අක්ෂි සැත්කම්වලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 04 කට වන්දි දෙන්න අනුමැතිය
අක්ෂි සැත්කම්වලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 04 කට වන්දි දෙන්න අනුමැතිය
(07.07.2026 – hirunews.lk)
අක්ෂි සැත්කම්වලින් පසු ‘ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට්’ ඖෂධය ලබා දීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ රෝගීන් සිව්දෙනෙකුට (4) වන්දි ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය 2023-03-03 සහ 2023-05-16 අතර කාලය තුළදී ‘ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට්’ දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සඳහා භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස් පෙනීම අහිමි වීම හෝ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබුණා.
ඒ පිළිබඳව පැවති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහි දී අක්ෂි ශල්‍ය කර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබෙනවා.
ඊට අමතරව අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හැර අනෙකුත් රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී ‘ප්‍රෙඩිනිසිලෝන් ඇසිටේට්’ දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක් වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් අන්ධ භාවයට පත් තවත් රෝගීන් 04 දෙනෙකු සඳහා ද වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ ඇති.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී රෝගීන් 04 දෙනා සඳහා ද, එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා ෴
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි – ලැජ්ජයි ඇමතිතුමා විලි ලැජ්ජයි (07.07.2026)
+++
මීගමුවේ සිද්ධිය ආණ්ඩුවට කළු පැල්ලමක් – සිරකරුවන්ට වෙඩි තියපු අයට දඬුවම් කරන්න (07.07.2026)
+++
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත මෙන්න (07.07.2026)
+++
වෙඩි තියන්න කවුද ඕඩර් එක දුන්නේ – දයාසිරි වෙච්ච හැමදේම එළියට දායි (07.07.2026)
+++
පෝලිමට හැමෝම ලෑස්ති වෙලා ඉන්න – නාමල් රාජපක්ෂ ආණ්ඩුවට සැරටම කියයි (07.07.2026)
+++
හිරේ ඉන්නේ මිනිස්සු නෙවෙයි සත්තු – අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි (07.07.2026)
+++
ඒකාබද්ධ විපක්ෂය හදිසියේ මාධ්‍ය කැඳවයි – ගැටුමට හේතුව මාධ්‍යට හෙළි කරයි (07.07.2026)
+++
අධිකරණ ඇමති සිද්ධිය දැනන් හිටියේම නැද්ද?හැමෝම හංඟපු තිත්ත ඇත්ත මෙන්න (07.07.2026)
+
මාලිමා – පාතාල නාට්‍ය මීගමුවේදී පත්තු වූ හැටි ? (07.07.2026)
+
රටම විනාස කරලා හෝ බලයේ ඉන්නද හදන්නේ ? මෙලෝ දෙයක් බැරි ගොබ්බ ආණ්ඩුවක් (07.07.2026)
+
දැක්කද, T56 න් කඳුළු ගෑස් ගහපු හැටි… බන්ධනාගාර ඇමති වහාම ඉල්ලා අස්වෙනු ! (07.07.2026)
+
පාතාලය මේ ආණ්ඩුවට අභියෝග කරනවාද ? (07.07.2026)
+
මීගමුව බන්ධනාගාරයේ කැරැල්ලේ ඇත්තම හේතුව මෙන්න. කුඩුකාරයන්ගේ වලිය දෙන්නෙක් මැරුණම ඉවරඋනා. (07.07.2026)
+
කටුවැල්ලේගොඩ සුරේෂ් බූස්සට! දෙවනි දවසේ ගැටුමට හේතුව කනේ පාරක්ද? (07.07.2026)
+
මීගමුව බන්ධානාගාරයේ ගැටුම : පළමු ද්විත්ව ඝාතනය ඇතුළු ඝාතන කීපයකට සම්බන්ධ 11 දෙනෙක් හඳුනා ගැනෙති! (07.07.2026)
+
ජනපති ඝාතන සැලසුම (07.07.2026)
+
ඇමති ඉල්ලා අස්වෙයිද? (07.07.2026)
+
මීගමුවේ සිද්ධියත් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් බව මෝඩ තරිඳු කියයි? (07.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴