හෙට (05) සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

හෙට (05) සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්


හෙට (05) සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

(04.07.2026 – 13:14 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23 ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙම මෙහෙයුම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23 ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.


අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට ‘සත්‍ය ගවේශකයෝ’ ප්‍රතිචාර දක්වයි

(04.07.2026 – 10:45 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීමට අදාළව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාෂය, රටේ පවතින නීතියේ ආධිපත්‍යට පටහැනි බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පෙන්වා දෙයි.

කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් එම සංවිධානයේ නිර්මාතෘ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනයෙන් ඔහු සඳහන් කර ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින්නේ විනිසුරුවරයෙකුට තීන්දුවක් ලිවීමේදී ඇති නිදහස මත පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පාලනය කරන ආයතනික රාමුවේ පවතින විනිවිදභාවය සහ අඛණ්ඩතාවය මත බවය.

‘උසස් අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ප්‍රමාදය සම්බන්ධවයි’ යනුවෙන් නිකුත්කළ,


සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්

(04.07.2026 – hirunews.lk)

2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 23 වැනිදායින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (03) සිට මෙලෙස අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි.

ඒ අනුව, පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරුන් මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් යොමු කළ යුතුයි ෴


ඩෙංගු මඩින්න කඩුවෙලින් අපූරු වැඩක් : ‘කුණු පොළ’

(04.07.2026 – 12:13 +0530 – sinhala.adaderana.lk)

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් ‘කුණු පොළ’ නමින් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

පරිසරය පිරිසිදුව තබා ගනිමින් කසළ විධිමත්ව බැහැර කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන, පැලවත්ත බටපොත පිහිටි රොබට් ගුණවර්ධන මාවත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නැංවේ.

මෙමඟින් ප්‍රදේශයේ නිවාසවල එක්රැස් වන, මදුරුවන් බෝවීමට ඉඩ ඇති ද්‍රව්‍ය, පැරණි ටයර් සහ දිරාපත් නොවන වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ඇත ෴


උතුරු නැගෙනහිරට වෙනම බලයක් දෙන්න ආණ්ඩුව හදන සැලැස්ම – විමල් රට කැළඹෙන හෙළිදරව්වක් කරයි (04.07.2026)

+


එක පාරටම දඩාං ගාලා සද්දයක් ආවා – මිනිහා හොඳටම බීලා – ට්‍රාන්ස්පෝමර් කණු තුනක් විනාශයි (04.07.2026)

+


අපි හිරවෙලා හිටියේ – මිනිස්සු අපිව බේරගත්තේ නෑ – ආව හැමෝම තෙල් එකතු කරගෙන ගියා (04.07.2026)

+


රටම කතා කරපු මුදල් නොදුන්න මූල්‍ය ආයතනය මෙන්න – නොදන්න තැන්වල සල්ලි දැම්මා නම් ඔයාටත් ‘සොරි’ (04.07.2026)

+


කොල්ලන්ට ආස නැටුම් ගුරා නටපු දහ අට වන්නම – ඉස්කෝලේ පිරිමි ළමයි 03 කට වැඩේ දීලා (04.07.2026)

+


‘හිරු’ එකේ ‘අම්මා’ නාට්‍යයටත් මේක බලපාලා ස්වාමීනි – චරිත්, රඛිත අවදානමක! – චමුදිතත් උසාවියට (04.07.2026)

+


පාසල් 40% කම ඩෙංගු, මදුරුවෝ දෂ්ඨ කරන වෙලාවත් නොසිතූ විදිහට වෙනස් වෙලා… මරණත් උඩයයි, තත්ත්වය භයානකයි (04.07.2026)

+


කෝච්චි, මහ පාරේ යනවෝ… දුම්රිය මැදිරි 2 ක් මහනුවර ඉදන් මහ පාරෙන් පේරාදෙණියට (04.07.2026)

+


අපි අපේ ළමයි නැති කරගන්නවා, මේ පෙරේත වැඩේ කළොත් නම් අපිට සුගතියක් නෑ! (04.07.2026)

+


තහඩු කතාවෙන් දිලීපගේ නීතිඥ පට්ටම ගැලවේ | ප්‍රමිෂ්කලා හැදූ ලංකාවේ ඉහල මැදි ආදායම (04.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *