නව බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

නව බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි


නව බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

(03.07.2026 – hirunews.lk)

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ අනුව එදින සිට ක්‍රියාත්මක නව ගාස්තු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන්.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් සඳහා පසුගිය 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

  1. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩි වීම) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සාමාන්‍ය බස් සේවා වල බස් ගාස්තුව සියයට දොළහකින් (12%) වැඩි කිරීම,
  2. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සාමාන්‍ය සේවාවල බස් ගාස්තුව සියයට විස්සකින් (20%) කින් වැඩිකිරීම,
  3. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී සේවා බස් ගාස්තුව මෙන් සියයට දොළහකින් (12%) කින් වැඩි කිරීම,
  4. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී බස් ගාස්තුව මෙන් සියයට පහලොවකින් (15%)කින් වැඩි කිරීම,
  5. ගරු අභියාවනා අධිකරණයේ නඩුකරයක් පවතින බැවින් අර්ධ සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු ඉහත 01 හා 02 හි වැඩිවන සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකයි දශම පහකින් (1.5) වැඩිකර ක්‍රියාත්මක කිරීම,

පසුගියදා සිදුකෙරුණා.


ලිට්‍රෝ ගෑස් මිල පහළට

(03.07.2026 – 19:52 +0530 – sinhala.adaderana.lk)

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව,

  • කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,465 කි.
  • කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792 කි.
  • කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 835 කි ෴

මහනුවරින් පේරාදෙණියට මහා මාර්ගයෙන් ගිය දුම්රිය මැදිරි

(03.07.2026 – 18:45 +0530 – sinhala.adaderana.lk)

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්වූ මහනුවර – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කඩුගන්නාව සහ රඹුක්කන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (03) ආරම්භ කෙරිණි.

දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන්, සන්නිවේදන උපකරණ හා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය දුම්රිය මැදිරි දෙකක් (2) මහනුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන මහා මාර්ගය ඔස්සේ රැගෙන යනු ලැබීය.

මෙහි විශේෂත්වය වූයේ, දුම්රිය මැදිරි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බර වාහන ප්‍රවාහන ට්‍රක් රථය ශ්‍රී ලංකාව තුළදීම නිපදවන ලද්දක් වීමය.

දුම්රිය මැදිරි දෙකම මේ වන විට මහා මාර්ගය ඔස්සේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, දුම්රිය එන්ජිමද මෙම රථය මඟින්ම පේරාදෙණිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.

+


ඩෙංගු වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක්

(03.07.2026 – 18:23 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත්, රෝගය වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා :

“මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය අපි දකිනවා. මදුරුවෝ බෝවෙන ස්ථාන අවම කරනවා වගේම මදුරුවෝ දෂ්ට කිරීමත් අවම කරන්න අපි කටයුතු යොදන්න ඕනේ. හවසට 05:00 ත් 07:00 ත් අතර පුළුවන් තරම් ඉක්මනට ජනේල් වහලා මදුරුවෝ ගේ ඇතුළට එන එක වළක්වා ගන්න. ඊට අමතරව අත්දිගට කමිසයක්, කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් මදුරුවෝ දෂ්ට කිරීම අවම කරගන්නත් පුළුවන්. ඩෙංගු රෝගය හැදුනොත් රෝග ලක්ෂණ විදිහට උණ සමඟ ඇස් යට කැක්කුම, හිසරදය, ඇඟපත රිදෙන එක, හන්දි කැක්කුම වගේ රෝග ලක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. හැබැයි ඩෙංගුවලින් සංකූලතා කීපයක් පසුගිය දිනවල අපි දැක්කා.

විශේෂයෙන්ම ඩෙංගුවලට පසුකාලීනව මොළයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් කලාතුරකින්. දෙවනුව, ඩෙංගු නිසා පේෂිවල අස්ථිවල කැක්කුමක් ඇතිවෙන්න පුළුවන්. තුන්වනුව, ඩෙංගු නිසා හෘදය වස්තුවට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඊටත් අමතරව කලාතුරකින් ඩෙංගු හැදුනාට පස්සේ දිගටම උණ තියෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අඩුවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ රෝගී තත්ත්වයක්.”

“ඩෙංගු සාමාන්‍යයෙන් හැදුනාට පස්සේ දවස් හතක් – අටක් (7 – 8) වෙනකොට හොඳ වෙනවනේ. ඩෙංගු හොඳ වෙනකොට ළමයාගේ ආහාර රුචිය වැඩිවෙනවා, ළමයා හිනාවෙනවා.. රෑෂ් එකක් ඇතිවෙනවා අත් කකුල් කසන්න ගන්නවා වගේ තත්ත්වයක් එන්නේ නැතුව දිගටම උණ පවතිනවා ළමයාගේ ලෙඩ තත්ත්වය දිගටම තියෙනවා නම් සමහර වෙලාවට මේක HLH කියන ඒ ප්‍රතිශක්තිකරණයේ උණතාවය ඇතිවීම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී අපි CPK කියන ඒ පරීක්ෂණය කරනවා. එහෙම වුණොත් විවේකය ඉතාමත් අවශ්‍යයි. ස්වභාවික සුදු පාට දියර වර්ග දරුවන්ට බොන්න දෙන්න. එමඟින් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්.

ඊට අමතරව රුධිර පට්ටිකා 150 ට වගේ අඩු වුණොත් සමහර වෙලාවට අපිට මේ දරුවාව ඇතුළු කරලා පරීක්ෂණ කරලා බලන්න වෙනවා. ඩෙංගු රක්තපාත උණ තත්ත්වය හරි ඩෙංගු කම්පන තත්ත්වයන් වගේ තියෙනවා නම් කොහොමත් රෝහලක පරීක්ෂා කරලා, රෝහලක පැය 48 ක් හෝ ඊට වැඩි දවස් ගානක් අපිට දරුවාව බලාගන්න වෙනවා. ඉතින් ඩෙංගු තාමත් මාරාන්තිකයි..”

මේ අතර ගතවු දිනයේදී ඩෙංගු රෝගීන් 1200 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 57,668 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම ඒකකය පෙන්වා දී ඇත.

අද (03) දිනයේත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්වුනු අතර එහිදී රජයේ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරිණි ෴


අභියාචනා යොමු කළ පහ (5) ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

(03.07.2026 – 17:37 +0530 – sinhala.adaderana.lk)

2025 වසරේ පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත දෙවන වටයේ අභියාචනා යොමු කරන ලද සිසුන් සඳහා ලැබී ඇති පාසල් ප්‍රකාශයට පත් කර ති‌බේ.

එම පාසල් https://g6application.moe.gov.lk වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැක ෴


වෙළඳසැලක් බිඳ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(03.07.2026 – 16:47 +0530 – sinhala.adaderana.lk)

හොරණ, අඟුරුවාතොට මාර්ගයේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 22 ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු වේ.

අදාළ සැකකරු මීට දින 10 කට පමණ පෙර ජංගම දුරකතන අලෙවි සැලේ ඉදිරිපස වීදුරුවෙහි අගුල කඩා එයට ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇත.

එමෙන්ම ඔහු එදිනම එම ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට ද ඇතුළු වී දුම්වැටි, කිරි පැකට් ඇතුළු රුපියල් 66,000 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ද සොරා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව පොලීසිය විසින් සිදු කළ දින 10 ක පමණ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

ඔහු විසින් සොරා ගත් ජංගම දුරකතන, විකිණිම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දී ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 1993 වසරේ සිට 2015 වසර දක්වා ගෙවල් බිඳුම් ඇතුළු සොරකම් 15 ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු හෙට (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


චරිත්, රඛිත මගේ ඉස්සරහදිමයි රු. ලක්ෂ 1000 ඩිරාම් වලින් ගත්තේ | හර්බි සියල්ල සුදාට හෙළිකරයි | 30.06.2026

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *