කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප – කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප – කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
(08.07.2026 – hirunews.lk)
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) නියෝග කළා.
එසේම, සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
මෙම සිද්ධියට අදාලව එම කාර්යාලයේ සේවය කරන ලද අනෙක් සාක්ෂිකරුවන්ගේ බැංකු වර්තා සහ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සැකකාරියට කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම ද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්විමෙන් නතුරුව මෙම නියෝගය නිකුත් වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 02 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල, වෙළුම්වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම යන වැරදි සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
දණ්ඩ නීති සංග්‍රහයේ 109, 113 සමග කියවිය යුතු 113(ආ), 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධියට අදාල නඩුව යළි හෙට (09) කැඳවිමට නියමිතයි ෴
රටම කැලඹූ මීගමුව සිද්ධියේ නවතම තත්ත්වය
(08.07.2026 – 19:03 +0530 – sinhala.adaderana.lk)
රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (08) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් අද (08) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.
මේ අතර ගැටුම් ඇති වූ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් (1) අතුරුදන්ව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10 ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.
එමෙන්ම බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා ඊයේ (07) ප.ව. 03:15 ට පමණ මීගමුව මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ තිබේ.
බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවදුරටත් රඳවා සිටීම හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මැද, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇය බන්ධනාගාරයට පැමිණ ඇත.
මෙහිදී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයේ දොරටු, රැඳවියන් මියගොස් සිටි ස්ථාන, වෙඩි වැදුණු ස්ථාන මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කෙරුණු ස්ථානද නිරීක්ෂණය කර ඇති බව සඳහන්ය.
එසේම බන්ධනාගාරයේ අවි ගබඩාවද ඇයගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, රැඳවියන් ලබාගත් ටී-56 ගිනි අවිය ද පරීක්ෂා කර තිබේ.
කෙසේ නමුත් බන්ධනාගාරය තුළ තවත් රැඳවියන් පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ස්ථානීය පරීක්ෂණයෙන් අඩක් පමණක් සිදුකර ඇති අතර, අනෙක් රැඳවියන් ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරි කොටස නිරීක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වේ.
ගැටුම්කාරී තත්ත්වය ඇතිවන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ගේ දැඩි තදබදයක් පැවතී ඇති අතර, ඉන් 63% ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව සඳහන්ය.
මේ අතර රැඳවියන් පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් අදත් මීගමුව බන්ධනාගාරය වෙත මෙන්ම, ගැටුමෙන් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණු මීගමුව මහ රෝහල අසළට පැමිණ තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් සහ ඔවුන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ පහරදීමේ සිද්ධියෙන් නිලධාරීන් 8 දෙනකු සහ රැදවියන් 20 දෙනකු මේ වන විට මිය ගොස් තිබේ.
ඉන් තුවාල ලැබූ ගණන 100 කට අධික අතර, රැඳවියන් විශාල පිරිසක් මේ වනවිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.
+++
JC ආණ්ඩුවට හොඳටම දොස් කියයි – මේක නිය පොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් (08.07.2026)
+++
මීගමුව සිද්ධිය ගැන පාඨලී පොයින්ට් එකට කියයි (08.07.2026)
+++
බන්ධනාගාර නිළධාරීන් සුදනෝ නෙවෙයි – අසේල සම්පත්ගේ හිර ගෙදර අත්දැකීම් හෙළි කරයි (08.07.2026)
+++
රැඳවියන්ට පහර දිදී – ඇමති ජේලර්ලාගේ මලසිරුරු ගාව අඬනවා – සිවිල් සංවිධාන (08.07.2026)
+++
පළිගැනීමේ රැල්ල අරඹයි? වැලිකඩට ආ රැඳවියා ඝාතනය කරලා? පළමු බිල්ල අවිශ්ක, සුරේෂ්ට ගහලා? (08.07.2026)
+
මාතර මිනිස්සු අමාරුවේ දාපු රුහුණු ක්‍රෙඩිට් – ඔබත් මේ වංචාවට අහු වුණාද ? (08.07.2026)
+
‘ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා’ට අයිති රු. කෝටි 5.7 ක දේපළක් තහනම් කෙරේ
(08.07.2026 – 16:02 +0530 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 5.7 ක දේපළ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ.
මෙම දේපළ සදහා හිමි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස සැලකෙන ‘මොහොමඩ් ෆවුසි හිදායා’ නොහොත් ‘ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා’ මේ වන විටත් දේපළ අත්හැර පලාගොස් තිබේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදවා අත්පත් කරගෙන ඇති බව අනාවරණය වූ රුපියල් කෝටි 5.7 කට අධික දළ වටිනාකමකින් යුත් දේපළ දෙකක් (2) දින හතක (7) කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට නියෝග කර තිබේ.
පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් ෆවුසි හිදායා’ සහ ඇයගේ සමීපතමයන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා දේපළ හා වත්කම් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව, 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ ම/උ බි 5241/24 යටතේ කරුණු වාර්තා කර තිබේ.
විමර්ශනවලදී වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පර්චස් 20 ක පමණ ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 5 ක පමණ දළ වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගපේ ප්‍රදේශයේ පර්චස් 9.5 ක පමණ ඉඩමක් සමඟ පිහිටි නිවසක් හා කඩකාමරයක් ද නීතිවිරෝධී ආදායම් යොදවා අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
එම දෙවන දේපළේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බව ද සඳහන් වේ.
මෙම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ විසින් දින හතක (7) කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති අතර, පනතේ 8(2) වගන්තිය යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 8(1) වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
මේ අතර, සැකකරුවන් මේ වන විට ප්‍රදේශය හැරගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
+++
‘ග්‍රෑන්ඩ්පාස් ලොකු’ගේ රු. කෝටි 6 ක දේපළ තහනම් කළ ‘මිෂන්’ එක මෙන්න (08.07.2026)
+
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය 2026 – දින ප්‍රකාශයට පත් කෙරේ (08.07.2026)
+
නුවරඑළිය බස් නැවතුම්පොළ හදිසියේම ගිලා බසී (08.07.2026)
+
ලැබ්වලින් ටෙස්ට් කරගෙන පොසිටිව් වෙන ඒවා අපිට වාර්තා වෙන්නේ නැහැ | ඩෙංගු ලෙඩ්ඩු නිසා PHIලට තවත් අවුලක් (08.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴