අතර, සියලු කරුණු සැලකිල්ලට ගෙන වින්දිතයා විසින් කරනු ලබන ප්‍රකාශය බැහැර කළ නොහැකි බවට සහ වෙනත් නිරීක්ෂණ නොමැති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
වින්දිත නිලධාරියාගේ දුරකථන අංකය, ස්ථානාධිපතිවරයාගේ දුරකථනය හා ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයෙන් මෙම සිද්ධියට අදාල දිනය ආවරණය කරමින් දුරකථන විශේෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව දුරකථන සම්බන්ධතා පැවැත්වීමද තහවුරු වී ඇති බවට ද අධිකරණය වෙත පොලිසිය දැනුම් දී තිබෙනවා.
සැකකරු වෙනුවෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇපකරයක් යොමු කර අනතුරුව එම අපේක්ෂිත ඇපකරය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කෙරුණා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කරන ලද විමර්ශන අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා, අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණයේ සැලකිල්ලට යොමු කරමින් සැකකාර ස්ථානාධිපතිවරයා බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
කණ්නාඩි කුට්ටම නොදැම්ම එක හොඳයි… නැත්තං කඳුළු පේන්නේ නැති වෙන්ඩ තිබුණා (08.07.2026)
+
තමන්ගේ පුත්තුන්ගෙ වයසේ නිළධාරීන්ට අම්මලා වඳිනවා (08.07.2026)
+
පටි දැම්මට වැඩක් නෑ, ඇමතිගේ කලිසම හැළිලා ඉවරයි (08.07.2026)
+
මීගමුව බන්ධනාගාර කැරැල්ලේ කුඩු කල්ලි ගැටුමට එහා ගිය ඇත්ත (08.07.2026)
+
දිලීප පීරිස් තහඩු කෑලි කිව්වේ ජනාධිපති විභූෂණවලට. මිට වඩා හොඳයි ප්‍රභාකරන්ට සැලියුට් ගහන්න කිව්වනම්. (08.07.2026)
+
පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අද තත්වය (වීඩියෝ සහිතයි) (08.07.2026)
+
මාලිමා මන්ත්‍රී බූරු ගහන වීඩියෝ එක (08.07.2026)
+
ඇමති අයින් වෙන්න කිව්වෙ කවුද? එපා කිව්වෙ කවුද? (08.07.2026)
+
චරිත්ලගෙ කතාවෙ අනිත් පැත්තෙ කතාව (08.07.2026)
+
ආණ්ඩුවට ප්‍රශ්න 8 ක්, කතෝලික සභාවට 1 ක්! මීගමුව බන්ධනාගාර සිද්ධියේ ඇත්ත (08.07.2026)
+
කොළඹ ඩෙංගු මඩින්න පුරපතිනිට නොහැකි ඇයි? සොයුරු ක්‍රිස් බල්තසාර් හෙලි කරයි. (08.07.2026)
+
මීගමුව බන්ධනාගාර සිදුවීම හරහා ඇරඹුණේ ආණ්ඩුවේ කුමණ්ත්‍රණයක්ද? නලින්ද වැලිකල අසයි ! (08.07.2026)
+
88/89 මෙන් ලංකාව මිණී කන්නන්ගේ දේශයක් බවට පත් වෙයි! (08.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴