ප්‍රවේශමෙන්! ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක්
(04.07.2026 – sinhala.asianmirror.lk)
ශ්‍රී ලංකා පොලිසිය විසින් අන්තර්ජාලය හරහා සිදුවෙන වංචාවක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව ඔබට ඕනෑම ආයතනයකින් ඊමේල් (Email) පණිවිඩයක් ලැබුණු විට, එහි නම (Display Name) එක පමණක් නොව, සැබෑ ඊමේල් ලිපිනය (Email Address) දැයි හොදින් නිරීක්ෂණය කල යුතුය.
ඉතා සියුම් අකුරු වෙනස්කම් (උදාහරණයක් ලෙස m වෙනුවට rn යෙදීම) මඟින් වංචාකරුවන් ඔබව නොමඟ යැවීමට උත්සාහ කරන බැවින්, සෑම අකුරක්ම වෙන වෙනම පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
‘ඔබගේ ගිණුම දැනටමත් අවහිර කර ඇත’, ‘පැය 24 ක් ඇතුළත මුරපදය වෙනස් කරන්න’ හෝ ‘මුදල් ත්‍යාගයක් දිනා ඇත” වැනි ක්ෂණිකව ක්‍රියාත්මක වීමට බල කරන පණිවිඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. වංචාකරුවන් උත්සාහ කරන්නේ ඔබ කලබලයට පත් කර, සිතීමට කාලය නොතබා ඔබේ දත්ත සොරකම් කිරීමටයි.
කිසිදු විශ්වාසවන්ත ආයතනයක් හෝ බැංකුවක් Email, SMS හෝ Call මඟින් ඔබගේ Passwords, PIN අංක හෝ OTP කේත කිසිවිටෙකත් ඉල්ලා සිටින්නේ නැත. එවැනි තොරතුරු ඉල්ලන කිසිවෙකුටත් තොරතුරු ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය අනතුරු නිවේදනයක් නිකුත් කර ඇත ෴
අභීත විවාදය කෑවද ? (03.07.2026)
+
තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නැද්ද ? (03.07.2026)
+
ආණ්ඩුව ජනතාව අතර පජ වෙලා ඉවරයි… තවත් හෝදන්ඩ ට්‍රයි කරන්ඩ එපා (04.07.2026)
+
හරිනි විවෘත කරපු පොසොන් කලාපයට මොකද වුණේ ? (03.07.2026)
+
මහා බෝධි පරිශ්‍රයේ කැනීම් කරේ කාගේ අවසරයෙන්ද. බුද්ධ චීවරයට හැංගිලාවත් මේක විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ (03.07.2026)
+
හරක් කටාගේ සල්ලි ටිකක් රිටන් කලේ විජේදාසගේ නිවසක (03.07.2026)
+
මීට වඩා තක්කඩි ඉන්නව නම් අටපට්ටමට කියන්න (03.07.2026)
+
මාපලගමගෙ කතුර නැතිවෙලා (03.07.2026)
+
මාලිමා මන්ත්‍රීගෙ බැංකු පොල්ල (04.07.2026)
+
පැලවත්තෙ ඔලු බක්කගෙ තර්ජනය (04.07.2026)
+
ජනතාවට මරණ සහතික ලියැවෙද්දී, එතෙර සැප විඳින ව්‍රායි කැලී බල්තසාර්! (03.07.2026)
+
දිලීප පීරිස්ට තහඩු කෑලි වූ අනන්ත කැපකිරීම් කර හිමිකර ගත් පදක්කම් වල සැබෑ කතාව (03.07.2026)
+
බුදුන් වදින එකටත් කුණුහරපෙන් බනින සමාජයක් බිහිවුනේ කොහොමද? : කුමුදිනී බණ්ඩාර (04.07.2026)
+
දකුණේ ත්‍රස්තයන් විසින් උතුරේ ත්‍රස්තයන් සැනසීමද මේ වෙන්නේ ? (03.07.2026)
+
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
(04.07.2026 – 21:24 +0530 – sinhala.adaderana.lk)
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.
එම සැකකරු වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙයි.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
+
දුම්රිය මැදිරි 2 ක් මහනුවර සිට මහ පාරෙන් පේරාදෙණියට! (03.07.2026)
+
ජනාධිපති තක්කඩියෙක් – උදය ගම්මන්පිල (04.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴