ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකයෙක් (පාලන) අත්අඩංගුවට
(06.07.2026 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයකුගේ ජීව දත්ත ඇතුළත් කර ඉදිරිපත් කළ අයදුම් පත්‍රයෙන් නිසි පරික්ෂාවකින් තොරව බාරයට ගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් (පාලන) අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා.
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශයේ විමර්ශන ඒකකය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘හේවා පේදිගේ දිනූක චතුරංග’ නොහොත් ‘කෙහෙල්වත්තේ දිනූක’ යන අයගේ ඡායාරූපය සඳහා වෙනත් පුද්ගලයකුගේ ජීව දත්ත ඇතුළත් කර තිබියදී අදාළ අයදුම් පත්‍රයේ නිසි පරික්ෂාවකින් තොරව බාරයට ගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම මගින් ආගමික විගාමික පනතේ 45(2)(1)වගන්තියේ සඳහන් ආධාර අනුබලදීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
51 හැවිරිදි සැකකරු මාතර, මඩිහ, කනත්තෙගොඩ පාර පදිංචිකරුවෙක් වෙන අතර සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
Infinity Rover පිරිමිඩාකාර යෝජනා ක්‍රමය ගැන විමර්ශන
(06.07.2026 – hirunews.lk)
Infinity Rover නමින් නීති විරෝධී තහනම් පිරිමිඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පාරිභෝගික දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව එහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ බැංකුව විසින් තහනම් කරන ලද නීති විරෝධී පිරමීඩාකාර සමාගමක් මෙලෙස පවත්වාගෙන යන බවයි ෴
එකම පුතුගේ උදුලු පහරින් පියා ජීවිතක්ෂයට – ආනන්තරීය පාප කර්මයක් !
(06.07.2026 – hirunews.lk)
පිළියන්දල, හැඩිගම ප්‍රජා මණ්ඩල පාරේ පදිංචිව සිටි 78 හැවිරිදි දෙදරු පියෙකු, ඔහුගේ එකම අවිවාහක පුත්‍රයා විසින් නිවෙස තුළදී උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විජයදාස පෙරේරා නමැති 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එකම නිවසේ ජීවත් වූ මියගිය පියා සහ සැකකාර පුත්‍රයා අතර දිගු කලක සිට විවිධ ආරවුල් පැවතී ඇති බවයි.
ඊයේ (06) රාත්‍රී 11:00 ට පමණ දෙදෙනා (2) අතර යළිත් බහින්බස් වීමක් හටගෙන ඇති අතර, එහිදී කුපිත වූ පුත්‍රයා නිදන කාමරය තුළදී පියාගේ හිසට සහ මුහුණට උදැල්ලෙන් දරුණු ලෙස පහර දී ඇතැයි පොලිසිය පවසනවා.
මෙම පහරදීම හේතුවෙන් පියා ඇඳ මතම ඇද වැටී ඇති අතර, ඔහුගේ දෙපා ඇඳෙන් පිටතට වැටී තිබූ බවත් සිද්ධිය වූ ස්ථානයේ ඇඳ සහ ඇඳ පාමුල විශාල ලෙස ලේ ගලා ගොස් තිබූ බවත් පොලිසිය සඳහන් කරනවා.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත පිළියන්දල පොලිසිය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
සිද්ධිය වූ ස්ථානයට කැස්බෑව අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා පැමිණ ස්ථානීය පරීක්ෂණය සහ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා.
ඉන් අනතුරුව, සිරුර පිළිබඳ පශ්වාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරයකු ලවා පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට නියම කළා ෴
+++
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
(ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය. මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවේ.)
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18 ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
(06.07.2026 – hirunews.lk)
මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් 18 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස කොළඹ ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් මේ වන විට දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම තවත් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගෙන යමින් සිටින බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසුවා.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණේ ඊයේ (05) පස්වරු 01:00 ට පමණයි. මෙම ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් බවට මේ වන විට තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා.
‘කලුමිනී රවිඳු සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරු මූණා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ නමැත්තා විසින් බන්ධනාගාරය තුළ මෙම ගැටුම මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීගමුව බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු රඳවා සිටින බවට වාර්තා වනවා. ඒ අනුව මෙම ගැටුවද මෙහෙයවා ඇත්තේ ‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ නමැත්තා විසින් බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ නමැත්තා ‘කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකරුට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව මොහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව ද පොලිසිය සඳහන් කළා.
නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට හා තවත් පුද්ගලයකුට පහරදී ගස් බැඳ විහාරයේ දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම පුද්ගලයාට එරෙහිව 2016 වසරේදී නාරම්මල අධිකරණයේ නඩුවක්ද පැවැති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුව අද (06) මීගමුව බන්ධනාගාරයේදී සිදුවන අතරතුර තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ පවතින ඖෂධ ගබඩාව කඩා එහි තිබූ වේදනානාශක පානය කිරීමටද පියවර ගෙන තිබූ අතර ඔවුන් බන්ධනාගාරයේ කාර්යාලයේ ඉඹි යතුරු කඩා එහි තිබූ උපකරණවලටද හානිකර තිබු බවයි වාර්තා වන්නේ.
මෙම ගැටමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනකු මරුමුවට පත්ව ඇති අතර තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වුණා.
මෙම සිද්ධියෙන් ඊයේ (05) දිනයේදී මියගියේ රැඳවියන් දෙදෙනෙක් (2). ඒ, නාත්තන්ඩිය අශෝකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ‘ගයාන් සම්පත්’ නමැත්තා සහ මීගමුව – බෝලවලාන ප්‍රදේශයේ පදිංචිව සිටි රැඳවියෙක් (1).
මේ අතර ඊයේ (05) රාත්‍රියේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි රැඳවියන්ගේ ඥාතීන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස හැසිරුණා.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක අප කළ විමසීමකදී සඳහන් කළා.
මේ වන විට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් මීගමුව බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය සමතයකට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ ෴
+++
රැඳවියෙකුගේ අම්මා කෙනෙකුට සද්දේ දාලා එළවලා – ඊයේ (05) නිවුණු මීගමුව අද (06) ඇවිළුණු හේතුව මෙන්න (06.07.2026)
+++
වේරගොඩ සර් තමයි ඔක්කෝටම තිබ්බේ – මීගමුව උණුසුම (06.07.2026)
+++
මීගමුව ගැටුමේ තවත් දර්ශන මාධ්‍යට – රැඳවියන්ගේ නෑදෑයින් සහ ආරක්ෂක අංශ ගැටෙයි (06.07.2026)
+++
25 ක් එලොව යැවූ බන්ධනාගාරගැටුම මෙහෙව්වේ සුරේෂ් ? කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙක් (06.07.2026)
+
‘පුරාවිද්‍යා දෙසතිය’ හෙටින් (07) ඇරඹෙයි
(06.07.2026 – 07:45 +0530 – sinhala.adaderana.lk)
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවය.
සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිත අතර, හෙට ඇරඹෙන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව බව ද සඳහන්.
පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් “ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.
මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“ජූලි මාස හත්වෙනිදා පුරාවිද්‍යා දෙසතිය ආරම්භ වීමට නියමිතයි. මෙවර පුරාවිද්‍යා දෙසතියේ මූලික තේමාව හැටියට අපි නම් කොට තිබෙන්නේ ‘උරුමයට ජීවයක්’ කියන තේමාව. ඒ තුළින් අපි අදහස් කරන්නේ අපේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන, ඒ ස්ථාන සමහර තැන් තිබෙනවා සංරක්ෂණය කළ යුතු, සමහර ස්ථාන තිබෙනවා කැණීම් කළ යුතු, අන්න එවැනි ස්ථාන වෙනුවෙන් මේ කටයුත්ත අපි යොදාගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරි කාලය තුළ ‘උරුමයට ජීවයක්’ පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීම කියන මූලික වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ජූලි හත්වෙනිදන් පටන් ගන්න පුරාවිද්‍යා දෙසතිය තුළ ආරම්භක කාර්යයක් හැටියට අපි එවැනි ස්ථාන සීයයක් හඳුනාගෙන, වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”
“ජනතාව මේ ස්ථාන වෙනුවෙන් කරන කැපවීම, මැදිහත්වීම යම් මට්ටමකට අඩුයි. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි කල්පනා කළා මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගත්තහම ඒ ස්ථානයේ නිශ්චිත පුරාවිද්‍යා ස්ථානයක් හැටියට නම් කරලා, ඒ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ සහභාගිත්වය සහිතව ප්‍රජා සංරක්ෂණ කමිටුවක් ගොඩනගන්න. ඒ ප්‍රජා සංරක්ෂණ කමිටුව හරහා තමයි ඇත්තටම එතනින් අනතුරුව ඒ ස්ථානයේ කෙරෙන කැණීම් කටයුත්තක් කෙරෙනවද, ගවේෂණ කටයුත්තක් කෙරෙනවද, සංරක්ෂණ කටයුත්තක් කෙරෙනවද කියන එක පිළිබඳව යෝජනා අදහස් ලබාගන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊට අදාළ තාක්ෂණික දැනුමක් තියෙන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිතව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාව මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානත් එක්ක සම්බන්ධ වුණහම අපි අර බලාපොරොත්තු වෙන ආරක්ෂා කර ගැනීම ක්‍රියාකාරීව කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ පරමාර්ථය මූලික කරගෙන පුරාවිද්‍යා දෙසතිය තුළ මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සංවිධානය කර තිබෙනවා” ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴