මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ – කාන්තා රැඳවියන් තවමත් විරෝධයේ

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ – කාන්තා රැඳවියන් තවමත් විරෝධයේ


මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ – කාන්තා රැඳවියන් තවමත් විරෝධයේ

(07.07.2026 – 05:36 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබේ.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැසක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇති අතර, කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේය.

ඊයේ (06) රාත්‍රියේ මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පිළිබදව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ.සී. ගජනායක මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර තවත් පුද්ගලයින් 58 දෙනෙකු මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.

එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු (2) මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වුණි.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.

බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ ආරක්ෂාව සඳහා අගුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඊයේ (06) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් වි‍ශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුව පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබද සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර ඊට හේතුවූ කරුණු, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇති වීම වැළැක්වීම සඳහා ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතය.

මේ අතර අදාළ ගැටුමෙන් මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබාදී තිබේ.

මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා හඳුනා ගැනීමට අද දිනයේ අවස්ථාව ලබාදී ඇති බව මීගමුව රෝහල සඳහන් කළේය ෴

+++

බන්ධනාගර ගැටුම මැද විපක්ෂයම හදිසි සාකච්ඡාවක් කැඳවයි ! ඉල්ලා අස්වෙන්න අධිකරණ ඇමතිට බලපෑම් (07.07.2026)

+++

මීගමුව බන්ධනාගාර සිදුවීමේ මෘතදේහවල තිබෙන අභිරහස් පැල්ලම් මොනවාද? (07.07.2026)

+++

මීගමුව හිරගෙදර සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු (1) මියයයි : මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට

(07.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු (1) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට ගොස් තිබෙනවා.

ඊට රැඳවියන් 20 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 7 ක් ඇතුළත් ෴

+++

වගකීම භාර අරන් විතරක් මදි මිත්‍රයා – ඇමැති ධුරයෙන් අයින් වෙන්න – මෛත්‍රී ගුණරත්න (07.07.2026)

+++

මීගමුව බන්ධනාගාරය ළඟ අද (07) උදේ දර්ශන – නෑදෑයින් ඉකි ගගහා අඬපු හැටි මෙන්න (07.07.2026)

+++

බන්ධනාගාරය තුළට වෙඩි තිබ්බේ කවුද ? – අණ දුන්නේ කවුද ? – නිලධාරීන්ටත් වැඩ වරදින ලකුණු (07.07.2026)

+++

රටම කළඹපු වීඩියෝව ගැන තොරතුරු එළියට – ඒ තිබ්බේ ජීව උණ්ඩද ? රබර් උණ්ඩද ? (07.07.2026)

+


මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

(07.07.2026 – hirunews.lk)

මොරටුව විශ්වවිද්‍යාලය ලබන 21 වනදා දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ, විශ්වවිද්‍යාලය තුළ ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ වනවිට විශ්වවිද්‍යාලය තුළින් ඩෙංගු රෝගීන් 50 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව සඳහන් ෴


බලවේග කට්ටල හිඟයෙන් කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

(07.07.2026 – 11:53 +0530 – sinhala.adaderana.lk)

ධාවනය සඳහා ප්‍රමාණවත් බලවේග කට්ටල (Power Sets) නොමැති වීම හේතුවෙන්, දිනපතා ධාවනය වූ කොළඹ – කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරක් (4) පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව, මීට පෙර දිනපතා උදෑසන 05:15 ට ගල්කිස්සෙන් ආරම්භ වී, උදෑසන 05:45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 01:50 ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය, 2027 ජූලි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දින හතරේ (4) පමණක් ධාවනය කිරීමට නියමිතය.

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ද මේ වන විට දිනපතා ධාවනය නොවන අතර, එය ධාවනය වන්නේ දිනක් හැර දිනක් පමණි.

මෙම නව සංශෝධනයත් සමඟ සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදෑසන කාලයේ කොළඹ සිට යාපනය හෝ කන්කසන්තුරය දක්වා ධාවනය වන කිසිදු දුම්රියක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.

එම දිනවල කන්කසන්තුරය බලා ධාවනය වන එකම දුම්රිය වන්නේ රාත්‍රී 08:00 ට පිටත්වන රාත්‍රී තැපැල් (Night Mail) දුම්රිය පමණි.

දුම්රිය හිඟය හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන මගී ජනතාව මේ වන විටත් දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට වගකිවයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

මේ හේතුවෙන් ඉදිරි කාලයේදී මෙම දුම්රිය අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අවධාරණය කර සිටියි ෴


ඊළඟ ඡන්දය දිනන්න මාලිමාව ගැසූ රහස් සැලසුම එළියට ඩයස්පෝරාවත් හවුල් (07.07.2026)

+


පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප

(07.07.2026 – hirunews.lk)

ඌව විශ්ව විද්‍යාලයේ පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 03 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පුද්ගලයෙකු රු. ලක්ෂ 20 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (07) නියෝග කළා.

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය සිදු කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා නොවැම්බර් 03 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා ෴


පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති සිසුවියක් අබිරහස් ලෙස මිය යයි

(07.07.2026 – hirunews.lk)

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී වයස අවුරුදු විසිහයක (26) කාන්තා මළ සිරුරක් හමුවූ බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි ‘මාන්නමරක්කළගේ නදුනි සහශ්‍රි කුරේ’ නමැති අවිවාහක කාන්තාවකි.

මියගිය මෙම කාන්තාව තනිවම මෙම නිවසේ සිට ඇති අතර, ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයෙකුගේ අධිකරණ කටයුතු ද සිදුකර ඇති බවයි වර්තා වන්නේ.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් සැකයක් පවතින අතර මෙය සියදිවී හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පානදුර කොට්ඨාස ස්ථාන පරීක්ෂණ නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි දන්වා සිටියේ ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *