මීගමුව බන්ධනාගාරයේ අද (06) දින යළිත් ඇති වූ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට – 100 කට අධික පිරිසකට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) දින යළිත් ඇති වූ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට – 100 කට අධික පිරිසකට තුවාල


මීගමුව බන්ධනාගාරයේ අද (06) දින යළිත් ඇති වූ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට – 100 කට අධික පිරිසකට තුවාල

(06.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) දින යළිත් ඇති වූ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී සහ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ගැටුම පාලය කිරීමට සූදානම්ව ඇති බවයි.

මෙම උණුසුම්කාරී තත්වය ඊයේ (05) දින පෙරවරුවේ පටන් ආරම්භව තිබූ අතර එය සවස්වරුවේදී පාලනය කරමින් තිබූ තත්ත්වයක් මත අද (06) මෙම තත්වය ඇති විණි.

බන්ධනාගාර රැඳවියන් පිරිසක් අද (06) උදෑසන සංවිධානාත්මක කළ මෙම ගැටුම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කළා.

බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් ඊයේ (05) එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකු (4) ද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක සඳහන් කළේ.

සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800 කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, තත්ත්වය අසාධ්‍ය වූ බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් (04) වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිලධාරීන් සිව්දෙනෙක් (4) ෴

+++

රැදවියන්ගේ ඥාතීන් මහ රෑ රෝහල වටලයි, ඥාතීන් හඩා වැටෙමින් පළාතම දෙවනත් කරයි (06.07.2026)

+++

මීගමු බන්ධනාගාරය යළි ගිනියම්, නිලධාරීන් එක්ක රැදවියන් යුද වදී, STF සහායට හතර වටින්ම පොලීසි කැදවයි (06.07.2026)

+++

නිලධාරීන්, රැදවියන් 8 ක් මරුට, මීගමු ගැටුමේ තවත් දර්ශන, ඇතුළේ එකම යුද්ධයක්, එළියේ ඥාතීන් ලතෝනි තියයි (06.07.2026)

+++

මීගමු බන්ධනාගාර ගැටුමේ තුවාලකරුවන් පිළිගන්න කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සීරුවෙන් (06.07.2026)

+++

මීගමු බන්ධනාගාර ගැටුමෙන් 17 දෙනෙකු මරුට | දැන් ලැබුණු දර්ශණ මෙන්න | ගිලන් රථ පෝළිමක් වෙඩි වගේ ඇතුලට (06.07.2026)

+++

බන්ධනාගාරය එළියෙත් උණුසුම් | මිනිස්සු තාප්පය වටේ විලාප තියයි | එළියෙත් කැරැල්ලක් වගේ (06.07.2026)

+++

මීගමුව උණුසුමේ ඔබ නොදුටු දර්ශන – රැඳවියන්ගේ නෑදෑයින් මීගමුව දෙවනත් කරයි (06.07.2026)

+++

මීගමුව බන්ධනාගාරයේ තුවාල ලැබූ රැඳවියන් කොළඹට (06.07.2026)

+++

මීගමු ගැටුමෙන් මිය ගිය ගණන 25 ක් වෙයි, තුවාල ලැබූවන් 100 පනිද්දී ජාතික රෝහලේ ලොකු කලබලයක් (06.07.2026)

+++

බන්ධනාගාර ගැටුමින් මියගිය අය අතර නිලධාරීන් 5 ක් – රැඳවියන් 20 ක්

(06.07.2026 – 14:08 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් මියගිය 25 දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සදහන් කළාය.

මෙම ගැටුම හේතුවෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අද (06) පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැණුනි.

එහිදී රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කළ අතර තත්ත්වය පාලනය සඳහා පොලිසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවනු ලැබීය.

අප වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවය.

උදෑසන 10:00 ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කරගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ව වහාම රෝහල් වෙත රැගෙන යනු ලැබීය.

අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු විය.

මේ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබේ.

ඩ්‍රෝන යානා 02 ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සදහන් කළේය.

එමෙන්ම එහි ආරක්ෂක තත්ත්වය පාලනයට තවත් හමුදා සාමාජකයින්ද යොදවා ඇත ෴

මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි ෴

+++

“පිටිපස්සෙන් පන්නගෙන ඇවිත් නිලධාරීන්ට ගැහුවා” මීගමු බන්ධනාගාර දොරටුවේ පාලනය නිලධාරීන් අත්පත් කර ගනී (06.07.2026)

+++

මේක දැන් පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ – ගම්මන්පිල බන්ධනාගාර ගැටුම ගැන .. (06.07.2026)

+


මේ ලංකාවෙද කියලා හිතෙනවා – ලංකාවේ විශාලතම දුම්රිය අනුරූ ප්‍රදර්ශනාගාරය – The Turnout Model Railway (27.04.2025)

+++

+

රුවන්වැලිසෑයේ රු. කෝටි 4000 මැණික් හොරකම ගැන සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න..! (05.07.2026)

+++

Professor P. B. Mandawala
(Congratulations ! from ‘Devaputhra Mara’.)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *