2025 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
(05.07.2026 – hirunews.lk)
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (05) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එහිදී නිල වෙබ් අඩවි ලෙස,
https://doenets.lk/ සහ https://results.exams.gov.lk/ වෙබ් අඩවි භාවිත කළ හැකියි.
ඒ සඳහා සිසුන්ට තමන්ගේ විභාග අංකය (Index Number) හෝ ජාතික හැඳුනුම්පත් අංකය (NIC Number) ඇතුළත් කළ යුතු වෙනවා.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් හෝ ගැටලුවක් පවතින්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා තොරතුරු ලබාගත හැකි අතර, ඒ සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකියි.
ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 011 278 4208 / 011 278 4537 / 011 278 5922
ෆැක්ස් අංකය : 011 278 4422
හොර නමක් හදාගෙන විජේදාස ඩොලර් මිලියන 250 කට විදලා.. ගෑනියෙක් උස්සන් ගිහින් ඒ ගැනීට ඩොලර් මිලියන 4.5 දුන්නා (02.07.2026)
+
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට : රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
(05.07.2026 – hirunews.lk)
අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘සිහින දිල්සර’ නැමැත්තා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහුව (04) දින සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරට වෙත රැගෙන එනු ලැබුවා.
ගාල්ල, බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන අදාල සැකකරු, අදාළ ඝාතනය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
සැකකරු මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 116 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා ෴
මීගමුව බන්ධනාගාරය ලෙයින් තෙත් කළ ගැටුමේ සම්පූර්ණ කතාව
(05.07.2026 – 19:01 +0530 – sinhala.adaderana.lk)
මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම ‘බූරු මූණා’ නම් පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සුරේෂ්’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
එහිදී රැඳවියන් දෙදෙනකු (2) මියගොස් ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මීගමුව මහ රෝහල සඳහන් කළේය.
පොලීසිය සඳහන් කළේ බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු (2) කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවය.
කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.
මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි.
එහි රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් සිටියි.
එම රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණේ අද (05) දහවල් කාලයේදීය.
බන්ධනාගාරය තුළ සිටි එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් (2) අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
ගැටුම දුරදිග යාමත් සමඟ බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
එහිදී බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ටද කළහකාරී ලෙස හැසිරෙන රැඳවියන් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණෙන් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් පොලීසිය පවසයි.
එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් එහි වහලය මත නැගී විරෝධතාවක නිරත වන අයුරු දැකගත හැකිවිය.
පොලීසිය සඳහන් කළේ ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් ඔවුන් විරෝධයේ නිරත වූ බවය.
මේ අතර මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.
ඒ රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින්.
පසුව පොලීසිය මැදිහත්ව රෝහල්ගතකළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්තාව ලබාදුන්නේය.
මේවනවිටත් තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයට සහ අවට පරිශ්‍රයේ ස්ථානගතකර තිබේ.
+++
බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4 ක් රෝහලට
(05.07.2026 – 21:28 +0530 – sinhala.adaderana.lk)
මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් පසු, පිරිමි රැඳවියන් පිරිසක් එහි වහළ මත නැග විරෝධතාවක නිරත වූහ.
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතරතුර අද (05) පස්වරුවේ එහි වහලය කඩාවැටී ඇත.
ඉන් තුවාල ලැබූ රැඳවියන් සිවුදෙනෙකු (4) මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය ෴
+++
මීගමුව බන්ධනාගාරය සන්සුන් වෙයි
(05.07.2026 – 22:08 +0530 – sinhala.adaderana.lk)
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කරගැනීමට හැකිවූ බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.
මෙම ගැටුවෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු (2) මරණට පත්ව ඇති බව හෙතෙම පැවසීය.
එමෙන්ම තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යවා ඇති බවද ඔහු සඳහන් කළේය.
“අද දිනය වනවිට මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු රඳවා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී එහි ඇතුළත තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන්ගෙන් ද සහාය ලැබුණා. මීට අමතරව, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද සම්බන්ධ වුණා”.
කාන්තා රැඳවියන් සිටින කොටසේ ද යම් උණුසුම් තත්ත්වයක් ඇති වුවද, එය ද පාලනය කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රෝහල් ගත කර සිටින කාන්තා රැඳවියන් කිසිවෙකු නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
“මෙම සිදුවීම බන්ධනාගාර රැඳවියන් අතර පමණක් ඇති වූ ගැටුමක්. ඒ සඳහා නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නෑ. රැඳවියන්ගේ ඥාතීන් කිසිදු අනියත බියක් හෝ කලබලයක් ඇති කර නොගන්න. රෝහල් ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය ඇතුළු විස්තර හෙට (06) ලබාදීමට කටයුතු කරනවා”.
මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇත.
එමෙන්ම රැඳවියන්ගෙන් ඉල්ලීම් කිහිපයක්ද ලැබී ඇති අතර, එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
+++
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවීමට කමිටුවක්
(06.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කණ්ඩායමක් පත් කර තිබෙනවා.
ඊයේ (05) දහවල් ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම ගැටුමට මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවා දීමේ සිද්ධියක් මුල් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය පියවර ගෙන තිබුණා.
පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කළ පිරිස අතරින් රැඳවියන් දෙදෙනෙකු (2) මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, බරපතල තත්ත්වයේ පසු වූ තවත් රැඳවියන් දෙදෙනෙකු (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි ෴
+
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම : අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
(05.07.2026 – hirunews.lk)
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති පොදු සමාව යටතේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව සිටි ‘මොහාන් කරුණාරත්න’ට නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දී තිබෙනවා.
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරිපිටදී අනුරාධපුර මහාධිකරණයේදී මෙම හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙත වෙන් වෙන් වශයෙන් වූ අධි චෝදනා 5 ක් මෙලෙස කියවා භාර දී තිබෙනවා.
ඒ වන විට අධිකරණය හමුවේ පවතින නඩු 28 ක සංඛ්‍යාවක විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකුට, ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව හැඟවෙන පරිදි කූට ලේඛන සකස් කර, එම කූට ලේඛන අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර අදාළ විත්තිකරු නීතිවිරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කර මුදාහැරීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි.
වර්ෂ 2025 ක් වු මැයි මස 01 වැනි දින සහ වර්ෂ 2025 ක් වු මැයි මස 14 වැනි දින දක්වා වු කාල සීමාව තුළදී පළමු වන චූදිත බන්ධනාගාර අධිකාරිව කටයුතු කරමින් කේ.06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරණ නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රදවා සිටි දෙවන චූදිත එනම්, එම සිරකරුවන ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ හට සුදුසුකම නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චුදිත නීත්‍යනුකූල දඩුවමින් බේරා ගැනිමේ හෝ දෙවන චුදිත යටත්විය යුතු දඩුවමින් අඩු දඩුවමකට යටත් කිරීමේ අදහසින් එකී වරද සිදුකිරිමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවත්, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදු කරන ලද බවත්, එබැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) වගන්තිය සහ 102 වන වගන්තිය සමග කියවිය යුතු 214 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට මෙම චුදිතට එරෙහිව අධිචෝදනා පහක් යටතේ නිතිපතිවරයා චෝදනා නගා තිබුණා.
චුදිතට එරෙහි අධිචෝදනා කියවා භාරදීමෙන් අනතුරුව එම අධි චෝදනා 5 ටම තමන් නිවැරදිකරු බව හිටපු බන්ධනාගාර අධිකාරි ‘මොහාන් කරුණාරත්න’ අධිකරණයට පවසා සිටියා.
අනතුරුව හිටපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රුපියල් විසි පන්දහසක් (25,000) වටිනා මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 ක් වටිනා ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙසට මහාධිකරණයෙන් නියෝග කළා.
එක් ඇපකරුවෙකු ළගම ඥාතියෙකු විය යුතු බවට නියම කළ අධිකරණය, ලබන අගෝස්තු මස 06 වැනි දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද විත්තිකරුට නියෝග කළා.
මෙම නඩුවේ දෙවන (2) විත්තිකරු ලෙස නම් කොට සිටින්නේ ජනපති පොදු සමාව යටතේ නීති විරෝධීව බන්ධනාගාරයෙන් නිදහස්ව ගිය ‘ඩබ්.එම්. අතුල තිලකරත්න’ නමැත්තායි.
මෙම වරද සිදුකිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ආධාර අනුබල ලබාදීම යටතේ මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කොට කියවා භාරදෙනු ලැබුවා.
එල්ල කර ඇති චෝදනාවන්ට තමන්ද නිවැරදිකරු බව දෙවන විත්තිකරු අධිකරණයට ප්‍රකාශ කළ පසු, ඔහු ද මුදල් සහ ශරීර ඇප මත මුදහැරීමට අධිකරණය නියම කළා.
වෙනත් මුල්‍ය වංචා සිද්ධියකට අදාලව මේ වන විට පස් වසරක (5) බරපතල වැඩ සහිතව දඩුවම් විදිමින් සිටින දෙවන (2) විත්තිකරු අධි චෝදනා භාරදීම සඳහා අනුරාධපුර බන්ධනාගාරය මගින් මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි – හිටපු ට්‍රැෆික් ඕඅයිසී 06 තෙක් යළිත් රිමාන්ඩ්
(05.07.2026 – hirunews.lk)
යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී අස්ථානගතවූ ගිනිඅවිය යටියන්තොට පාලම අසල කැලණි ගගේ තිබී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
සැකකාර පොලිස් නිලධාරියා භාරයේ තිබූ මෙම ගිනිඅවිය පොලිස් නාවික කිමිදුම් කොට්ඨාසය විසින් යටියන්තොට පාලම අසල කැලණි ගගේ සිදු කරනු ලැබූ පරීක්ෂාවකදී අද (05) පෙරවරුවේ එලෙස සොයා ගෙන තිබුණා.
මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් ජුනි මස 27 වැනිදායි. ඒ, සිය රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
මෙම නිලධාරියා ඉකුත් 26 වැනිදා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේදී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10 ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාර දී නොමැති බවට වාර්තා වුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴