දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද? – දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව

දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද? – දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව


දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද? – දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව

(02.07.2026 – 19:30 +0530 – sinhala.adaderana.lk)

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) ඔසුසල් මඟින් පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන සේ වෙළෙඳපොළට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාවට නැංවෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර, එයද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ ෴


ලංකාවෙ ආණ්ඩු පෙරලන්න ඒජන්තලට ඩොලර් එන හැටි ! (02.07.2026)

+


හාමුදුරුවො හිතන්නෙ මේ ලෙන්ගතුකමටයි කියලයි… ඒත් ජේවීපීකාරයො ඊට වැඩ වෙනස් වර්ගයක් (02.07.2026)

+

තරිඳුලා දෙන්නම කරන්නෙ එකම බිස්නස් එකක්… ළඟදීම ඒගොල්ලොත් ඔය මායාවෙන් මිදෙයි (02.07.2026)

+

ඔය කසිප්පුකාරයො කොහොමද රජ කරවන්නෙ… අඩුකුලේ හැත්ත කියලනෙ නොකියා කිව්වෙ (02.07.2026)

+


හරක් කටාගේ අල්ලස් ජාලයේ පැටළුණු නම් ලැයිස්තුවක් ජනාධිපති ළඟ – මෙන්න විස්තර (02.07.2026)

+


රාජපක්ෂ පිල්ලෙයාන් තියාගෙන හිටියේ මාසෙට රු. ලක්ෂ 150 ගානේ දීල. නවුෆර් මවූලවීගේ සාක්ෂිය ගත්තේ බලහත්කාරයෙන් (02.07.2026)

+


දිනේෂ් සාෆ්ටර්ගේ අභිරහස් මරණය දිගහැරෙයි! (02.07.2026)

+


රාජ්‍යයට ද්‍රෝහීවීම සහ පක්ෂපාතීවීම (02.07.2026)

+

චරිත්ගේ යාලුවෝ සහ අනුරගේ යාලුවෝ (02.07.2026)

+


කවදා නිමවේද මේ ජනපති ආතල්? 8% පචය සහ ටිල්වින්ගේ ඩොලර් 500 (02.07.2026)

+

මහ බැංකු බෝම්බයෙන් බේරුණු ත්‍රීවීල් සභාපති ලලිත් ධර්මසේකරගේ ජීවිත කතාව (02.07.2026)

+


‘වට්ස්ඇප්’ පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්

(02.07.2026 – hirunews.lk)

මෙටා (Meta) සමාගමේ යෙදවුමක් වන වට්ස්ඇප් (WhatsApp) විසින් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති ‘පරිශීලක නාම’ (Useames) විශේෂාංගය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එම සමාගමට නියෝග කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මෙටා සමාගම වෙත නිල ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන අංකය හෙළි නොකර, වෙනත් අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන මෙම නව විශේෂාංගය හරහා අන්තර්ජාල මූල්‍ය වංචා, ව්‍යාජ අනන්‍යතා මවාපෑම් (Impersonation) සහ සයිබර් අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ඉන්දීය රජය සැක පළ කරන අතරම විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හෝ ප්‍රමුඛ පුද්ගලයින්ගේ නමින් ව්‍යාජ ගිණුම් සකසා මහජනතාව මුළා කිරීමට අපරාධකරුවන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව දින 3ක් ඇතුළත පැහැදිලි කිරීමක් කරන ලෙසත්, රජය සමඟ පවත්වන සාකච්ඡා නිමාවන තෙක් මෙම විශේෂාංගය ඉන්දියාව තුළ දියත් නොකරන ලෙසත් වට්ස්ඇප් මෙටා සමාගම වෙත දන්වා ඇති අතරම මේ පිළිබඳව අදහස් දක්වමින් වට්ස්ඇප් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම විශේෂාංගය තවමත් සක්‍රීය කර නොමැති අතර, ව්‍යාජ ගිණුම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ සත්‍යාපිත (Verified) ගිණුම්වලට අදාළ පරිශීලක නාමයන් කලින්ම වෙන් කර තබා ගැනීමට පියවර ගන්නා බවයි.

මිලියන 500කට අධික පරිශීලකයින් සිටින වට්ස්ඇප් හි විශාලතම වෙළෙඳපොළ වන්නේ ඉන්දියාවයි. මීට පෙර ටෙලිග්‍රෑම් (Telegram) සහ සිග්නල් (Signal) යන යෙදුම් ද මෙලෙස දුරකථන අංක සැඟවීමේ විශේෂාංග හේතුවෙන් ඉන්දීය රජයේ දැඩි පරීක්ෂාවට ලක්වුණා ෴


අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(03.07.2026 – 06:37 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා රුපියල් 4,386,219 ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ෆේස්බුක් හා ටෙලිග්‍රෑම් හරහා සබඳතා ගොඩනගා ගනිමින් මෙම වංචා සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු විසින් රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ හයදහස් දෙසිය දහනමයක් (4,386,219) වංචා කර එම මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවද හෙළිවී ඇත.

සැකකරු වයස අවුරුදු 23 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (04) පැය 12 ක ජල කප්පාදුවක්

(03.07.2026 – 11:40 +0530 – sinhala.adaderana.lk)

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 09:00 සිට රාත්‍රී 09:00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවය.

ඒ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදු වනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය මින් පෙර පැවසුවේ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට හෙට උදෑසන 09.00 සිට පැය 12 ක ජල කප්පාදුවක් සිදුවන බවය.

විදුලිබල සැපයුම් පද්ධතිය ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරේ ෴


ඩෙංගු රෝගීන් 57,000 ඉක්මවයි – ගත වූ පැය 24 තුළ රෝගීන් 1,253 ක්

(03.07.2026 – 10:57 +0530 – sinhala.adaderana.lk)

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668 ක් වී ඇති අතර, මරණ 35 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,253 ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,811 ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,443 ක් රෝගීන් වාර්තා වී තිබේ ෴

++++

Hiru TV Balaya Live | Episode 648 | 2026-06-02

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *