මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන CCD සහ CIDයෙන් විමර්ශන

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන CCD සහ CIDයෙන් විමර්ශන


මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන CCD සහ CIDයෙන් විමර්ශන

(06.07.2026 – 21:10 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඒ සඳහා වන අධිකරණ නියෝගයක් ද මේ වනවිට ලබාගෙන ඇති බව සඳහන්ය.

එහි ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත.

ඉන් රැඳවියන් 19 දෙනෙකු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ද සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියාසිටියේ, අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව ද සඳහන්ය.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර බන්ධනාගාරයේ කටයුතු අඬාල කිරීම මොවුන්ගේ මුලික අරමුණ වී තිබී ඇතැයිද පැවසු අධිකරණය අමාත්‍යවරයා, ගැටුමට මුලික වූ රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට සහ වැලිකඩට යොමුකිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

+++

අධිකරණ ඇමති වහාම ඉල්ලා අස් වෙන්න – සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ හදිසියේ කැඳවයි (06.07.2026)

+++

අද (06) උදේ අලුත් යුනිට් එකක් ඇතුළට යවලා – මීගමුව ගැටුම ගැන දයාසිරි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි (06.07.2026)

+++

කාළගෝට්ටිය ඇතිකළ කල්ලි මාරු කෙරේ | යුධ ටැංකි පවා ගෙනල්ලා | මීගමුව බන්ධනාගාරයේ සවස් යාමයේ දර්ශන (06.07.2026)

+++

වත්මන් ආණ්ඩුවේ ඇති අදූරදර්ශී ක්‍රියාවන් මෙම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට හේතු වී ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. (06.07.2026)

+


“කාන්තාවන්ට නිදා ගන්න ඉඩ නැතුව රෑ හිටන් ඉන්නේ” මීගමුව ගැටුම ගැන හිරුණිකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (06.07.2026)

+


මරණ 39 යි – 97 කට රතු නිවේදන | බස්නාහිර ඩෙංගු මඩින මෙහෙයුමේ | අද (06) දවසේ සාරාංශය මෙන්න (06.07.2026)

+++

+


බස්, කෝච්චි එනකම් මහ පාරේ රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි – මෙන්න අද (06) එළියට ආපු සුපිරි ඇප් එක (06.07.2026)

Best Travel App in Sri Lanka.
Find Buses and Trains Across the Island.

+++


Hiru TV Salakuna Live | Rajitha Senaratna | Episode 535 | 2026-07-06

+


Derana 360 | ආචාර්ය චන්න ජයසුමන – උප සභාපති සර්වජන බලය (06.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *